Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාවට සහාය දුන් හේතුව ඉන්දීය විදේශ ඇමති හෙළිකරයි
    Featured

    ශ්‍රී ලංකාවට සහාය දුන් හේතුව ඉන්දීය විදේශ ඇමති හෙළිකරයි

    By LFNDecember 8, 2022No Comments1 Min Read275 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ දරුණුතම ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේත් ඊට සහයෝගය දැක්වීමට ඉදිරිපත් නොවන්නේ නම් ඉන්දීයාව අසල්වැසියෙකු ලෙස සිය වගකීම් පැහැර හැරිමක් සිදුකරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.

    ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිසංකර් ඊයේ (07) එරට පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර ඇත්තේ, වත්මන් ඉන්දීය රජය එම වගකීම නිසි ලෙස ඉටු කර ඇති බවය.

    එම්.ඩී.එම්.කේ පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වයිකෝ විසින් ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එම අදහස් පළ කර තිබේ.

    සිය රජයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ඊයේ දිනයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළ අතර එහිදී වයිකෝ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාවේදී ඉන්දීයාව අදාළ යෝජනාවට ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියේය.

    ඊට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිසංකර් සඳහන් කළේ, ඉන්දීයාව ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්ද ප්‍රකාශ කිරීමට නොපැමිණියේ ඉන්දීයාවේ දීර්ඝකාලීන ස්ථාවරයට අනුව බවය.

    එය ඉන්දීය වත්මන් රජය ද අනුගමනය කළ අතර ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාව වෙනුවෙන් ආමන්ත්‍රණය කළ හැකි වඩාත් ඵලදායිම ක්‍රමය එය බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

    ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමේදී වාර්ගික ප්‍රවේශයක් නොගන්නා අතර ඉන්දීයාව සහයෝගය ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු ජාතීන්ට බව එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.