Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට
    Business

    වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට

    By LFNDecember 7, 2022No Comments2 Mins Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2022 වසරේ මාර්තු මාසයෙන් පසු පළමුවරට වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළ ගොස් තිබේ.

    ඇඟලුම් අපනයන ආදායම පසුගිය ඔක්තෝබර් මාසයේ පහළ යෑම මීට ප්‍රධාන හේතුවවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,192ක් ලෙස සඳහන්ව තිබූ අතර එම ආදායම මෙම වසරේ ඔක්තෝබර් මසයේ සඳහන්ව තිබුණේ අමෙරිකානු ඩොලර් මිලියන 1,051ක් ලෙසය.

    පෙර වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව මෙම වසරේ ඔක්තෝබර් මස වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 11.9ක අඩුවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    මේ අතර මෙම වසරේ ඔක්තෝබර් මාසයේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ යථා තත්ත්වයට පත්වී තිබේ.

    පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ මගින් අමෙරිකානු ඩොලර් මිලියන 317ක් ලැබී තිබූ අතර මෙම වසරේ ඔක්තෝබර් මාසයේ ඒ මගින් අමෙරිකානු ඩොලර් මිලියන 355ක් ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

    එමෙන්ම සංචාරක ඉපැයීම මගින් ද පසුගිය ඔක්තෝබර් මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 76ක් උපයා ඇති බව සඳහන්ය.

    එය පෙර වසරේ ඔක්තෝබර් මස සංචාරක ඉපැයීමට අනුව අමෙරිකානු ඩොලර් මිලියන 27.4ක ඉහළයාමක් බව මහ බැංකුව සඳහන් කළේය.

    මේ වසරේ ජනවාරි මස සිට ඔක්තෝබර් මස දක්වා කාලය තුළ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ මගින් අමෙරිකානු ඩොලර් බිලියන 03ක පමණ මුදලක් උපයා ඇති අතර සංචාරක ඉපැයීම මගින් එම කාලය තුළ උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් ඇති බව සඳහන්ය.

    මේ අතර 2022 වසරේ ඔක්තෝබර් මාසයේ ආයෝජන භාණ්ඩ ආනයන වියදම පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව සියයට 42.5කින් පුළුල් ලෙස පහළ යෑමක් වාර්තා වන බව සඳහන්ය.

    එමෙන්ම මෙම වසරේ ඔක්තෝබර් මස අවසන් වනවිට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් වන අතර චීන මහජන බැංකුවෙක් ලද අමෙරිකානු ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම ද මෙයට ඇතුළත් බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ශීඝ්‍රයෙන් ඉහළට

    May 28, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026

    මුදල් ප්‍රතිපත්තිය ඉහළට

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.