Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආණ්ඩුව ගැන ජනතා ප්‍රසාදය සියයට දහයක් වත් නෑ
    Featured

    ආණ්ඩුව ගැන ජනතා ප්‍රසාදය සියයට දහයක් වත් නෑ

    By LFNNovember 30, 2022No Comments2 Mins Read218 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වර්තමාන ආණ්ඩුවට මැතිවරණවලට මුහුණ දීමට නොහැති තත්වයක් ඇති වී තිබෙන නිසා මන්ත්‍රීවරයෙක් ඉදිරිපත් කළ පෞද්ගලික පනතක් යොදාගනිමින් පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ උත්සහයක් ඇති බවත් නිසිපරිදි නිසිකාලයට ඡන්ද පැවැත්වීමට රජයට නියෝග කරන ලෙස ආයාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (29) පැවසීය.

    ප්‍රේමනාත් සී. දොලවත්ත මන්ත්‍රීතුමා තරුණ නියෝජනය වැඩි කිරීමේ අරමුණ ඇතිව පෞද්ගලික මන්ත්‍රී පනතක් ඉදිරිපත් කළ බවත් ඉමිතියාස් බාකීර් මාකර් මන්ත්‍රීතුමා ඊට මාස හතරකට පෙර එවැනිම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කර තිබුණ ද පාර්ල්මේන්තු සම්ප්‍රදායට පිටින් ගොස් පසුව ගෙනා පනත විවාදයට ගැනීමට සූදානම් වන බවත් මහාචාර්යවරයා කීය.

    පාර්ලිමේන්තුවේ සාමාන්‍ය සම්ප්‍රදාය පෙර ඉදිරිපත් කළ පනත විවාදයට ගැනීම බව කී ජී. එල්. පීරිස් මහතා කූට උපක්‍රමයක් ලෙස ඉමිතියාස් බාකීර් මාකර් මන්ත්‍රීතුමා පනත යට ගහලා ප්‍රේමනාත් දොලවත්ත මන්ත්‍රීතුමාගේ පනත ඉදිරියට ගෙනත් ඇති බව ද සඳහන් කළේය.

    වර්තමාන ආණ්ඩුව මැතිවරණවලට, ජනතාවට සහ ජනමාධ්‍යයට බිය කිසිඳු සුජාතභාවයක් නැති ආණ්ඩුවක් බවත් සියලුම මානව හිමිකම්වල උල්පත වන සර්වජන ඡන්ද බලය ආරක්‍ෂා කිරීමට විරුද්ධ පක්‍ෂය නියෝජනය කරන සියලුම දෙනා එකතු කටයුතු කරන බවත් ඒ මහතා කීය.

    ජනමාධ්‍යවලට නිදසේ කාර්ය කිරීමට අවස්ථාව නැති සමාජයක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් යැයි පිළිගත නොහැකි මෙන්ම මෙම තත්වය මත ජී.එස්.පී. ප්ලස් වැනි පහසුකම් තව දුරටත් ලැබේද යන්න සැක සහිත බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසුවේ තාක්‍ෂණික විමර්ශවලට අනුව සමස්ත රටේම රජයට තිබෙන සහයෝගය සියයට 10 කටත් වඩා අඩුවීම නිසා මැතිවරණ භිතිකාවක් ඇති බවත්ය.

    අයවැය ලේඛණය ඉදිරිපත් කිරීමට පෙර සහ පසු කරන්න තියෙන සියලු දේවල් කර ඇති නිසා අයවැය ලේඛණයේ ප්‍රායෝගික ප්‍රයෝජනයක් නොමැති බවත් ඒ අතර ජල ගාස්තු සහ විදුලි ගාස්තු නැවත වැඩි කිරීමට ද යෝජනා කරන බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

    ‘නිදහස ජනතා සභාව’ කොළඹදී අද (29) පැවැත්වූ මාධ්‍ය හමුවේදී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,460 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,416 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 202602 Views

    ඩුබායි හිදී අත්අඩංගුවට ගත්, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ශිරාන් බාසික්” නමැත්තා අද (14) රාත්‍රියේ දිවයිනට…

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026

    BRICS නියෝජිතයෝ මවිතයට පත්කළ සාංචි බෞද්ධ උරුමය

    August 12, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.