Close Menu
Lanka Focus News
    What's Hot

    ඌව‌ට සහ නැගෙනහිරට මි.මී 75 ඉක්මවූ තද වැසි

    September 8, 2026

    20ට ඉල්ලූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත්

    September 7, 2026

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කෝප්‍රල්ගේ සිට ෆීල්ඩ් මාර්ෂල් දක්වා ම වගකීම ඉටුකළ යුතුයි – ජනපති
    Featured

    කෝප්‍රල්ගේ සිට ෆීල්ඩ් මාර්ෂල් දක්වා ම වගකීම ඉටුකළ යුතුයි – ජනපති

    By LFNNovember 25, 2022No Comments3 Mins Read310 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මානව හිමිකම්වලට මුවාවී ප්‍රචණ්ඩත්වය සහ අරාජිකත්වය ඇති කිරීමට කිසිවිටෙකත් ඉඩනොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

    කිසියම් පාර්ශ්වයක් එවන් උත්සාහයක නිරත වන්නේ නම් ආරක්ෂක හමුදාව යොදවා එය සම්පූර්ණයෙන් ද මැඩපවත්වන බවද ජනාධිපතිවරයා පැවසීය.

    එවන් තත්ත්වයකදී තම වගකීම ඉටු කිරීමට හමුදාවේ පහළ නිලධාරියාගේ සිට ෆීල්ඩ් මාර්ෂල් දක්වා සියලු දෙනා බැඳීසිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “මම මේ විෂය ගැන කතා කරන්න කලින් ඊයේ පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ කරුණු දෙකක් ගැනත් විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි. මුජිබර් රහුමාන් මන්ත්‍රිතුමා ප්‍රකාශ කළා ජනාධිපතිතුමාගේ සිතේ තුන් බිය ඇතිවෙලා තිබෙනවා කියලා. මම ඔබතුමාට කියන්න ඕන තුන්බිය පුද්ගලයෙකුට ඇතිවෙන්න බැහැ. තුන්බිය ඇතිවුණේ විශාලා මහනුවර. රෝග බිය, අමුනුෂ්‍ය බිය, මරණ බිය ඒක ජන සමූහයකට ඇති වෙන්න පුළුවන්. එතුමාට ඒ කරුණ පැහැදිලි කරගන්න රතන සූත්‍රයට ඇහුම්කන් දෙන්න කියලා ‍මම කියනවා.. මරික්කාර් බිය, හිරුණිකා බිය රෝසි බිය තිබුණත් ඒවා තුන් බිය නොවෙයි.”

    “ඒ වගේම මගේ මිත්‍ර විජිත හේරත් මහත්තයා ප්‍රකාශ කළා අරගලයට පින්සිදු වෙන්න ජනාධිපති පුටුවේ වාඩිවූ රනිල් වික්‍රමසිංහ අද අරගලය මර්දනය කරනවා කියලා. මම ජනාධිපති ධූරයට පත් වුනේ අරගලයේ පිනෙන් නෙමෙයි. රටේ ජනාධිපති ධූරයෙන් ඉවත් වුණොත් ඒ තනතුර ගන්න ඕන අගමැති. අනික නීතියෙන් මම වැඩබලන ජනාධිපති වෙන්න තිබුණා. මට මේ ධූරයෙන් ඉවත් වෙන්න කියලා මගේ නිවස ගිනි තැබුවා.”

    “ඒ වගේම අපේ විපක්ෂ නායතුමත් අද මේ සභවේ දී ප්‍රකාශ කළා මම ජනාධිපතිකම ඉල්ලුවා කියලා. මම මේක ඉල්ලුවේ නැහැ. ඒ වෙනකොට රටේ ඇතිව තිබූ තත්ත්වය නිසා මම මේ ධූරය භාරගත්තා. මගෙන් මහානායක ස්වාමීන් වහන්සේලාත් මේ පිළිබඳ ඉල්ලීමක් කළා. මම ජනාධිපතිකම ඉල්ලුවේත් නැහැ. ලියුම් ලිව්වෙත් නැහැ. අද විපක්ෂ නායතුමාට අමතක වෙලා තිබෙනවා මැයි 12 වෙනිදා එතුමා ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට යවපු ලිපිය.”

    ගරු ජනාධිපතිතුමනි, විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජන බල සන්ධානයේ මූලිකත්වයෙන් අනෙක් පක්ෂ සමග එක්වී කෙටිකාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සමගි ජන බල සන්ධානයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කරමි.

    “ම‍ගේ කතාවෙන් පස්සේ මේ සම්පූර්ණ ලිපිය හැන්සාර්ඩ් එකට ඇතුළත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.”

    “අපි අලුත් නීති ගේන්න ඕන. අපි ආරක්ෂක මණ්ඩලය නීතියෙන් ස්ථාපිත කරනවා. ජාතික ආරක්ෂක උපදේශක තනතුර, ඒ වගේම ජාතික ආරක්ෂක ලේකම් කාර්යාලයක් ඇති කරන්න සැලසුම් කර තිබෙනවා. ඒ වාගේම ත්‍රිවිධ හමුදා කමිටුවක් පත්කරනවා ඒ නිලධාරින් සඳහා. මේ සියල්ල සාකච්ඡා කරලා මේ සභාවට ඉදිරිපත් කරන්නම්. අපට අවශ්‍ය වී තිබෙන්නේ අලුත් හමුදාවක් ලංකාවේ ඇති කිරීම‍ට. එය සිදු කිරීම සඳහා සීඝ්‍රයෙන් දියුණුවන ආර්ථිකයක් අවශ්‍යයි.”

    “අවස්ථාවක් ඇති වුණොත් ආණ්ඩුව ආරක්ෂා කර ගන්න ආරක්ෂක සේව‍යේ සිටින සෑම කෙනෙක්ටම වගකීමක් තිබෙනවා. ක්‍රෝප්‍රල්ගේ සිට ෆීල්ඩ් මාර්ෂල් දක්වා සියලුදෙනා එකතු‍වී මේ ආයතන ආරක්ෂා කරගන්න කටයුතු කළයුතුයි. මේ පිළිබඳ කැපවී කටයුතු කරන ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියේ සියලුදෙනාට මගේ ස්තූතිය පිරිනමන්න කැමතියි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඌව‌ට සහ නැගෙනහිරට මි.මී 75 ඉක්මවූ තද වැසි

    September 8, 202605 Views

    ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි…

    20ට ඉල්ලූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත්

    September 7, 2026

    එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද

    September 6, 2026

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.