Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රට ගිණි අරන් විපක්ෂය වීනා වයනවා
    Featured

    රට ගිණි අරන් විපක්ෂය වීනා වයනවා

    By LFNNovember 21, 2022Updated:November 21, 2022No Comments2 Mins Read220 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රෝමය ගිනි ගනිද්දි නීරෝ වීණා වාදනය කළ ආකාරයෙන් රට ගිනිගෙන ආර්ථික ප්‍රපාතයකට වැටී තිබියදී විපක්ෂය වීනා වාදනය කරන ආකාරයන් මැතිවරණ පවත්වන ලෙස ඉල්ලා සිටින බවත්, එලෙස ඉල්ලීම් කිරීමෙන් රටේ ප්‍රශ්න නොවිසෙඳන බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    2023 අයවැය දෙවනවර කියවීම පිළිබඳ අද (21දා) පාර්ලිමේන්තුවේ 06වැනි දිනට පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

    ජනාධිපතිතුමා ඉතාම පැහැදිලිවම කිව්වේ දුෂ්කර හා නිවැරදි මාවත තමන් තෝර ගත්තා කියලා. ඒක ජනප්‍රිය මාවත නෙවෙයි. විපක්ෂය කල්පනා කරනවා ජනප්‍රිය ප්‍රකාශ කරලා ජනප්‍රිය සටන් පාඨ කියලා ඒ තුළින් බලයට එන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපේ මාවත ජනප්‍රිය දේශපාලනය කිරීම නෙවෙයි මේ අවස්ථාවේ. දැන් බලන්න මහතීර් මොහොමඩ් මහතා. එතුමා ජනප්‍රිය දේශපාලනය කරේ නෑ. එතුමා පරාජයට පත්වුණා. නමුත් එතුමා මැලේෂියාව නව රාජ්‍යක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය ආර්ථික හා ප්‍රතිපත්තිමය තීරණය ගත්තා.

    ඒ නිසා අද අපිට තිබෙන්නේ අපේ දේශපාලන පැවත්ම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. අද තිබෙන්නේ රටේ පැවැත්ම පිළිබඳ, ජනතාවගේ පැවැත්ම පිළිබඳ අපේ ආර්ථිකය ගොඩනැගීමේ ප්‍රශ්නයක් තිබෙන්නේ. අපිටත් පුළුවන් ජනප්‍රිය දේශපාලන පාඨ කියලා ජනතාව තාවකාලිකව සනසන්න. නමුත් මේ තිබෙන ආර්ථික අර්බුදයෙන් අපිට ගොඩඑන්න පුළුවන්කමක් නෑ අපි ජනප්‍රිය නොවන තීරණ ගත්තේ නැතිනම්. අද විපක්ෂය කරන්නේ රෝමය ගිනි ගනිද්දි නීරෝ වීණා වාදනය කළා. ඒ වගේ රට ගිනිගෙන ආර්ථික ප්‍රපාතයකට වැටිලා තිබෙන වෙලාවේ විපක්ෂය වීණා වාදනය කරනවා මැතිවරණ ඉල්ලලා. ඒ තුළින් මේ රටේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,474 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.