Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගුරුවරයෙක් තවත් සිසුවෙක්ගේ කන පළයි
    Featured

    ගුරුවරයෙක් තවත් සිසුවෙක්ගේ කන පළයි

    By LFNNovember 18, 2022No Comments2 Mins Read230 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගුරුවරු විසින් සිසුන්ට කළ අමානුෂික පහරදීම් නිසා සිසුන් රෝහල් ගත කළ අවස්ථා පිළිබඳව පසුගිය දින කිහිපය පුරාම තොරතුරු වාර්තා වෙයි.

    එවැනි තවත් සිදුවීමක් පාදුක්ක ප්‍රදේශයෙන් වාර්තා විය.

    එහිදී පහරකෑමට ලක්ව තිබුණේ පාදුක්ක ප්‍රදේශයේ පාසලක 10 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.

    ඔහු පවසන්නේ පසුගිය 8 වනදා පාසලේ බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරයා තමන්ට පහරදීමක් කළ බවය.

    පහරදීම පිළිබඳව පංතිභාර ගුරුතුමියට පැවසූ පසුව සිසුවාට ලැබී ඇත්තේ අමුතුම ප්‍රතිචාරයකි.

    පහරකෑමට ලක්වූ සිසුවා පවසන්නේ, “අංශභාර ගුරුවරිය ළඟට එක්කගෙන ගියාම කිව්වා කන්බෙරය පැළිලා නැත්නම් අනිත් කනත් පැළෙන්න ගහනවා කියලා,” යනුවෙන් පැවසූ බවය.

    අනතුරුව මව්පියන් විසින් සිසුවා හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට සහ හෝමාගම මූලික රෝහල වෙත රැගෙන ගොස් තිබුණි.

    එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ පහරදීමෙන් සිසුවාගේ වම් කනට හානි සිදුව ඇති බවය.

    පාදුක්ක පොලීසියේ ස්ථානාධිපතිවරයා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පහරදීම සිදුකළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහුව අද (18) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත්ය.

    දරුවන්ට අවවාද අනුශාසනා කරමින් ඔවුන් යහමඟට යොමුකිරීම ගුරුවරුන්ගේ වගකීමක් වුවත් දරුවන්ගේ ජීවිත වලට පවා බලපෑම් වන මෙවැනි දඩුවම් කිරීම් සමාජය කිසිවිටෙකත් අනුමත නොකරයි.

    පහරකෑමට ලක්වූ සිසුවා පැවසුවේ, “බුද්ධ ධර්මය පීරියඩ් එක තියෙද්දි සර් ඇවිල්ලා අච්චු පොත් ගන්න කියලා කිව්වා. මම අච්චු පොත දාලා ඇවිල්ලා තිබුණෙ. පිටිපස්සෙ පෝලිම්වල ළමයි කෑ ගැහුවා. ඒ ළමයින්ට බැන්නා දෙතුන් සැරයක්ම. කියන දේ ඇහුවෙ නැහැ. මම පිටිපස්සෙ ළමයෙකුගෙන් අච්චු පොත ඉල්ලුවා. අච්චු පොත ඉල්ලද්දි පිටිපස්සෙ ළමයා එක්ක කෑ ගහනවා කියලා හිතලා තමයි සර් ළඟට ඇවිත් කොලර් එකෙන් අල්ලලා නැගිට්ටලා හයියෙන් අත දිගඇරලා ගැහුවා කම්මුලට. ඊට පස්සේ කන හෝ ගාන්න අරගෙන කූං ගාලා අමාරු වුණා. පන්තිභාර මිස් කිව්වා සෙමට හින්දා වෙන්න ඇති කන රිදෙනවා ඇත්තෙ. ඩෙස්ක් එකෙන් ඔලුව තියාගන්න කිව්වා. ඔලුව තියාගෙන ඉන්නකොට අංශභාර මනෝරි මිස් ආවා. එයා ඇවිල්ලා නැගිට්ටලා බැන්නා උඹ මේ හදන්නෙ සර් ව පොලිසි ගෙනියන්නද? වරෙන් යන්න ඉස්පිරිතාලෙට කියලා අතින් ඇදගෙන යන්න හැදුවා. කන බලලා කන්බෙරය පැළිලා තිබුණෙ නැත්නම් අනිත් කනත් පලනවා කිව්වා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,447 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,402 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026049 Views

    අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතු‍රට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි…

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.