Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඩයනා ට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලයි
    Featured

    ඩයනා ට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලයි

    By LFNNovember 16, 2022No Comments1 Min Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.

    සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

    එහි වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ, ආගමන හා විගමන පාලක, මහජන ආරක්ෂක ඇමතිවරයා, සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු පිරිසක් නම් කර තිබේ.

    පෙත්සම්කරු කියා සිටින්නේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බවය.

    මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එවැනි තැනැත්තියකට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බවත් එය නීතියට පටහැනි බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

    එබැවින් ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කොට එය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කර ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    එමෙන්ම ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය පිළිබඳ සියලු ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,474 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.