Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»හම්බන්තොට වරාය කලාපයේ කාර්යක්ෂම වරායවෙයි
    Business

    හම්බන්තොට වරාය කලාපයේ කාර්යක්ෂම වරායවෙයි

    By LFNNovember 15, 2022Updated:November 17, 2022No Comments2 Mins Read294 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) විශ්වාසනීයත්වය සහ නවෝත්පාදනය කේන්ද්‍ර කර ගනිමින්, කලාපයේ කාර්යක්ෂම වරාය බවට පත්වීමේ අරමුණ කරා වේගයෙන් ළගා වී ඇති බව හම්බන්තොට ජාත්‍යන්තර වරායෙහි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා පැවසිය.

    වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජොන්සන් ලියු මහතා මෙසේද පැවසිය. “සමුද්‍රීය ඉන්ධන නෞකාවක් වන MV P.Yanbuහි ගොඩබෑම් කටයුතුවල මෙහෙයුම් කාලය 57% කට සීමා කරමින් නව වාර්තාවක් පිහිටුවීමට වරාය සමත් වී තිබෙනවා. ප්‍රථම වරට වරායේ තෙල් ජැටියේදී ඉන්ධන දෙවර්ගයක් සමගාමීව පැටවීමේ ක්‍රියාවලියක් දියත් කිරීමටවරායට හැකිවුණා.

    ඒ අනුව සමුද්‍රීය ගෑස් තෙල් (Marine Gas Oil – MGO) සහ සල්ෆර් ප්‍රතිශතය අඩු ඛනිජ තෙල් (Very Low Sulfur Fuel Oil – VLSFO) එකවර මහවැලි තෙල් නෞකාවට පැටවිම සිදු කලා.

    වරායෙහි කාර්යක්ෂමතාවප්‍රධාන කාර්යය සාධන දර්ශකය අනුව ක්‍රියාත්මකයි. ට්‍රක් රථ රියදුරාගේ සිට ඉන් ඉහළ නිළධාරියා දක්වාම නිසි යාත්‍රණයක් සකසා තිබෙනවා. බහුකාර්ය වරායක කාර්යක්ෂමතාවය ඉහළ මට්ටමේ පවත්වා ගැනීම, සෑම විටම අභියෝගයක් වන්නේ විවිධ වර්ගයේ භාණ්ඩ හැසිරවීමට එකම ශ්‍රමය භාවිතා කරන නිසාත්, බහාලුම් වරායක මෙන් නොව බහුකාර්ය වරායක් තුළ ශ්‍රමය වැඩි වශයෙන් යෙදවෙන නිසයි.

    එම නිසාම අපගේ කාර්යක්ෂමතාව ඉහළ මට්ටමක පවත්වා ගැනීමේදී ඒ සඳහා මූලික වන්නේ රැකියාව කරන පරිසරයේ ආරක්ෂිත බව සහතික කිරීමයි. අපගේ කාර්යයමණ්ඩලය සඳහා පමණක් නොව, අප හා සම්බන්ධවී කටයුතු කරන සෑම ආයතනයක් සඳහාම සෞඛ්‍යාරක්ෂිතභාවය ලබා දීමට අප ආයතනය බැඳී සිටිනවා. මෙය අපගේ ගෝලීය හවුල්කරු වන CMPortවිසින් අප උදෙසා තහවුරු කරන ලද ප්‍රමිතියක්. හම්බන්තොට ජාත්‍යන්තර වරායේ බලශක්ති සේවා දෙපාර්තමේන්තුව (ENS) තම ඉලක්කගත ‘අනතුරු රහිත මිනිස් පැය’ 200,000 සීමාව ඔක්තෝම්බර් 01 වන සතිය තුළ සාර්ථකව සපුරා ගැනීමත් සමඟඅනතුරු හේතුවෙන් අහිමි වූ කාල වැඩසටහනෙහි (Lost Time Accident Campaign) සාර්ථකත්වය දැනටමත් අප සනිටුහන් කර තියෙනවා.

    තම සියලුම මෙහෙයුම් වලදී ආරක්ෂාව, විශ්වාසනීයත්වය සහ කාර්යක්ෂමතාවයට ප්‍රමුඛත්වය ලබා දෙමින්නවෝත්පාදනය කේන්ද්‍ර කර ගනිමින්හම්බන්තොට ජාත්‍යන්තර වරාය කලාපයේ ප්‍රවීණතාවයෙන් පරිපූර්ණ ඉහළම තත්ත්වයේ බහුකාර්ය වරායක් ලෙස ස්ථානගත වෙමින් පවතීම සතුටට කරුණක්” බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දියාව සීනි අපනයනය අත්හිටුවයි – වෙළෙඳපොළේ සීනි මිලත් ඉහළට

    May 19, 2026

    ඩොලරයේ විකුණුම් මිල රු. 334 ඉක්මවයි

    May 18, 2026

    ශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

    May 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 202601 Views

    සංචාරකයින් 2,380 ද‍ෙනෙකු රැගත් Mein Schief 6 නම් වූ සුඛෝපභෝගී මඟී නෞකාවක් කොළඹ වරායේ, වරාය…

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.