Author: LFN
රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ අලුත්වැඩියා කරමින් තිබූ වායුසමීරණය කළ රුමේනියම් දුම්රිය මැදිරියක් අද (25) ගිනිගෙන විනාශ වූ බව එම කර්මාන්තශාලාවේ උසස් නිලධාරියෙක් පැවසීය. මෙම මැදිරිය වැල්ඩින් කරමින් තිබියදී සුළ සමඟ ගිනිගත් බවත් එම සුළු ගිනිදැල්වීමෙන් සම්පූර්ණ මැදිරිය ගිනිගෙන දැවුණු බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
චීනය ශ්රී ලංකාවේ ධීවරයන් සහ ගොවියන් වෙනුවෙන් ප්රදානය කළ ඩීසල් ලීටර මිලියන 10.6 රැගත් “සුපර් ඊස්ටන්” ඉන්ධන ප්රවාහන නෞකාව සිංගප්පූරුවෙන් පිටත් වී ඇති බවත් එය හෙට (26) කොළඹ වරාය වෙත ළඟා වෙනු ඇති බවත් ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ප්රකාශ කළේය. ශ්රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති ධීවර සහ කෘෂි කර්මාන්ත ක්ෂේත්රයන්හි ජීවනෝපායන් නගා සිටුවීම සඳහා ඩීසල් ලීටර මිලියන 10.6 ක් ශ්රී ලංකාවට ප්රදානය කරන බව පසුගිය දා චීන තානාපති කාර්යාලය පැවසුවේය.
සපුගස්කන්ද පිරිපහදුවෙි වැඩ අඛණ්ඩව සිදු වුවහොත් එයින් වසරකට ඩොලර් මිලියන 300 ක ලාභයක් ගන්න පුළුවන් බව සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. පිරිපහදුවක් අඛණ්ඩව වැඩ කළොත් ජෙට් ඔයිල්, භූමිතෙල් ආදී අතුරු නිෂ්පාදන රටට වෙනම ගෙන්වන්න අවශ්ය වන්නේ නැතැයි ද සපුගස්කන්ද වහන්න වුනේ කිසිම සැලසුමකින් තොරව ඒ ක්රියාවලිය සිදු වීම නිසා බවද අත්තනායක මහතා කීය.
කුකුළු කෑම සඳහා බදු ඉවත් කිරීම, සුපිරි නිවාස සඳහා වැට් බදු වැඩි කිරීම සහ මතභේදකාරී කැසිනෝ පනත් කෙටුම්පත සඳහා සිදුකළ යුතු සංශෝධන සම්බන්ධයෙන් රාජ්ය මුදල් කාරක සභාවේදී සාකච්ඡා කළ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා ට්විටර් සටහනක් තබමින් පවසයි. මුදල් කාරක සභාව පෙන්වාදී ඇත්තේ දැනටමත් මිලදීගෙන ඇති නිවාස ඒකක සඳහා හදිස්සියේම 15%ක බද්දක් පැනවීම සාධාරණ නොවන බවය. කුකුළු කෑම සදහා වූ බදු ඉවත් කිරීම මගින් වෙළෙඳපොළෙහි බිත්තර මිල අඩු වියයුතු බව රාජ්ය මුදල් කාරක සභාව පෙන්වා දී තිබුණි. කෙසේ නමුත් බිත්තරයක උපරිම සිල්ලර මිල රු. 43ක් ලෙස සටහන් කිරීම සදහා විද්යාත්මක පදනමක් නොමැති බව මුදල් කාරක සභාව…
රජයෙන් නිකුත් කරනු ලබන MOP පොහොරවලට (රතු කුඩු) ප්රමිතියෙන් බාල ලුනු කුඩු මිශ්රකර ඒවා පොහොර ලෙස අලෙවිකිරීම සඳහා සකස් කරමින් සිටි සැකකරුවන් 6 දෙනෙකු විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බළකායේ තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නින්දවූර් අට්ටපලම් ප්රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි. එහිදී පොහොර කිලෝ ග්රෑම් 38,650ක් පොලිස් භාරයට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ මෙම සැකකරුවන් විසින් සකසන ලද බාල තත්ත්වයේ පොහොර නැවත් රජයේ ඇසුරුම්වලට ඇසුරුම් කර තිබු බවය. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අම්පාර දිස්ත්රික් කාර්යාලයට භාරදුන් බව පොලීසිය පැවසීය.
රුසියාවෙන් අඩු මිලට බොරතෙල් ලබාගැනීම සඳහා ශ්රී ලංකාව සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇතිබව විදේශ කටයුතු අමාත්ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. ඉන්දීය ප්රවෘත්ති නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ සෘජුවම රුසියාවෙන් හෝ ඉන්දියාව හරහා රුසියානු බොරතෙල් ලබාගැනීමට අවධානය යොමුව ඇති බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා, “අප යුක්රේන යුද්ධයෙන් දැවැන්ත බලපෑමකට ලක්ව ඇති බව නොරහසක්. එහෙත් ඉදිරියේදී හෝ අපට රුසියාවෙන් බොරතෙල් ලබාගත හැකි නම් අප ඒ සඳහා කටයුතු කරනවා. දැනට පවතින තෙල් මිල අපට දැරිය නොහැකියි. වරක් අපේ ජනාධිපතිවරයා පැවැසු පරිදි දැවැන්ත රටවල් අතර සිදුවන ඝට්ටනවලදී අප වැනි කුඩා…
එල්.ටී.ටී.ඊ යුද තත්ත්වය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්වල අවතැන්ව සිටි පවුල් 273,498 න් පවුල් 271,171ක් මේ වනවිට නැවත පදිංචි කර අවසන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්යංශයේ නැවත පදිංචි කිරීමේ අංශය පවසයි. එම අංශයේ වාර්තා අනුව තවදුරටත් උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි කිරීමට ඇත්තේ පවුල් 2,327ක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ප්රසන්න රණතුංග මහතා පැවසීය. දැනට පදිංචි කිරීමට ඇති පවුල් 2,327න් පවුල් 152ක් අවතැන්වූවන් ජීවත්වන සුබසාධන මධ්යස්ථානවල ජීවත්වන අතර ඉතිරි පවුල් 2,175 අවතැන්වූවන් ජීවත්වන සුබසාධන මධ්යස්ථානවලට ඇතුළත් නොවී නෑදෑ හිතවතුන් සමඟ ජීවත් වන බව නිවාස අමාත්යංශයේ නැවත පදිංචි කිරීමේ අංශය පවසයි.
මෙම වසරේ ජනවාරි මස සිට ඔක්තෝබර් මස දක්වා කාලය තුළ මුදල් මුද්රණය කිරීමේ ප්රමාණය සීග්රයෙන් පහත වැටී ඇතිබව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය. මුදල් අච්චු ගැසීම ලෙස හඳුන්වන්නේ සමාජයේ ප්රසාරණය වන මුදල් ප්රමාණය බව ඔහු පෙන්වා දුන්නේය. 2021 වසරේ රුපියල් බිලියන 341 ක වටිනාකමින් යුත් මුදල් ප්රමාණයක් සමාජයේ ප්රසාරණය වී ඇති අතර එය මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ රුපියල් බිලියන 47 ක් දක්වා අඩු වී ඇති බව නන්දලාල් මහතා පෙන්වා දුන්නේය. එසේම ණය ලබාගෙන තිබෙන පුද්ගලයන්ට සහනයක් සපයන ලෙස බැංකු වලට දැනුම් දී ඇති බව මහ බැංකුවේ නියෝජ්ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී ප්රනාන්දු මහත්මිය ප්රකාශ…
ඉක්මන් ජනාධිපතිවරණයකට යෑමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට ඉඩ ප්රස්ථාව සැලසීම සඳහා පෞද්ගලික මන්ත්රී යෝජනාවක් ඉදිරිපත් කරන බව අනුරාධපුර දිස්ත්රික් මන්ත්රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) පැවසීය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ අනුප්රාප්තිකයා ලෙස පත්වූ රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයාට ජාතික ආරක්ෂාවට බලපාන කාරණා සම්බන්ධයෙන් හෝ වෙනත් දේශපාලන කරුණු සම්බන්ධයෙන් නව ප්රතිපත්තිමය තීරණ ගැනීමට අවශ්ය නම් නව ජනවරමක් ලබා ගත යුතු බවද ඔහු සඳහන් කළේය. ජයසුමන මහතා මෙසේ පැවසුවේ ආරක්ෂක මහජන ආරක්ෂක සහ තාක්ෂණ යන අමාත්යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරකසභා අවස්ථා විවාදයේදීය.
ඇඟලුම්, ඇඳුම් ආයිත්තම්, ටයිල් සහ පිඟන් භාණ්ඩ, විලවුන්, වායු සමීකරණ, අධිශීතකරණ සහ රෙදි සෝදන යන්ත්ර ඇතුළු භාණ්ඩ කිහිපයකට පනවා තිබෙනවා ආනයනය තහනම තිබූ සීමාවන් ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ. එම තහනම ලිහිල් කරමින් මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.