Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
සමගි ජන බලවේග සන්ධානය සමග එක්වූ බව පැවසූ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඒ සම්බන්ධයෙන් පළවන වාර්තා ප්‍රතික්ෂේප කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු ඊයේ (14) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී එම සන්ධානය සමග කටයුතු කිරීමට තීරණය කර තිබුණි. මේ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පැවසුවේ එය අනාගතයේ සුබ පෙර නිමිත්තක් බවය. “ස්වාධීන වූ මන්ත්‍රීතුමන්ලා 6දෙනෙකුගේ කණ්ඩායමක් සමගි ජන බලවේගයත් සමග සන්ධාන ගත වීමට තීන්දුවක් අරන් තියෙනවා. එය සුබ පෙරනිමිත්තක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ වැඩපිළිවෙලට චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගෙත් පූර්ණ සහයෝගය සහ ආශිර්වාදය මේ කර්තවයට ලැබෙනවා. එකම රටේ එකම පුරවැසියන් කියන ප්‍රතිපත්තිය තුළ.” කෙසේවුවද පසුව පාර්ලිමේන්තු…