Author: LFN
ආදායම් බදු වාර්තා ගොනු කිරීමට නොවැම්බර් මස 30 වන දා සිට අමතර සතියක කාලයක් ලබාදී තිබේ. අද (01) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසා සිටියේ, එම කාලය තුළ කිසිදු දඩ මුදලක් අය නොකෙරෙන බවය. ප්‍රශ්නය – Income tax refund submit කරන මෘදුකාංගය අක්‍රීය වෙලා තියනවා. මේක හිතාමතා කරල ද, අක්‍රීය වෙලාද කියලා අපි දන්නේ නැහැ. දැන් ඊයේ නොවැම්බර් 30 දිනට තමයි මේ කටයුතු අවසන් කරන්න තිබුනේ. ඉතින් දැන් මේක අක්‍රීය වෙලා නිසා විශාල පිරිසක් ඉන්නවා මේ refund submit කරන්න බැරුව. මම හිතන්නේ මේ වෙලාවේ හැටියට මේකේ ඇත්ත තත්ත්වය අපි දැනගන්න කැමතියි. මේක හිතා මතා…
සමෘද්ධිය ලබාදිය යුතු විශාල පිරිසක් සිටිය ද නුසුදුසු පිරිසක් සමෘද්ධිය ලබාගැනීම හේතුවෙන් අද වනවිට සහනය ලැබිය යුතු පුද්ගලයින්ට සහන ලබාදීම ගැටලුවක් බව ජනාධිපතිවරයා පවසයි. “නුසුදුසු අය ඉවත් කළොත් සුදුසු අයට දෙන්න පුළුවන්…” යනුවෙන් අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා කියා සිටියේය. “සමහර අය අවුරුදු 20ක් විතර ඔය ලැයිස්තුවේ ඉන්නවා. ඒක කරන්න බැරිවෙනවා මෙහෙම. පළමුවෙන්ම සුදුසු අය කවුද ? අලුතින් කොහොමද ඇතුළු කරන්නේ, කියලා අපිට කරන්න සිදුවෙනවා. සමහරු බලයි ඒක දේශපාලන ක්‍රියාවක් විදියට. ඇත්තෙන්ම සමෘද්ධිය ලබාගත යුතු අයට ඉස්සෙල්ලා සමෘද්ධිය ලබාදෙන්න ඕනේ. සමෘද්ධියට සුදුසුකම් නැති අයව එතැනින් ඉවත් කරන්න ඕනේ. අපිට මුදල් නෑ හැමකෙනාටම ගෙවන්න. ඒ තත්ත්වය මම කියන්න ඕනේ.…
ඇෆ්ගනිස්තානයේ ආගමික පාසලක් ඉලක්ක කර සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් සිසුන් ඇතුළු 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. උතුරු ඇෆ්ගනිස්තානයේ අයිබක් නගරයේ පිහිටි ආගමික පාසලක සිදුකර ඇති එම ප්‍රහාරයෙන් තවත් 26 දෙනෙක් තුවාල ලබා තිබුණි. මියගොස් ඇති පිරිසෙන් බහුතරය වයස අවුරුදු 9ත් 15ත් අතර ළමුන් ය. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙක් වගකීම ගෙන නොමැති අතර තුවාල ලබා ඇති බහුතරයද පාසලේ සිසුන් වෙයි.
ලීසිං වාරිකය ගෙවීම ප්‍රමාදවීම හේතුවෙන් යතුරුපැදියක් රැගෙන යාමට පැමිණි සීසර්වරුන් විසින් තල්ලුකිරීමෙන් ඇදවැටුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් කළ පැමිණිල්ලක් අනුව වාද්දුව පොලීසිය පරීක්ෂණ ආරම්භකර තිබේ. කළුතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීනී ලසන්ති හේමමාලා මහත්මිය විසින් කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භකර ඇතැයි පොලිසිය කීය. පැමිණිලිකාර මන්ත්‍රීවරිය ෆිනෑන්ස් සමාගමක් හරහා යතුරුපැදියක් ලබාගෙන ඇති අතර කොරෝනා කාලසීමාවේ වාරික කිහිපයක් ගෙවීම මගහැරී තිබී ඇත. එම වාරික වෙනුවෙන් වැඩි පොලී මුදලක් එකතුකොට එම මුදල ගෙවන ලෙස ඇයට දැනුම් දී ඇතැයි සඳහන් වේ. දඩ මුදල් එකතුකිරීම හේතුවෙන් හිඟ වාරික ගෙවීම පැමිණිලිකාර මන්ත්‍රීවරිය පැහැර හැර ඇති බැවින් ඊයේ (30) පස්වරුවේ සීසර්වරුන් හත් දෙනෙකු පැමිණ යතුරුපැදිය…
ලබන වසරේ විදුලි අර්බුදයට මුහුණදීම සඳහා මේ මොහොතේ සිට සැලසුම් සකස් කිරීමට බලධාරීන් පියවර නොගන්නේනම් එළැඹෙන වසරේ මාර්තු මාසයේ විශාල විදුලි අර්බුදයකට මුහුණදීමට සිදුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි. අද (01) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය. “ජනවාරි මස 21 මාධ්‍ය හමුවක් තියලා රටට ම කිව්වා දැන් අපි අඩු පැය ගණනක් විදුලිය කැපුවොත් මාර්තු මාසයේ අග බරපතළ විදුලි අර්බුදයකට මුහුණදෙනවා කියලා. අවාසනාවට මාර්තු අග වනවිට මගේ අනාවැකිය සැබෑ කරමින් දවසකට පැය 14ක විදුලි කප්පාදුවක් පටන් ගත්තා. ඒක දරා ගන්න බැරුව ජනතාව පාරට බැස්සා. අවසානයේ දී ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවට මේ අර්බුදය…
එක්දින සේවාව යටතේ මේ දිනවල දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර 2,500ත් 3,000ත් අතර ප්‍රමාණයක් නිකුත්කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. නමුත් මීට පෙර සාමාන්‍යයෙන් එක්දින සේවාව යටතේ නිකුත් කර ඇත්තේ විදෙස් ගමන් බලපත්‍ර 1,500 පමණ ගණනකි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී ඒ බව හෙළිකෙරිණි. එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් 20,000ක් අයකෙරේ. එසේම යමෙක් ලබාගත් විදෙස් ගමන් බලපත්‍රයක් වසරක් ඇතුළත අස්ථාන ගත වුවහොත් රුපියල් 20,000ක දඩයක් අයකෙරේ.
ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් පහත දමා තිබේ. දිවයින පුරා ඇති සියලුම සතොස අලෙවිසැල් ජාලය හරහා මෙම සහනය මහජනතාවට ලබාගත හැකිය. එම මිල අඩුකිරීම දෙසැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව රතු කැකුළු කිලෝ 01ක් රුපියල් 199කට, කීරි සම්බා කිලෝ 01ක් රුපියල් 225කට, බී ලූනු කිලෝ 01ක් රුපියල් 225කට, හාල්මැස්සන් කිලෝ 01ක් රුපියල් 1150කට මිලදී ගත හැකිය.
ලබන වසරේ ජනවාරි සහ ජුනි මාසවලදී පියවර දෙකකින් යළි විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. විදුලිබල මණ්ඩල නියෝජිතයින් ආර්ථික ස්ථායීකරණය සඳහා වූ ජාතික සභා අනු කමිටුවට පවසා ඇත්තේ, දැනට මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල 70%කින් පමණ වැඩිවිය යුතු බවය. විදුලිබල ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීමට අදාළ යෝජනා ලබාගැනීමට විදුලි බල ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල නියෝජිතයන් ඊයේ ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික සභා අනු කමිටුවට කැඳවා තිබුණි. එහිදී විදුලිබල මණ්ඩල නියෝජිතයින් ජාතික සභා අනු කමිටුවට මේ බව පෙන්වා දී ඇත. පසුගිය කාලය තුළ විදුලි ගාස්තු වැඩි කළද එය විදුලි…
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභා රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී ඊයේ පස්වරුවේ ආරම්භ විය. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වකාර පක්ෂ කිහිපයක් ඊයේ කැඳවා ඇති විධායක සභා රැස්වීමට තම පක්ෂ සහභාගී නොවන බව දන්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපි යොමු කර තිබුණි. එලෙස ලිපි යොමුකළ පක්ෂ වන්නේ මහජන එක්සත් පෙරමුණ, ජාතික කොංග්‍රසය, දේශ විමුක්ති ජනතා පක්ෂය සහ ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. ඊයේ පස්වරුවේ ආරම්භ වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභා රැස්වීමේදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, “මේ සන්ධානය සමඟ ඒකරාශීවෙලා හොඳ වැඩපිළිවෙලක් හදාගෙන අපි…
මෙරටට පැමිණි සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවේ සංචාරකයින් යාල වනෝද්‍යානය නැරඹීමට ද එක්ව සිටියා. සංචාරකයින් දෙදහසකට වැඩි පිරිසක් සමග (29) කොළඹ වරායට පැමිණි “මේන් ෂිෆ් 5” සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව ඊයේ පස්වරුවේ හම්බන්තොට වරාය වෙත ළඟා වී තිබේ. මෙහිදී සංචාරකයින්ට හම්බන්තොට නගරය හා ඒ ආශ්‍රිත ස්ථානවල සංචාරය කිරීමට අවස්ථාව හිමිවුණි. මෙලෙස යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණ ඇත්තේ ඒ අතරින් සංචාරකයින් 700කට ආසන්න පිරිසකි. කෙසේවෙතත් ප්‍රවේශපත්‍ර ලබාගැනීම සඳහා දිගු වේලාවක් පෝලිමේ රැඳී සිටීමට සිදුවීමෙන් ඇතැම් සංචාරකයින්ට වනෝද්‍යානය නැරඹීමට ප්‍රමාණවත් කාලයක් ලැබී නොමැත. මේ හේතුවෙන් ඔවුන්ට අමතර පැය එකහමාරක පමණ කාලයක් වනෝද්‍යානය නැරඹීමට අවස්ථාව ලබාදීමට වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉඩ ප්‍රස්ථාව…