Author: LFN
පළාත් පාලන මැතිවරණයක් මේ මොහොතේ රටට අවශ්‍ය නොවන බවත්, එයට ජනතාව විරෝධය පළකළ යුතු බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසති. ඊයේ (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ ප්‍රකාශ කළේ කිසිදු ප්‍රයෝජනයක් නොමැති පළාත් පාලන ආයතනවලට එරෙහිව නඩු පැවරිය යුතු බවය. “ප්‍රාදේශීය සභා මොකටද අපිට ? ප්‍රාදේශීය සභා ඡන්දය තිබ්බා කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් හම්බවෙනවාද අපිට ? මුදල් හමුබවෙන්නේ නැහැ. ඒ හින්දා මුලු සමස්ත රටම ප්‍රාදේශීය සභා ඡන්දය තිබ්බොක් කවුරු ආවත්, කොයි පක්ෂයෙන් ආවත් කටුගාන්න සූදානම් වෙන්න ජනතාවනි. තවත් අවුරුදු 5කට දෙනවා කියන්නේ මකොල්ලකාරයෝනේ මේ. සමස්ත රටේම ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තුව…
බිත්තර ආනයනය කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් (02) දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලයේ දී අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. බිත්තර මිල පාලනය කිරීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කර අවසන් එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය. මිල පාලනය සඳහා බිත්තර ආනයනය කරන ලෙස බේකරි හිමියන්ගෙන් මෙන්ම ජනතාවගෙන්ද රජයට දැඩි ලෙස ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබේ. අභියාචනාධිකරණය බිත්තර මිල පාලන ගැසට්ටුව තාවකාලිකව අත්හිටුවීමෙන් පසු බිත්තර මිලෙහි කැපී පෙනෙන ඉහළ යාමක් දක්නට ලැබුණි. ඒ අනුව, අද වන විට බිත්තරයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 60 සිට ඉහළට විවිධ මිල ගණන් යටතේය. සමස්ත ලංකා…
සංඝ කථිකාවත් තුළින් භික්ෂුන් වහන්සේ පාලනය කිරීමට රජය උත්සාහ ගන්නා බවට වැරදි මතයක් සමාජගත වී ඇතැයි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ පවසති. උන්වහන්සේ ඒ බව සඳහන් කළේ, වාද්දූව විවේකාරාම විහාරස්ථානයේ පසුගිය 31 වනදා පැවති ආගමික උත්සවයකදීය. එහිදී අදහස් දැක්වූ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන්, “මේ සංඝ කථිකාවත් පිළිබඳව සමාජයේ වැරදි මතයක් ගොඩනැගිලා තියෙනවා. භික්ෂූන් පාලනයට රජය තැත් කරන බවට මතයක් තියෙනවා. ඒක වැරදි මතයක් අපි දිගු කළක් සාකච්ඡා කළ කරුණක් මේක. මේ සමාජයේ වැඩ ඉන්න ඇතැම් දඩබ්බර භික්ෂූන් පාලනයට අපි පියවර ගැනීමක්.…
කිළිනොච්චිය, විනායගපුරම් ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට යකඩ කූරකින් පරහදීම හේතුවෙන් ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (01) අලුයම් කාලයේ නිවසකට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ පහරදීමකින් ඝාතනය සිදුව ඇත. පොලීසිය පැවසූවේ, වයස අවුරුදු 26ක් වන කිළිනොච්චිය, විනායගපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි කුමාර් සුරේෂ් නමැති තරුණයෙකු එලෙස මියගොස් ඇති බවය. තුවාල ලැබු තරුණයා ප්‍රදේශවාසීන් එක්ව කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති අතර, එහිදි තරුණයා ජිවිතක්ෂයට පත්ව ඇති බවට අනාවරණය වූ බව ද පොලීසිය පැවසීය. පහරදීම සිදුකළ පුද්ගලයින් සොයා පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර, මියගිය තරුණයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිළිනොච්චිය මහ රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇත. පෞද්ගලික ආරවුලක් මත අදාළ…
දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවය. මේ අතර දිවයිනවටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. දිවයිනවටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසානදෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (20-30) පමණවේ. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (45-50) පමණ වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු…
ශ්‍රී ලංකාව නැමැති නෞකාව අලුත් වැඩියා කොට පණ ගන්වා තිබෙන අතර “නෞකාව” ගමනාන්තය කරා රැගෙන යාමට හොඳ කපිතාන්වරයකු ද ලැබී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. සියල්ලෝ පසු බසිද්දී, ගිලෙමින් පැවැති නෞකාව ගොඩ ගනු ලැබූවේ ජනපති ධූරයේ බැරෑරුම් වගකීම නොපැකිලව කර මතට ගත් රනිල් වික්‍රමසිංහ මහතා බව කී රුවන් විජයවර්ධන මහතා දහසක් අභියෝග හමුවේ ජනපති ක්‍රියාවට නැංවූ වැඩපිළිවෙල නිසා යළිත් නෞකාව අලුත් වැඩියා කොට පණ ගන්වා තිබෙන්නේ යැයි පැවසීය. නව වසරේ ප්‍රකාශයක් කරමින් විජයවර්ධන මහතා කීවෙි එළඹුන නව වසරට පියවර තබන්නේ ගෙවුණු වසරේ අත්දැකීම් සමුදායක් කරපින්නාගෙන බවයි.
2023 නව වසර ආරම්භයත් සමග සිදුවූ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. ඊයේ (31) මධ්‍යම රාත්‍රී සිට මේ දක්වා කාලය තුළ මෙම අනතුරු වාර්තා වන බව එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. එහිදී ගිනිකෙළි හේතුවෙන් සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු ද රෝහල් ගතකර තිබේ. ඊට අමතරව ගැටුම් සහ රිය අනතුරු ඇතුළු විවිධ අනතුරු වලින් තුවාල ලැබූ පුද්ගලයින් පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බව කොළඹ ජාතික රෝහල සඳහන් කළේය.
මෙරට ප්‍රකට පාතාල ක්‍රියාකාරිකයෙක් ලෙස සැලකෙන කන්ජිපානි ඉම්රාන් රාමේශ්වරම් ඔස්සේ ඉන්දියාව ට පැමිණ ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. “ද හින්දු” පුවත්පත ඒ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණි. මත්ද්‍රව්‍ය ජාවාරම සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධානාගාර ගත කර සිටි ඉම්රාන් මෙරට අධිකරණයක් මගින් පසුගියදා ඇපමත නිදහස් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත් කිරීම සම්බන්ධයෙන් අද (01) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. සූම් තාක්ෂණය ඔස්සේ අද පස්වරුවේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව කථානායකවරයා සඳහන් කළේය. එම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වීමට නියමිතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත් කිරිම සඳහා පසුගිය 29 වැනිදා පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් විය. 21වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයින් 10 දෙනෙකු ඇතුළත් වන අතර ඊට සිවිල් නියෝජිතයින් තිදෙනෙකු පත් කිරීමට නියමිතය. ඒ සඳහා අයදුම්පත් 120කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති අතර අදාළ අයදුම්පත් වලින්…
ඉදිරි දශකය තුළ සමෘද්ධිමත් හා ඵලදායී ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා යෝජිත සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අතිමහත් දුෂ්කරතා මෙන්ම අවිනිශ්චිතතාවයන් සහ බලාපොරොත්තු සුන්වීම් හමුවේ ගතකළ වසරක් නිමා කරමින් 2023 නව වසරට මෙරට ජනතාව පිවිසි බවය. රටේ සිදූ වූ පෙර නොවූ විරූ ආර්ථික කඩාවැටීම හමුවේ මෙරට සියලුදෙනා මත පැටවී ඇති විශාල බර සහ බහුතරයක් අත්විඳින ලද පසුබෑම පිළිබඳ මනා වැටහීමක් ඇති බව ජනාධිපතිවරයා පවසයි. දැනටමත් මෙම අයහපත් කාලය පසුකර ඇති බවට තමන් විශ්වාස කරන බවත් 2023 නව වසර මෙරට ආර්ථිකයේ නව…