Author: LFN

රාජ්‍ය සේවක වැටුප් හෝ සමෘද්ධි ඇතුලු සුබසාධන දීමනා ගෙවීම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ රජයේ ආදායම් වියදම් කළමනාකරණයේදී රජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සුභසාධන දීමනා වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබාදෙන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා, “පවතින ආර්ථික අර්බුදයෙන් මේ වන විට රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමක පැවතුන ද මෙම අර්බුදයෙන් සම්පූර්ණයෙන්ම මිදීමට හැකියාවක් තවමත් ඇති වී නොමැති බව අපි පිළිගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය පූර්ණ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. රජයේ ආදායම් වියදම් කළමනාකරණය කිරීමේදී…

Read More

මහනුවර ශ්‍රී දළදා මාළිගයේ වැඩසිටින දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කළ සේපාල් අමරසිංහ නමැත්තා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 5 වනදා අත්අඩංගුවට ගත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (10) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි. ඒ අනුව එම දෙපාර්තමේන්තු නිලධාරින් විසින් සැකකාර සේපාල් අමරසිංහ නමැත්තා අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහු ලබන 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර තිබේ. එමෙන්ම ඔහු විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය ද එදිනට ප්‍රකාශ…

Read More

අපනයනය අරමුණු කරගත් ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. විදේශ ආයෝජකයින් එම ව්‍යාපෘතිය සඳහා අයෝජනය කිරීමට උන්නදුවක් දක්වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඒ අනුව සුදුසු ආයෝජකයේකු තොරා ගැනීම සඳහා අභිලාෂ කැඳවීමට නිවේදන නිකුත් කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

Read More

මේ වනවිට භාණ්ඩාගාරය දරුණු මුල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම්දුන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ඒ අනුව ජනවාරි සහ පෙබරවාරි මාසවල රාජ්‍ය සේවක වැටුප් ගෙවීම දැඩි ගැටලුකාරි තත්ත්වයක් මතුකර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා සමෘද්ධි දීමනාව ලබාදීමට සති දෙකක් පමණ ප්‍රමාද විය හැකි බව ද පැවසීය. කෙසේවෙතත් මෙයට පිළියමක් ලෙස සියලුම අමාත්‍යාංශවලට අයවැය ලේඛනයෙන් වෙන්කර ඇති මුදලින් 5%ක් කපාහැරීමට යෝජනා වී තිබේ. “ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා ලැබුවා වු 2023 වසරේ දී අපි අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා දරුණු මුල්‍ය අර්බුදයකට භාණ්ඩාගාරය මුහුණදි සිටින බව.…

Read More

නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාග ගාස්තු ඇතුළු නීති විද්‍යාලයට ඇතුළත්වීමේ ගාස්තු ඉහළ නංවා තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇති අතර එමගින් නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාග ගාස්තුව රුපියල් 15,000 දක්වා ඉහළ නංවා ඇති බව වාර්තා වේ. පොදු ප්‍රවේශ විභාගයෙන් සෘජුවම ඇතුළත් වන පළමු වසර ශිෂ්‍යයන් සඳහා ඇතුළත්වීමේ ගාස්තු රුපියල් 25,000ක් ඇතුළුව එම වර්ෂය සඳහා රුපියල් 67,500ක් අය කිරීමට නියමිතය. විදේශීය නීතීවේදී උපාධිය සහිතව පළමු වසරට ඇතුල් වන ශිෂ්‍යයින් සඳහා රුපියල් 75,000ක ඇතුළත්වීමේ ගාස්තුවක් සහිතව එම වසර සඳහා රුපියල් 117‍,500ක් ගෙවිය යුතු වේ. දෙවන වසර ශිෂ්‍යයන් සඳහා සමස්ත ගාස්තුව රුපියල් 40,500ක් ද තෙවන වසර ශිෂ්‍යයන් සඳහා රුපියල්…

Read More

වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කර ඇත්තේ, ඒ අනුව අද (10) සිට ජනවාරි මස 12 වනදා දක්වා එහි සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවය. ඒ අනුව සේවා ලබාගැනීම සඳහා වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය වෙත පැමිණීමෙන් වළකින ලෙස සේවාලාභීන්ට දැනුම් දී ඇත. එම කාර්යාලයේ මාර්ගගත ක්‍රමයට පවත්වාගෙන යන සේවාවන් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන බව ද වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය නිවේදනය කරයි. වෙළෙඳ නාවික ලේකම් කාර්යාල හදිසි අවශ්‍යතාවයක් මත දැනට පිහිටි ගොඩනැගිල්ලෙන් වෙනත් ගොඩනැගිල්ලක් වෙත රැගෙන යෑමට නියමිත බැවින් එම තීරණය ගෙන තිබේ.

Read More

වාද්දූව, පොතුපිටිය ප්‍රදේශයේ නිවසකට පැමිණ එහි සිටි 14 හැවිරිදි දැරියකට, ඇයගේ පියාට සහ සීයාට පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදී බරපතළ තුවාල සිදුකර තිබේ. පසුව අදාළ පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් සිව්දෙනෙක් වාද්දූව පොලීසිය විසින් අත්අඩංගුවට ඇත. කඩු කිනිසි, පොලු මුගුරු රැගෙන පැමිණි පිරිසක් එම නිවසේ විසූ 14 හැවිරිදි දැරියකට අමානුෂික අන්දමින් දත් කැඩෙන සේ පහරදී ඇයගේ මුඛයේ දුම්වැටියක් ද ඔබා පැනගොස් තිබුණේ පසුගිය ජනවාරි 1 වනදා රාත්‍රියේය. ඔවුන් යතුරුපැදිය, ත්‍රිරෝද රථ සහ මෝටර් රථවලින් පැමිණ ඇති අතර, මේ වනවිට එම පිරිසෙන් පුද්ගලයින් සිව්දෙනෙක් යතුරුපැදියක් ද සමග අත්අඩංගුවට ගෙන තිබේ. සෙසු සැකකරුවන් සොයා වැඩිදුර විමර්ශන මේ වනවිට පැවැත්වේ. ජනවාරි 1 වනදා කළුතර හෝටලයක…

Read More

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද (10) ගුවහති හීදි පැවැත්වේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතය. ගුවහතිහී බර්සපාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත එක්දින තරගය හේතුවෙන් ඇසෑම් රජය අද දිනය කම්රුප් දිස්ත්‍රික්කයේ අර්ධ දින දේශීය නිවාඩුවක් ප්‍රකාශයට පත් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීම නිත්‍ය නායක රෝහිත් ශර්මා සිදුකරන අතර විරාත් කෝලි, ලෝකේෂ් රාහුල්, ශ්‍රෙයාස් අයියර් සහ මොහොමඩ් ශාමී වැනි 20 – 20 තරගාවලියට සහභාගී නොවු අත්දැකීම් බහුල ක්‍රීඩකයන් එක්දින තරගාවලියට ඇතුළත් කර ඇත. කෙසේවෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ, මීට පෙර ඉන්දීය සංචිතයට නම්කර…

Read More

රුපියල් කෝටි 100ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ නිධානයකින් ගත් මැණික් ගල් ඔබ්බවන ලද වෛත්‍යයක් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබුණි. ඒ සමග සැකකරුවන් දෙදෙනෙකු ද විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය. වේයන්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අලෙවි කිරීමට සූදානම් කර තිබූ නිධානයකින් ගත් මැණික් ගල් ඔබ්බවන ලද එම වෛත්‍යය සොයාගෙන තිබුණි. කෝන්ගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් සහ 34 ක් වන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වේයන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව විශේෂ කාර්ය බළකාය පැවසීය.

Read More

රට ගොඩ ගැනීමට නම් රටට වැඩ කළ හැකි, ලෝකය සමඟ සබඳතා ඇති, ජාත්‍යන්තරය සමඟ බද්ධ වූ දක්ෂ කණ්ඩායමක් අවශ්‍ය බවත් එවැනි කණ්ඩායමක් තමන් සමඟ සිටින බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදි පැවසිය. විපක්ෂයේ සිට පවා ජනතාව වෙනුවෙන් වැඩ කර ඇති එම කන්ඩායම සම්බන්ධයෙන් විශ්වාසය තබන ලෙස විපක්ෂ නායකවරයා සඳහන් කළේය. 67 වැනි සක්වල වැඩසටහන යටතේ රත්මලාන ලලිත් ඇතුලත්මුදලි පාසලට රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස් රථයක් ලබාදීමේ අවස්තාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

Read More