Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
අත්අඩංගුවට ගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ අද (30) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි. මහනුවර නගරයේ දි ඊයේ (29) පස්වරුවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට පත් ශිෂ්‍ය සංගම් සභාපතිවරයා මහනුවර මූලස්ථාන පොලීසියේ රඳවා තැබීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුළ සේනාරත්න මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහරදී නිල නිවසට අලාභානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 23 හැවිරිදි අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.
අද (30) සහ හෙට (31) දින දෙක විශේෂ ඩෙංගු මර්දන දිනයන් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. පසුගිය සති 04ක කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති බැවින් මෙම ඩෙංගු මර්දන දින ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ. මේ වන විට දිනකට රෝගීන් 200ත් 300ත් අතර ප්‍රමාණයක් රෝහල්වලින් වාර්තා වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදෙයි. දෙසැම්බර් 26 වන දින විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 75,434 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එය ගිය වසරට සාපේක්ෂව දෙගුණයකටත් වැඩි ප්‍රමාණයක් බව සඳහන්ය. ඩෙංගු රෝග කාරක වෛරසය පතුරවන ඊඩිස් වර්ගයේ මදුරු ඝණත්වය රටේ බොහෝ ප්‍රදේශවල සැලකිය යුතු ලෙස…
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මව වන හීරාබෙන් මෝදි මියගොස් තිබේ. බටහිර ගුජරාට් ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි ඇය මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මහිමාන්විත ශතකයක් දෙවියන්ගේ පාමුල රැදුණු බව සිය මවගේ අභාවය වෙනුවෙන් ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මවගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීමෙන් පසු ලෝක නායකයින් රැසක් ඇයට සුවය පතා පණිවුඩ නිකුත් කර තිබුණි.
ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් සමග කළ සාකච්ඡාවේදී බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම කෙරෙහි අවධානය යොමුවූ බව එම විශ්වවිද්‍යාලයේ උප කුලපති, පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන් පැවසීය. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (29) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. “පනත සංශෝධනය කරන්න කියලා.. මහානායක හාමුදුරුවරු හතරනම ම හමුවුණා. උන්වහන්සේලාගේ අනුශාසනා ලැබුණේ පනත සුදුසු පරිදි වෙනස් කරන්න. ඉදිරියේදී අවශ්‍ය වෙනස්කම් කරනවා. උන්වහන්සේලා අදහස් කරගෙන ඉන්නේ.. ගිහි ළමයි ඉන්න නිසා තමයි මේ වගේ තත්ත්වයක් විශ්වවිද්‍යාලයේ තියෙන්නේ කියලා. රනිල් වික්‍රමසිංහ මහතා අපිට මේකට මොනවත් කියලා නැහැ. එතුමාගේ සම්බන්ධයක් නැහැ.” මේ අතර බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කළ යුත්තේ සියලු ගැටලු විසඳීමෙන් පසුව බව විශ්වවිද්‍යාල…
මහෙස්ත්‍රාත් අධිකරණයක ලේඛනාගාරයට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අක්කරපත්තුව පොලීසිය සඳහන් කළේ පසුගිය 21 වනදා අක්කරපත්තුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරය ගින්නකින් විනාශවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බවය. එම අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 09යි මිලිග්‍රෑම් 200ක්, මන්නා පිහියක් සහ අපරාධය සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් හැඳ සිටි ඇඳුම් සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ සැකකරුවන් වයස අවුරුදු 17,19 සහ 24 යන වයස්වල පසුවන අක්කරපත්තුව සහ කෝලාවිල් ප්‍රදේශවල පදිංචිකරුවන් බවය. ජනවාරි 04 වනදා දක්වා රැඳවුම් නියෝග ලබාගෙන සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බවද පොලීසිය පැවසීය.
රුපියල් 55 කට බිත්තර අලෙවි කිරීම අද (30) දිනයේ කොළඹ, මහනුවර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් සිදුකරන බව බිත්තර සංගම් පවසයි. එම දිස්ත්‍රික්කවල ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් අද දිනයේ දී එම වැඩසටහන ක්‍රියාත්මක කරන බව එම සංගම් නියෝජිතයින් පෙන්වාදෙයි. මෙම වැඩසටහන පසුගිය 28 වනදා කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. වෙළෙඳපොළේ බිත්තර මිල රුපියල් 65ක් දක්වා ඉහළ යාම සැළකිල්ලට ගනිමින් පාරිභෝගිකයින්ට අඩු මුදලට බිත්තරයක් අලෙවි කිරීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් යෝජනා කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් බිත්තර නිෂ්පාදකයින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවය.
නොවැම්බර් මාසයේ දී ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායම රුපියල් බිලියන 35.6ක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඔක්තෝබර් මාසයේ විදුලිබල මණ්ඩලයේ ආදායම රුපියල් බිලියන 33.6ක් වූ බව ඔහු පැවසීය. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ වත්මන් ගාස්තු ක්‍රමවේදයට අනුව එම ආදායම් වාර්තාකර ඇති බවය. කෙසේවෙතත් ජනවාරි මාසයේ දී විදුලි බලාගාර පවත්වාගෙන යාමට අවශ්‍ය නැප්තා හා ඩීසල් සඳහා රුපියල් බිලියන 35ක මුදලක් සහ ගල්අඟුරු සඳහා ගෙවීම් සිදුකිරීම වෙනුවෙන් රුපියල් බිලියන 38.45ක මුදලක් අවශ්‍ය වන බව අමාත්‍යවරයා පවසයි. මේ අතර විදුලිබල ක්ෂේත්‍රයේ පවතින අර්බුදකාරී වාතාවරණය පිළිබඳව (28) පැවති සාකච්ඡාවට ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය, විදුලි අධිකාරීවරුන්ගේ සංගමය, සේවක පවුර, තාක්ෂණික සංගම් ඇතුළු විදුලිබල මණ්ඩලයේ විවිධ වෘත්තීය…
ශ්‍රී ලාංකිකයන් කොවිඩ් මර්දන සිවුවැනි එන්නත් මාත්‍රාව නොගැනීම නිසා ෆයිසර් එන්නත් ලක්‍ෂ 60 ක් පමණ කල්ඉකුත් වූ බවත් එම එන්නත් ප්‍රමාණය වෙනත් රටකට දීමේ උත්සහය ද අසාර්ථක වූ බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. වයස අවුරුදු 20 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 14.5 කට ලබාදීමට එම ෆයිසර් එන්නත් ඇනවුම් කර ලබාගත් බව කී අමාත්‍යවරයා ජනතාව කිසියම් හේතුවක් මත සිවුවැනි මාත්‍රාව ලබාගැනීමට මැලිවීම නිසා එම තත්වය ඇති වූ බව ද සඳහන් කළේය.
ආසියා සංවර්ධන බැංකුව මෙරට සියලුම ගොවීන් වෙනුවෙන් පිරිනමන ලද රුපියල් බිලියන අටක මූදල ගොවි ගිණුම්වලටම බැර කිරීම අද( 29) නිල වශයෙන් සිදු කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙවර මහ කන්නයේදී වී වගා කරන භූමි ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 08ක් බවත් මේ වනවිටත් වගා කටයුතු ආරම්භ කර ඇති හා අවසන් කර ඇති කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 7,60,000 ඉක්මවා තිබෙන බවත් අමාත්‍යාංශය පවසයි. එම කුඹුරු ප්‍රමාණය අයත් ගොවි පවුල් සංඛ්‍යාව මිලියන 1.2ක් වන අතර පසුගිය මහ කන්නයේදී සිදුවූ අස්වනු හානිය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි ආසියා සංවර්ධන බැංකුව රුපියල් බිලියන අටක මුදලක් මෙරටට ලබා දුන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා…