Author: LFN
ඉන්දියාව ශ්‍රී ලංකාවට සහායවීම ගැන තමන් සතුටු වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය මුදලක් ලබාගැනීමට අදාළව ඉන්දියාව, පැරිස් සමාජය සමග සම්බන්ධීකරණයෙන් ණය සහනයක් විනිවිදභාවයකින් යුක්තව ලබාදීමට කැපවීම සම්බන්ධයෙන් තමන් එලෙස සතුට පළකරන බවය. සියලුම ණයහිමියන් සාධාරණ හා සමාන ණය සහනයට එකඟවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට මූල්‍ය අරමුදලේ ණය මුදල ලබාගැනීම සඳහා සහායවීමට අමෙරිකා එක්සත් ජනපදය සූදානම් බවද තානාපතිවරිය අවධාරණය කර තිබේ.
ඉදිරි දිනවලදී දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනට අදාළ කාලගුණය පිළිබඳ නිවේදනය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව පවසයි. මේ අතර අද දිනයේ ඌව පළාතේත් අම්පාර, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඌව සහ උතුරු පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැකි බවද සඳහන් කර ඇත.
පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදී ඇති කාලය අදින් අවසන් වෙයි. කෙසේ වෙතත් මැතිවරණ කොමිසම සඳහන් කළේ අද දහවල් 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කිරිමේ හැකියාව පවතින බවය. ඊයේ දිනය වනවිට දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් රැසක් ඇප මුදල් තැන්පත් කර තිබේ. පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා ලබන 21 වැනිදා දහවල් 12 දක්වා භාරගැනීමට නියමිතය. ඊයේ දිනය තුළ දේශපාලන පක්ෂ 10ක් නාමයෝජනා භාරදී තිබේ. ජාතික ජන බලවේගය මාතලේ, පුත්තලම, අනුරාධපුර, පොළාන්නරුව, බදුල්ල, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නාමයෝජනා භාර දී ඇත. මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ ඊට අමතරව නිදහස් ජනතා පෙරමුණ , එක්සත් ජාතික නිදහස්…
ලංකා සතොස හරහා අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසයි. අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය සිදුකර ඇති බවයි සභාපතිවරයා පැවසීය. ඒ අනුව මිල අඩු කරන ලද භාණ්ඩ ලැයිස්තුව පහතින්.
මැතිවරණ කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට මරණ තර්ජනය සිදුකර ඇති බව අද (19) පාර්ලිමේන්තුවේදී අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ ඊයේ රාත්‍රියේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ විමර්ශන ආරම්භ කර ඇති බවය.
රසායනික හා කාබනික පොහොර බෙදාහැරීමේ දී සිදුව ඇතැයි වාර්තාවන අක්‍රමිකතාවලට සම්බන්ධ බවට චෝදනා එල්ලවන කෘෂිකර්ම පර්යේෂණ නිළධාරීන්ගේ සේවය වහාම අත්හිටුවන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසන්නේ. ගොවි ජනතාවට රජය විසින් ලබා දුන් රසායනික පොහොර මෙන්ම කාබනික පොහොර වංචා කිරීම සම්බන්ධව මේවනවිට කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරු 50කට පමණ චෝදනා එල්ල වී ඇති බවයි. පසුගිය යල කන්නයේ දී ගොවීන්ට වගා කටයුතු සඳහා ඉන්ධන බලපත්‍ර නිකුත් කිරීමේ දී ද මෙම නිලධාරින් විශාල පිරිසකට චෝදනා එල්ල වී තිබෙනවා. වී වගා නොකරන ලද ගොවීන්ට පවා බලපත් නිකුත් කර මුදල් ලබා ගැනීම මෙන්ම ව්‍යාජ බලපත් නිකුත්…
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ජීවන් තොණ්ඩමන් මහතා කැබිනට් අමාත්‍යධුරවල දිවුරුම් දී තිබේ. ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙසත් ජීවන් තොණ්ඩමන් මහතා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් ඔහු තවදුරටත් කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩිකිරීම සඳහා ඉල්ලීම් ලැබී තිබුණ ද ඊට අනුමැතිය ලබාදීමට නොහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ ප්‍රායෝගිකව එම කෝටාව වැඩි කිරීමට හැකියාවක් නොමැති බවය. මැතිවරණ කොමිෂන් සභාව සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මහතා මෙම අදහස් පළකළේය. “මේ සාකච්ඡාවේදී ඒ අය ඉල්ලීම් කළා ඉන්ධන කෝටාව වැඩිකිරීමට. ඒකේදී අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ මොහොතේදී ඉන්ධන මිලදී ගැනීමට අපිට ඩොලර් අවශ්‍ය වෙනවා. ඩොලර් මිලදී ගැනීමට ලංකාවේ මුදල් අවශ්‍ය…
අද දිනයේ නව අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම්දීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අමාත්‍යවරියක් සහ අමාත්‍යවරයෙකු දිවුරුම්දීමට නියමිත බවය.