Author: LFN

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරන ණය සහනය ලබාගැනීම සඳහා එම අරමුදල සමග කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹීමට පාකිස්තාන රජය තවමත් අපොහොසත් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඒ, හමුවේ පාකිස්තානය නුදුරේදීම දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ පානු ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි. ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ පාකිස්තානය මේ වනවිට මුහුණ පා සිටින දරුණු මූල්‍ය අර්බුදය එරට පාලන තත්ත්‍රය දශක ගණනාවක සිට අනුගමනය කළ දුර්වල ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් බවය. ආර්ථිකය කඩාවැටීම වළක්වා ගැනීම සඳහා පාකිස්තාන රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරන සමස්ථ ණය සහන පැකේජය අමෙරිකානු ඩොලර් බිලියන 7 ක් බව පැවසෙයි.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් වරක් ජනාධිපති ධුරයට තරග කළ යුතු බවට වන යෝජනාවක් නිදහස් පක්ෂය විසින් සම්මත කරගෙන තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ථ ලංකා කාරක සභා රැස්වීම ඊයේ (11) පෙරවරුවේ ඩර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විය. මෙම කාරක සභාව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් එක්ව සිටි බව වාර්තා වෙයි. මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් ද මීට එක්වී සිටි අතර එහිදී අදාළ යෝජනාව සම්මත වී ඇති බව වාර්තා විය. රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, “අපි…

Read More

මෙරට ජනගහණයෙන් 33%ක් තවදුරටත් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණා පා ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ දෙසැම්බර් මස සමීක්ෂණ වාර්තාව අනාවරණය කර තිබේ. ‍ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් මාසය තුළ සිදුකළ සමීක්ෂණ වාර්තාව ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව ජනගහණයෙන් 35%ක් තමන් ලබාගන්නා ආහාර වේල් ප්‍රමාණය අඩුකර ඇති බව එහි සඳහන් වෙයි. එමෙන්ම ජනගහණයෙන් 67%ක් තමන් ප්‍රිය කරන ආහාර පරිභෝජනය අඩු කර ඇති බව වාර්තාවේ දැක්වෙයි. ජනගහණයෙන් 43%ක් සිය ආහාරවල ප්‍රමාණය අඩුකර තිබේ. ජනගහණයෙන් 33%ක් තවදුරටත් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ පා සිටින අතර වැඩිම ආහාර අනාරක්ෂිතභාවය වාර්තා වී ඇත්තේ ඌව පළාතෙනි. එය 43%කි. අඩුම ආහාර අනාරක්ෂිතභාවය වාර්තා වන්නේ උතුරු…

Read More

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක් මේ වනවිට ලබාදී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. ඊයේ (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම නියමිත පරිදි මේ මස 22, 23, 24 යන දිනවලදි සිදුකළ හැකි බවය. “පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මේ වනවිට තැපැල් ඡන්ද නිකුත් කිරීමේ දිනය පෙබරවාරි 10 කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තැපැල් ඡන්ද සලකුණු කිරීම 22, 23, 24 යන දිනවල දී තම සේවා ස්ථානයේ දී ඡන්දය සලකුණු කිරීමේ හැකියාව තිබෙනවා. යම් දෙයකින් මෙම…

Read More

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කොළඹ සිට ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30)පමණ වේ. එමෙන්ම මන්නාරම සිට පුත්තලම, කොළඹ හරහා ගාල්ල දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා වැඩි විය හැකි බව…

Read More

යාපනයේ පැවැති විරෝධතාවයක් අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණ නියෝගයක් කඩකිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු පිරිසකි.

Read More

ණය ලබාදෙන්නැයි ලොව වටා සිඟමන් යදිමින් සිටින අවස්ථාවක සැමරූ නිදහසේ ඇති අභිමානය කුමක්දැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ප්‍රශ්න කරයි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (10) පැවති උත්සවයක් අමතමින් කාදිනල් හිමියන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජනතාව නිවැරදි දේ ක්‍රියාත්මක කිරීමට සූදානම් නොවීමත් රටේ බිඳවැටීමට හේතුවී ඇති බවය. “අද වන විට ශ්‍රී ලංකාවේ සමාජය හැඳින්වුවහොත් දරුණු ලෙස දුෂණයට ලක්වෙලා. පසුගිය වසර 75ක කාලය තුළ අපි ගමන් කළේ පිටුපසට, මේක තමයි මේ රටේ තත්ත්වය. ශ්‍රී ලංකාව අද වනවිට ආර්ථික වශයෙන් කඩාවැටීම පමණක් නොව සම්පූර්ණයෙන්ම හැම අතින්ම කඩාවැටීමකට ලක්වී තිබෙනවා. ජනතාවගේ සදාචාරාත්මක බිඳවැටීම මේ සියල්ලටම මූලික හේතුවයි.” “අපේ ජනතාව නිවැරදි දේ…

Read More

කටුගස්තොට ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පියකු සහ දියණියක ජීවිතක්ෂයට පත්වී තිබේ. මාර්ගයේ ගමන් කළ පියා සහ දියණිය කටුගස්තොට ජම්බුගහ පිටිය මාර්ගයේදී ධාවනය වූ වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුරට ලක්වී ඇත. අනතුරින් මිය ගොස් ඇත්තේ පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පුද්ගලයකු සහ ඔහුගේ 14 හැවිරිදි දියණියයි. අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර වත්තල, හැදල ඇලකන්ද මාර්ගයේ ධාවන වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් සිදූ අනතුරකින් 23 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් තිබේ. එහි ගමන්කළ කාන්තාවක් ද බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන් වෙයි.

Read More

වැල්ලවාය ප්‍රදේශයේ තවත් භූ චලනයක් සිදුව තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේ අද (11) අළුයම 3.48 පමණ වැල්ලවාය නගරයට නැගෙනහිර දෙසින් මෙම භූ චලනය සිදුව ඇති බවය. මෙය බරපතළ තත්ත්වයක් නොවන බැවින් මේ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගතයුතු බව එම කාර්යංශය දන්වයි. ඊයේ (10) දහවල් කාලයේ බුත්තල, වැල්ලවාය ආශ්‍රිත ප්‍රදේශ වල රික්ටර් මාපකයේ ඒකක 3.5 සහ 3ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලන දෙකක් සිදුවිය.

Read More

නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන කටයුතු සඳහා අවශ්‍ය ගල්අඟුරු මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන මේ වනතෙක් ලැබී නොමැති බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි. එහි සභාපති ෂෙහාන් සුමනසේකර මහතා පැවසුවේ පෙබරවාරි මාසයේ දී රුපියල් බිලියන 22 ක මුදලක් අවශ්‍ය බවයි. නමුත් මේ වනවිටත් ඒ සඳහා ලැබී ඇත්තේ රුපියල් බිලියන 2.5 මුදලක් පමණක් බව ඒ මහතා සඳහන් කළේය.

Read More