Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාහන ලියාපදිංචි‍යේදී සහ අයිතිය පැවරීමේදීත් TIN අංකය

    January 10, 2026

    ගලෙන්බිදුණුවැව ඛේදවාචකය – බරපතළ තුවාල ලැබූ වැඩිමහල් දිණියටත් දිවි අහිමි වෙයි

    January 10, 2026

    රට රැකියා සිහිනය පෙන්වා මුදල් වංචාකළ 5ක් අත්අඩංගුවට

    January 10, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»ලබන සතියේ සිට බිත්තර ආනයනය ට පියවර
    Business

    ලබන සතියේ සිට බිත්තර ආනයනය ට පියවර

    By LFNJanuary 7, 2023No Comments1 Min Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බිත්තර ආනයනය කිරීම සඳහා අන්තර්ජාතික මට්ටමින් ටෙන්ඩර් කැඳවීම ලබන සඳුදා දිනයේ ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

    වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් බිත්තර ආනයනය කිරීමේ වගකීම රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට පවරා දී ඇති බ‍ව එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේය.

    ඒ අනුව, බිත්තර ආනයනය සඳහා වන ටෙන්ඩර් කැඳවීම, ආනයනය කරනු ලබන බිත්තර සංඛ්‍යාව තීරණය කිරීම සහ සුදුසු ආනයනකරුවන් තෝරා ගැනීමේ කටයුතු ලබන සතිය තුළ සිදුකර අවසන් කිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

    පවතින තත්ත්වය හමුවේ වෙළෙඳපොළට අවශ්‍ය වන බිත්තර ප්‍රමාණය රජය විසින් තීරණය කර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත දැනුම්දීමට නියමිතය.

    ඊට අදාළව මෙරටට අවශ්‍ය බිත්තර සංඛ්‍යාව ලබන සතිය තුළ ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේය.

    බිත්තර ආනයනය කිරීමෙන් අනතුරුව රුපියල් 45 කටත් වඩා අඩුවෙන් පාරිභෝගිකයින්ට සහනදායී මිලකට බිත්තර අලෙවි කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

    බිත්තර මිල ඉහළයාම හමුවේ පාරිභෝගිකයින් පත්වන අපහසුතාව සැළකිල්ලට ගනිමින් බිත්තර ආනයනය කිරීම සඳහා අවශ්‍ය බවට වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් පසුගිය 2 වැනිදා රැස්වූ අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබුණි.

    එහිදී බිත්තර ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව හිමි විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වාහන ලියාපදිංචි‍යේදී සහ අයිතිය පැවරීමේදීත් TIN අංකය

    January 10, 2026

    ගලෙන්බිදුණුවැව ඛේදවාචකය – බරපතළ තුවාල ලැබූ වැඩිමහල් දිණියටත් දිවි අහිමි වෙයි

    January 10, 2026

    රට රැකියා සිහිනය පෙන්වා මුදල් වංචාකළ 5ක් අත්අඩංගුවට

    January 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,369 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,575 Views
    Don't Miss

    වාහන ලියාපදිංචි‍යේදී සහ අයිතිය පැවරීමේදීත් TIN අංකය

    January 10, 20260118 Views

    වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතිය පැවරීමේදී බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය (TIN) මෝටර් රථ ප්‍රවාහන…

    ගලෙන්බිදුණුවැව ඛේදවාචකය – බරපතළ තුවාල ලැබූ වැඩිමහල් දිණියටත් දිවි අහිමි වෙයි

    January 10, 2026

    රට රැකියා සිහිනය පෙන්වා මුදල් වංචාකළ 5ක් අත්අඩංගුවට

    January 10, 2026

    බැංකු කාඩ්පත්වලින් බස් ගාස්තු ගෙවන්න ඌව පළාතේ අයටත් අවස්ථාව

    January 10, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.