Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»ලබන සතියේ සිට බිත්තර ආනයනය ට පියවර
    Business

    ලබන සතියේ සිට බිත්තර ආනයනය ට පියවර

    By LFNJanuary 7, 2023No Comments1 Min Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බිත්තර ආනයනය කිරීම සඳහා අන්තර්ජාතික මට්ටමින් ටෙන්ඩර් කැඳවීම ලබන සඳුදා දිනයේ ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

    වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් බිත්තර ආනයනය කිරීමේ වගකීම රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට පවරා දී ඇති බ‍ව එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේය.

    ඒ අනුව, බිත්තර ආනයනය සඳහා වන ටෙන්ඩර් කැඳවීම, ආනයනය කරනු ලබන බිත්තර සංඛ්‍යාව තීරණය කිරීම සහ සුදුසු ආනයනකරුවන් තෝරා ගැනීමේ කටයුතු ලබන සතිය තුළ සිදුකර අවසන් කිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

    පවතින තත්ත්වය හමුවේ වෙළෙඳපොළට අවශ්‍ය වන බිත්තර ප්‍රමාණය රජය විසින් තීරණය කර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත දැනුම්දීමට නියමිතය.

    ඊට අදාළව මෙරටට අවශ්‍ය බිත්තර සංඛ්‍යාව ලබන සතිය තුළ ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේය.

    බිත්තර ආනයනය කිරීමෙන් අනතුරුව රුපියල් 45 කටත් වඩා අඩුවෙන් පාරිභෝගිකයින්ට සහනදායී මිලකට බිත්තර අලෙවි කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

    බිත්තර මිල ඉහළයාම හමුවේ පාරිභෝගිකයින් පත්වන අපහසුතාව සැළකිල්ලට ගනිමින් බිත්තර ආනයනය කිරීම සඳහා අවශ්‍ය බවට වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් පසුගිය 2 වැනිදා රැස්වූ අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබුණි.

    එහිදී බිත්තර ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව හිමි විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.