Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»නව වසරේ රටේ ආර්ථිකය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්
    Business

    නව වසරේ රටේ ආර්ථිකය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්

    By LFNJanuary 5, 2023No Comments2 Mins Read214 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වසරේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහ බැංකුව පවසන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය 2022 වසරේදී සියයට 8 කින් පමණ සංකෝචනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති බවයි.

    2023 වසරේ දෙවන භාගයේ සිට ආර්තිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වී ඉන් ඉදිරියට වර්ධන වේගය අඛණ්ඩව පවතිනු ඇති බවට මහ බැංකුව අපේක්ෂා කරනවා.

    මහ බැංකුව පවසන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙස් ක්‍රියාවලිය සඳහා ණය හිමියන්ගේ මූල්‍යකරණ සහතික ලබාගැනීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගනිමින් සිටින බවයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමඟ සිදුකළ සාකච්ඡා සම්බන්ධයෙන් දැනට ලබා ඇති සැලකිය යුතු ප්‍රගතියත් සමඟ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මඟින් ලබාදෙන පහසුකම 2023 වසරේ මුල් කාලයේදී ලැබෙනු ඇති බව මහ බැංකුවේ අපේක්ෂාවයි.

    මේ දක්වා පෙර නොවූ ආකාරයේ කෙටි කාලීන ආර්ථික ස්ථායිකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම දුෂ්කර කාලයේදී පුද්ගලයින් හා ව්‍යාපාර විසින් සිදුකරන ලද කැපකිරීම් අර්ථවත් වන්නේ මැදි කාලීන හා දිගු කාලීන වශයෙන් ආර්ථික ස්ථායිතාව යථා තත්ත්වයට පත්කළ විට පමණයි. ඒ සඳහා සමාජයේ සෑම පුද්ගලයෙකුගේම හා සෑම අංශයකම සාමූහික හා ඒකාබද්ධ ප්‍රයත්නය අවශ්‍ය වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ.

    නිදහසින් පසු උද්ගත වූ වඩාත්ම අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් කෙරෙහි ශ්‍රී ලංකාව විසින් 2022 වසරේදී මුහුණ දෙනු ලැබුවා. 2022 වසරේදී සිදු වූ සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදය මෙන්ම පෙර නොවූ පරිදි ප්‍රතිපත්ති වෙනස්කිරීම් මගින් වූ බලපෑම ඇතුළු මෑත වසරවලදී පැවති අඛණ්ඩ ආර්ථික අභියෝග මගින් පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට අපේක්ෂා නොකළ අන්දමේ දුෂ්කරතා ඇති කරමින් ආර්ථික ක්‍රියාකාරකම්වලට දැඩි බලපෑමක් සිදුවූ බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ. පුද්ගලයින්ගේ ජීවනෝපායන් අහිමි වූ අතර ආදායම ද බොහෝසෙයින් පහළ ගොස් තිබෙනවා.

    සාර්ව ආර්ථික ස්ථායීතාව නැවත ස්ථාපිත කිරීම අරමුණු කරගත් අසීරු, එහෙත් නොවැළැක්විය හැකි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග 2022 වසර තුළ ක්‍රියාත්මක කිරීමට රජයට සහ මහ බැංකුවට සිදුවූ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

    අත්‍යවශ්‍ය ආනයන සඳහා ප්‍රමුඛත්වය ලබා දීම ඇතුළු තවත් ක්‍රියාමාර්ග කිහිපයක් මගින් විදේශ විනිමය මෙරටින් ගලායෑම තවදුරටත් පාලනය කර තිබෙනවා. මෙම ක්‍රියාමාර්ග මගින් ඉන්ධන, ගල් අඟුරු, ගෑස්, ඖෂධ, සහ ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය ආනයන සඳහා විදේශ විනිමය ලබා ගැනීම සහතික කළ බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ශීඝ්‍රයෙන් ඉහළට

    May 28, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026

    මුදල් ප්‍රතිපත්තිය ඉහළට

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.