Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මින්පසු සහනාධාර නැහැ – විදුලි බිල වැඩි කරන්න ඕන
    Featured

    මින්පසු සහනාධාර නැහැ – විදුලි බිල වැඩි කරන්න ඕන

    By LFNJanuary 4, 2023No Comments2 Mins Read149 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මින් ඉදිරියට සහනාධාර ලබාදිය නොහැකි ලෙසත් සේවා සැපයීම් නෙුවෙන් ගාස්තු අය කිරීමට සිදුවෙන බවත් වරාය හා නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දෙවන මහළ තුළ ඉලෙක්ට්‍රොනික තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක් විවෘත කිරීමේ අවස්ථාවට ඊ ඒක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

    ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අලෙවි සැල් 34 කින් සමන්විත මෙම සාප්පු සංකීර්ණය වර්ග මීටර් 1900 ක භූමි ප්‍රදේශයක් පුරා පැතිර පවතින අතර මෙම සදහා ගුවන් තොටුපළ සමාගම රුපියල් මිලියන 225 ක් ආයෝජනය කර තිබේ.

    මෙම සාප්පු සංකීර්ණය විශේෂයෙන් විගමනික ගෘහ සේවිකාවන් ඉලක්ක කර ගෙන ස්ථාපිත කර තිබේ. මෙම සාප්පු සංකීර්ණයට පිවිසීම සදහා එක්ස්කැලේටර් තරප්පු මෙන්ම සාමාන්‍ය තරප්පු ද සකස් කර තිබේ.

    මෙම නවතම සාප්පු සංකීර්ණයෙන් මාසිකව ඇමෙරිකානු ඩොලර් 55,000 ක මාසික විකුණුම් පිරිවැටුමක් අපේක්ෂා කෙරේ.

    “මෙම ගුවන් තොටුපළේ ධාවන පථය අවුරුදු 22 ක් පැරණි එකක්. මම පත් වී මාස 03 ක් තුළ එය නවීකරණය කර ආකර්ෂණීය ගුවන් තොටුපළක් බවට පත් කිරීමට මට හැකි වුණා.

    මීට පෙර පළමු මහළේ පැවති තීරු බදු රහිත සාප්පු සංකීර්ණය හරියට පෑලියගොඩ මාලු කඩේ වගේ. එම සාප්පු වල සේවකයින් තම වෙළෙඳ සැලෙන් භාණ්ඩ මිළදී ගන්න කියල කෑ ගහනවා. බලපෑම් කරනවා. ඒ පිළිබඳව මගේ හිතවතුන් මට දුරකථන මගින් දැනුම් දී තිබෙනවා. ඒ වැඩ තුට්ටුවකටවත් වටින්නෑ.

    මෙම සාප්පු සංකීර්ණය තුළ එවැනි හැසිරීම් තිබුණහොත් දැඩි පියවර ගන්න යැයි ගුවන් තොටුපළ සභාපතිවරයාගෙන් අමාත්‍යවරයා ඉල්ලීමක් ද කළේය. මෙම සාප්පු තුළ නොයෙකුත් අක්‍රමිකතා සිදු වෙනවා. එසේ ඒවා වාර්තා වුවහොත් අප සමග ගිවිසුම අහෝසි කරල කඩේ වහන්න.

    අපිට අභියෝගයක් තියෙනවා. ඒ කටුනායක ගුවන් තොටුපළ දෙවන පර්යන්ත ගොඩනැගිල්ල ඉදිකිරීම. මේ සදහා ජයිකා ආයතනය ණය ආධාරයක් සැපයුවා. නමුත් අපි රට බංකොලොත් බව ප්‍රකාශ කළ නිසා තවදුරටත් ණය දෙන්න බෑ කිව්වා. ඒ ගොල්ල කිව්වා අයි.එම්.එෆ්. එකෙන් ණය ගන්නන කියලා. ඔවුන්ගේ විශ්වාසය දිනා ගන්න. ඉන්පසුව ණය දෙන්නම් කිව්වා.

    ණය ප්‍රතිව්‍යුහගත කිරීම ලේසි නැහැ. අපි ඔවුන්ගේ කොන්දේසි වලට යටත් වෙන්න ඕනෙ. නැතිනම් ණය දෙන්නෙ නැහැ. ජාත්‍යන්තර සහාය ලැබෙන්නෙත් නැහැ. ඔවුන් කියනවා සේවා සැපයීම සදහා වැය වන ගාස්තු සදහා අය කිරීම් කරන්න කියලා. මින්පසු සහනාධාර නැහැ.

    විදුලි බිල වැඩි කරන්න ඕන. වැඩි නොකොලොත් ණය ප්‍රතිව්‍යුහගත කරන්නෙ නැහැ. අලුතෙන් ණය දෙන්නෙත් නැහැ.

    මෙම සාප්පු සංකීර්ණයෙන් වැඩිපුර සේවයක් විගමනික ශ්‍රමිකයන් සදහා ඉටු කළ යුතුයි. ඔවුන් සූරාකෑමට ලක් නොකර සාධාරණව ව්‍යාපාර කටයුතු සිදු කරන ලෙසද ඉල්ලීමක් ද කළේය.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.