Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වීඅයිපී සමාජවාදීන්ට රට ගොඩනගන සැලැස්මක් නෑ
    Featured

    වීඅයිපී සමාජවාදීන්ට රට ගොඩනගන සැලැස්මක් නෑ

    By LFNJanuary 4, 2023No Comments2 Mins Read220 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටේ නායකයන්ට මත් රකුසා පිළිබඳ තීන්දු තීරණ ගැනීමට කොන්දක් නොමැති බැවින් ගුරුවරුන් සහ දෙමවුපියන් එක්ව පාසල්වලින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    ‘සක්වල’ වැඩසටහනේ 58වැනි බස්රථය ඊයේ (03දා) මොරටුව පුවක්අරඹ මෙතෝදිස්ත උසස් විද්‍යාලයට ලබාදීමට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

    “අපේ රට අදූරදර්ශී බොරුකාර, වංචාකාර, හොර දේශපාලන නායකත්වය නිසා මුළු රටම වැටිලා තිබෙනවා. අපේ රටෙත් බොරු රැළි නිර්මාණය වෙනවනේ. බොරු රැළිවලට ගිහින් අද ඡන්දය දුන්න අයයි, නැති අයයි ඇතුළු ලක්‍ෂ 220ම මහා ප්‍රපාතයකට ඇදවැටිලා.

    දැන්වත් හිතන්න ඕන සත්‍ය කරා යන්න. ඇත්ත අවබෝධ කර ගන්න. කාටද මේ රටේ ආර්ථිකට කළමනාකරණට කරන්න පුළුවන්? කාටද මිනිස්සුන්ට දුකක් දෙන්නේ නැතිව මේ බංකොලොත්භාවයෙන් ගොඩ එන්න පුළුවන්? අපි අවංකව කියනවා අපට ඒ හැකියාව තිබෙනවා.

    මම කනගාටු වෙනවා වී.අයි.පී. සමාජවාදීන්ට රට ගොඩනගන සැලැස්මක් නෑ. අපි ළඟ තිබෙනවා සැලැස්ම. අපට ඕන ශ්‍රී ලංකා ෆස්ට් කරන්න. ලෝකයේ දක්‍ෂතම පුරවැසියන් අපේ රටේ පුරවැසියන්. ලෝකයේ දක්‍ෂතම දරු පරපුර අපේ රටේ දරු පරපුර. අපි දක්‍ෂ නිසා තමයි තිස් අවුරුදු යුද්ධයක් අවසන් කළේ.

    දෙමවුපියෝ ඇතුළු සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා කරුණාකරලා සියලු දෙනාම සන්නද්ධ වෙන්න පාසල්වලින් කුඩු තුරන් කරන්න ඕන, මත්ද්‍රව්‍ය තුරන් කරන්න ඕන. මේ රට බිළිගන්න මත් රකුසා මේ තරුණ අහිංසක ජීවිත බිළිගැනීමේ ක්‍රියාදාමයන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

    මේ රටේ නායකයන්ට මත් රකුසා පිළිබඳ තීන්දු තීරණ ගන්න කොන්දක් නෑ. සිංගප්පූරුව මත්ද්‍රව්‍ය ජාවරම්කරුන්ට දෙන විසඳුම තමයි ලෝකයේ හොඳම විසඳුම. ඒ විසඳුම අපේ රජයක් යටතේ අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 202604 Views

    ඉන්දියාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය…

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.