විදුලි බිල වැඩිකිරීමට එරෙහිව අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණු විරෝධතා මාලාව කල් දැමීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසනවා.
එහි කැදවුම්කරු රන්ජන් ජයලාල් පැවසුවේ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සතියකින් කල් දැමීමට ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කිරීම හේතුවෙන් සිය වෘත්තීය සමිති සන්ධානය ද විරෝධතා මාලාව කල් දැමූ බවයි.
විදුලි බිල වැඩි කිරීමට එරෙහි විරෝධතා වැඩසටහනට සියලු පාර්ශව එක් කර ගැනීම සඳහා දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව ද ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රන්ජන් ජයලාල් වැඩිදුරටත් සඳහන් කළා.