Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පළාත් පාලන ඡන්දයක් එපා – මිහින්තලේ හිමි කියති
    Featured

    පළාත් පාලන ඡන්දයක් එපා – මිහින්තලේ හිමි කියති

    By LFNJanuary 2, 2023No Comments2 Mins Read166 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන මැතිවරණයක් මේ මොහොතේ රටට අවශ්‍ය නොවන බවත්, එයට ජනතාව විරෝධය පළකළ යුතු බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසති.

    ඊයේ (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ ප්‍රකාශ කළේ කිසිදු ප්‍රයෝජනයක් නොමැති පළාත් පාලන ආයතනවලට එරෙහිව නඩු පැවරිය යුතු බවය.

    “ප්‍රාදේශීය සභා මොකටද අපිට ? ප්‍රාදේශීය සභා ඡන්දය තිබ්බා කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් හම්බවෙනවාද අපිට ? මුදල් හමුබවෙන්නේ නැහැ. ඒ හින්දා මුලු සමස්ත රටම ප්‍රාදේශීය සභා ඡන්දය තිබ්බොක් කවුරු ආවත්, කොයි පක්ෂයෙන් ආවත් කටුගාන්න සූදානම් වෙන්න ජනතාවනි. තවත් අවුරුදු 5කට දෙනවා කියන්නේ මකොල්ලකාරයෝනේ මේ. සමස්ත රටේම ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තුව දක්වා සම්පූර්ණ ලයිසන් ගත්තු මංකොල්ලකාරයෝ. ඒ හින්දා අපිට ඒවා වැඩක් නැහැ. තියෙනවානම් මහමැතිවරණයක් තියන්න. ඊයේ පෙරේදා මම දැක්කා අපි සබ්රි මහත්තයා ගිහිල්ලා ආවනේ අමෙරිකාවේ. ඒ වෙලාවෙත් කිව්වානේ ඔයාලගේ ජනමතය හරි තැනක නැහැ ස්ථාවරයක් නැහැ රට තුළ. මේ සම්පූර්ණ ජනමතයක් තියෙන තැනකට ගෙන එන්න අපි එතකොට මුදල් දෙන්නම් කියලා. නැත්නම් මේ කපේට ප්‍රාදේශීය සභා තිබ්බාට හම්බවෙන්නේ නැහැ. අනිත් එක දේශපාලන පක්ෂනේ මේ ප්‍රාදේශීය සභාවක් ඉල්ලන්නේ. මොකටද ප්‍රාදේශීය සභා ? ජනාධිපතිවරණයකුයි, මහමැතිවරණයකුයි ප්‍රමාණවත් මේ රටට. තවත් අවුරුදු 5කට මොකද මේ ප්‍රාදේශීය සභාව තවත් හොරු රැළකට දෙන්නේ ? ආසන්නම සිද්ධිය තමයි බෙලිඅත්තේ සභාපති ගමට බෙදන්න බට ගෙනාවා. ඒ බට ටික හොරකම්කරලා දැන් මිනිහා හිරේ ගියා. එතකොට තව හොරු කණ්ඩායමකට දෙන්ඩ කියන්නේ තවත්. පළාත් පාලන ආයතනවලට විරුද්ධව නඩු දානවා අපි. කරලා තියෙන මේ විනාශයට. විවිධ පාටවලින් විවිධ පක්ෂවලින් එයි. ඉතින් ජනතාව කැමති නැහැ. ඇත්තටම අපි කැමති නැහැ කාටවත්. තමුන්නාන්සේලා ගැන විශ්වාසයක් තියෙලනේ එහෙම ඡන්දය දීලා ජයවේවා කියලා රජ කෙරෙව්වේ. රජ කෙරුව නමුත් ඔබතුමාලා රජ වුණා අපි බලු වුණානේ අපිට කවුරුවත් නැති වුණානේ. අපි අන්ත අසරණ දුප්පත් තත්ත්වයට පත් වුණානේ. ඉතින් මේක අද ජනවාරි පළවෙනිදාම කියන්න වුණ එක ගැන මම කණගාටුවෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,447 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,402 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026049 Views

    අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතු‍රට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි…

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.