Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    තැන තැන සිදුවන මාරක අනතුරු

    December 22, 2025

    මහනුවරට හා නුවරඑළිය තවදුරටත් නායයෑමේ රතු නිවේදන

    December 22, 2025

    ආපදාවට ලක් වූ නිවාස වෙනුවට නිවාස සංකීර්ණ ස්ථාපිත කිරීමට පියවර

    December 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»2023 වසර නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් – ජනපති
    Featured

    2023 වසර නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් – ජනපති

    By LFNJanuary 1, 2023No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරි දශකය තුළ සමෘද්ධිමත් හා ඵලදායී ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා යෝජිත සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අතිමහත් දුෂ්කරතා මෙන්ම අවිනිශ්චිතතාවයන් සහ බලාපොරොත්තු සුන්වීම් හමුවේ ගතකළ වසරක් නිමා කරමින් 2023 නව වසරට මෙරට ජනතාව පිවිසි බවය.

    රටේ සිදූ වූ පෙර නොවූ විරූ ආර්ථික කඩාවැටීම හමුවේ මෙරට සියලුදෙනා මත පැටවී ඇති විශාල බර සහ බහුතරයක් අත්විඳින ලද පසුබෑම පිළිබඳ මනා වැටහීමක් ඇති බව ජනාධිපතිවරයා පවසයි.

    දැනටමත් මෙම අයහපත් කාලය පසුකර ඇති බවට තමන් විශ්වාස කරන බවත් 2023 නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

    ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයේ යටත්විජිතයක්ව පැවත, ඉන් නිදහස ලබා 2023ට වසර 75ක් සපිරෙන නමුත් බ්‍රිතාන්‍ය යටත්විජිතයක් ලෙස පැවත නිදහස ලැබූ අනෙක් රටවල් උදාකරගෙන ඇති ප්‍රගතිය ලබාගැනීමට අප මෙතෙක් සමත් වී නොමැති බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    එම නිසා රටේ බහුතරයක් තරුණ තරුණියන් පවතින ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටින අතර එය කිසිසේත් නොසලකා හැරිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තැන තැන සිදුවන මාරක අනතුරු

    December 22, 2025

    මහනුවරට හා නුවරඑළිය තවදුරටත් නායයෑමේ රතු නිවේදන

    December 22, 2025

    ආපදාවට ලක් වූ නිවාස වෙනුවට නිවාස සංකීර්ණ ස්ථාපිත කිරීමට පියවර

    December 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    තැන තැන සිදුවන මාරක අනතුරු

    December 22, 20250120 Views

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් එකම පවුලේ මව සහ පුතා ඇතුළු පුද්ගලයින් සිව්…

    මහනුවරට හා නුවරඑළිය තවදුරටත් නායයෑමේ රතු නිවේදන

    December 22, 2025

    ආපදාවට ලක් වූ නිවාස වෙනුවට නිවාස සංකීර්ණ ස්ථාපිත කිරීමට පියවර

    December 22, 2025

    මැණික් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් රේගු භාරයට

    December 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.