Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හිරුණිකාට, ආදර්ශාට ආශුගෙන් එන්තරවාසියක්
    Featured

    හිරුණිකාට, ආදර්ශාට ආශුගෙන් එන්තරවාසියක්

    By LFNDecember 30, 2022No Comments1 Min Read362 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සුනඛයෙක් ව අපයෝජනයට ලක්කළ බවට මාධ්‍ය හමුවක් පවත්වමින් ආශු මාරසිංහ මහතාට චෝදනා එල්ල කළ සමගි වනිතා බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ආදර්ශා කරදනට අපහාස කිරීම සම්බන්ධයෙන් රුපියල් බිලියන 1.5ක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා ඔහු විසින් එන්නරවාසී යොමුකර තිබේ.

    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ආදර්ශා කරදන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එල්ල කළ සියලු චෝදනා අසත්‍ය බව මහාචාර්ය ආශු මාරසිංහ සිය එන්තරවාසියෙන් පෙන්වාදී ඇත.

    පසුගිය 23 වන දින සමගි වනිතා බලවේගයේ හිරැණිකා ප්‍රේමචන්ද්‍රට සහ ආශු මාරසිංහ සමග වයිවාහක ජීවිතයක් ගතකළ බව පැවසූ ආදර්ශා කරදන මාධ්‍ය හමුවක් පවත්වමින් මහාචාර්ය ආශු මාරසිංහ සුනඛයෙකු අපයෝජනයට ලක්කළ බවට චෝදනා එල්ල කළේය.

    මහාචාර්ය ආශු මාරසිංහ මහතා පිළිබඳ සකස් කර සංස්කරණය කරන ලද වීඩියෝවක් පළකිරීම හා එම වීඩියෝව පිළිබඳ වැරදි අර්ථ නීරූපනයක් ලබාදීමෙන් තමාට අපහාසයක් සිදුවූ බව සිය එන්තරවාසියෙන් පෙන්වා දී තිබේ.

    මාධ්‍ය සාකච්ඡාව මගින් මහජනතාව නොමඟ යැවීමට හා එමගින් අයුතු ආකාරයෙන් මහජන මතයක් මහාචාර්ය ආශු මාරසිංහ මහතාට එරෙහිව ගොඩනගමින් ඒ මහතාගේ කීර්ති නාමයට හානි කළ බවත් හෙතෙම පෙන්වා දෙයි.

    මහාචාර්ය ආශු මාරසිංහ මහතා සිය නීතිඥවරුන් මගින් තමාට සිදුවූ අපහාසයට අදාළව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට රුපියල් මිලියන 500ක් හා ආදර්ශා කරදනට රුපියල් බිලියනයක මුදලක් වන්දි වශයෙන් ලබා දෙන ලෙස දන්වා එන්තරවාසි යොමු කර තිබේ.

    එම එන්තරවාසි මගින් දන්වා ඇත්තේ පසුගියදා ඔවුන් කරන ලද මාධ්‍ය සාකච්ඡාවේ සියලු තොරතුරු අසත්‍ය බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 202601 Views

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ…

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.