Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 සම්පූර්ණ අයවැය යෝජනා මෙන්න

    November 7, 2025

    දියවඩන නිලමේ ධූරයට යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල

    November 7, 2025

    වෙරළ ආරක්ෂ දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

    November 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»ඩොලර්වලට අලෙවි කළ නිවාසවලින් ලැබූ ආදායම
    Business

    ඩොලර්වලට අලෙවි කළ නිවාසවලින් ලැබූ ආදායම

    By LFNDecember 30, 2022No Comments1 Min Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මධ්‍යම පාන්තික නිවාස ඩොලර්වලට අලෙවි කිරීමේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට අමෙරිකානු ඩොලර් ලක්ෂ 5කට වැඩි ආදායමක් උපයාගෙන ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

    මේ වසරේ ඩොලර්වලින් නිවාස අලෙවි කොට ලබාගැනීමට අපේක්ෂා කළ ආදායම ඩොලර් ලක්ෂ 05ක් වන අතර වසර අවසන් වීමටත් පෙර එම ඉලක්කය ඉක්මවා යාමට හැකිවු බව එම අධිකාරිය සඳහන් කළේය.

    මෙරට ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකර ඇති මධ්‍යම පාන්තික නිවාස, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට හා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට අලෙවි කිරීමට පියවර ගත් අතර ඊට අදාළ පළමු නිවාස පසුගිය සැප්තැම්බර් මාසයේදී අලෙවි වුණි.

    ඒ අනුව මේ වනවිට නිවාස 11ක් ඩොලර්වලට අලෙවි වී ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පැවසීය.

    ඩුබායි, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ඕමාන් කටාර් රාජ්‍යය හා ෆීජී දූපත්වල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් එම නිවාස මිලදීගෙන තිබේ.

    එමෙන්ම තවත් නිවාස 8ක් මිලදී ගැනීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඉල්ලීම්කර ඇති අතර එම ක්‍රියාවලිය මගින් ලබන වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 1.5ක අදායමක් උපයා ගැනීමට සැලසුම් සකස් කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රන් මිලේ දැනෙන වෙනසක්

    October 7, 2025

    තාක්ෂණික දෝෂයක් නිසා කොටස් වෙළෙඳපොළ ගනුදෙනු තාවකාලිකව ඇණහිටී

    July 16, 2025

    රත්‍රං මිල පහළට

    May 14, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,395 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,341 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,562 Views
    Don't Miss

    2026 සම්පූර්ණ අයවැය යෝජනා මෙන්න

    November 7, 20250118 Views

    2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක…

    දියවඩන නිලමේ ධූරයට යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල

    November 7, 2025

    වෙරළ ආරක්ෂ දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

    November 7, 2025

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.