ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් සමග කළ සාකච්ඡාවේදී බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම කෙරෙහි අවධානය යොමුවූ බව එම විශ්වවිද්‍යාලයේ උප කුලපති, පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන් පැවසීය.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (29) පස්වරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
“පනත සංශෝධනය කරන්න කියලා.. මහානායක හාමුදුරුවරු හතරනම ම හමුවුණා. උන්වහන්සේලාගේ අනුශාසනා ලැබුණේ පනත සුදුසු පරිදි වෙනස් කරන්න. ඉදිරියේදී අවශ්‍ය වෙනස්කම් කරනවා. උන්වහන්සේලා අදහස් කරගෙන ඉන්නේ.. ගිහි ළමයි ඉන්න නිසා තමයි මේ වගේ තත්ත්වයක් විශ්වවිද්‍යාලයේ තියෙන්නේ කියලා. රනිල් වික්‍රමසිංහ මහතා අපිට මේකට මොනවත් කියලා නැහැ. එතුමාගේ සම්බන්ධයක් නැහැ.”
මේ අතර බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කළ යුත්තේ සියලු ගැටලු විසඳීමෙන් පසුව බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසීය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා,
“පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය නැවත ආරම්භ කළ යුත්තේ ප්‍රශ්න සියල්ලක්ම හමාර කරලයි. ඒක මගේ අදහස. අතළොස්සක් විසින් සමස්ත බහුතරය පාලනය කරන තත්ත්වය ඉවත් කිරීම සිදුවිය යුතුයි. මේ විදිහට විශ්වවිද්‍යාලයක් පවත්වාගෙන ගිහින් වැඩක් නැහැ. ඒ නිසා එය නිවැරදි කරන්න ඕනේ.”