Close Menu
Lanka Focus News
    What's Hot

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනතාව දුක් විදින කොට පාලකයන් තරු හෝටල්වල සැප ගන්නවා
    Featured

    ජනතාව දුක් විදින කොට පාලකයන් තරු හෝටල්වල සැප ගන්නවා

    By LFNDecember 23, 2022No Comments2 Mins Read232 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වන විට අප රටේ බරපතළ ඖෂධ හිඟයක් පවතින බවත් රෝහල්වල මෙන් ම ෆාමසිවලත් බෙහෙත් නොමැති බවත් එසේ බෙහෙත් නොමැතිව වැඩිහිටියන්, මව්වරුන්, දරුවන් ආදී පුරවැසියන් රැකගන්නේ කෙසේද? යන්න තමා ප්‍රශ්න කරන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  කියා සිටියේ මුදලට ගන්න හෝ බෙහෙත් නොමැති අවස්ථාවක බෙහෙත්වල මිල ඉතා ඉහළට ගොස් ඇති බව යි.

    මේ කිසිවක් පාලකයන්ට නොතේරෙන බවත් ඔවුන්ට අවැසි ආකාරයට බෙහෙත්, ආහාර ලැබෙන නිසා ඔවුන් සුරසැප විඳින බවත් මේ නිවාඩු කාලයේ ඇමතිවරු තරු 7 හෝටල්වල සුරසැප විඳින බවත් ඔවුන්ට ලෙඩ රෝග ඇති වූ පසු යන්නේ තරු 7 රෝහල්වලට බවත් ඔවුන්ට ජනතාවගේ දුක නොතේරෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (22) ත්‍රිකුණාමල රෝහලට රුපියල් ලක්ෂ 39ක් වටිනා වකුගඩු කාන්දු පෙරණ යන්ත්‍රයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.එය සමගි ජනබලවේගයෙන් හුස්මක් යටතේ ක්‍රියාත්මක 54 වන අදියර ය. මීට පෙර සමගි ජන බලවේගයෙන් හුස්මක් හරහා අදියර 53දී රු.160,266,900ක රෝහල උපකරණ පරිත්‍යාග කොට ඇත.

    වෛද්‍යවරුන්ගේ සංගමය, රෝහල් අධ්‍යක්ෂවරු පවා කියා සිටින්නේ පුළුවන් තරම් සැත්කම් කළමනාකරණය කර ගන්නා ලෙසත් ඒ සඳහා අවශ්‍ය නිර්වින්ධන බෙහෙත් පවා නොමැති වීම අතිශය ගැටලුවක් බවත් මේකට හේතු වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතිශය දූෂිත වීම නිසා බවත් ඇතැම් ටෙන්ඩර් ක්‍රියාත්මක වන්නේ මාස 11කට පසුව බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ. මහ බැංකු වාර්තා අනුව බෙහෙත් සඳහා මාසෙකට ඩොලර් මිලියන 50ක් පමණ වැය වුණත් වත්මන් නායකයන්ට එම මුදල හෝ සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් ඔවුන් බෙහෙත්වලින් පවා සොරා කෑමට පුරුදු වී ඇති බවත් මේ තත්ත්වය ඉදිරියේ දී සමගි ජන බලවේගය බලයට පත් වූ පසු වෙනස් කර මෙවැනි කොමිස්කාරයන්ට පගාකාරයන්ට එරෙහිව පියවර ගන්නා බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

    එමෙන් ම ජනතාවට වැඩ කිරීමේ හැකියාව, බලයක් නොමැති වුවත් ධානපතියන් හරහා ප්‍රතිපාදන, සම්පත් ලබා ගැනීමේ හැකියාවක් පවතින නිසා මෙරට රෝහල් රැසකට මිලියන ගණනින් බෙහෙත් ද්‍රව්‍ය ලබා දීමට හැකි වූ බවත් ඒ තුළින් දහස් සංඛ්‍යාත ජනයා සුවපත් වනු දැකීම තුළ තමා අතිශය සතුටට පත්වන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,425 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 202608 Views

    සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළයුතු බව…

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.