Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කල්පිටියෙන් මත්ද්‍රව්‍ය සොයා ගත් සිද්ධියට සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

    December 7, 2025

    දෙහිවල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් අයෙකු මරුට

    December 7, 2025

    ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – 23ක් මරුට

    December 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»කොළඹ හා යාපනය එල්.‍පි.එල්. අවසන් සටනට
    Sport

    කොළඹ හා යාපනය එල්.‍පි.එල්. අවසන් සටනට

    By LFNDecember 23, 2022No Comments2 Mins Read226 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අවසන්මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත්විය.

    ඒ තරගාවලියේ තෙවැනි අවසන්පූර්ව තරගයෙන් කැන්ඩි ෆැල්කන්ස් පරදා කඩුළු 6 ක ජයක් හිමි කර ගනිමිනි. මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණී.

    තරගයේ කාසියේ වාසිය දිනා ගත් කලම්බු ස්ටාර්ස් නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුරැකීමට තීරණය කලේය. ඒ් අනුව කැන්ඩි සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුනු 168 ක් රැස් කළහ.

    ඉනිමේ අවසන්භාගයේදී කැන්ඩි කණ්ඩායමේ ලකුණු පුවරුව වේගවත් කළ නායක වනිඳු හසරංග ලකුණු 77 ක් රැස් කලේ පන්දු 34 කට පමණක් මුහුණ දෙමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 8 ක් හා හයේ පහර 3 ක් ඇතුලත්විය.

    ඔහුට අගනා සහයක් ලබාදුන් අශේන් බණ්ඩාර ලකුණු 40 ක් රැස් කලේය. පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුළු 4 ක් බිඳ හෙලීය.‍

    ලකුනු 169 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කලම්බු ක්‍රීඩකයින් පන්දුවාර 18.5 කදී කඩුළු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්විය.

    වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 40 කදී ලකුනු 64 ක් රැස් කිරීමට සමත්විය. එමෙන්ම රවී බොපාරා පන්දු 16 කදී ලකුනු 29 ක් රැස් කලේය. තරගයේ වීරයා සම්මානය හිමිවුයේ පන්දුවෙන් දස්කම් දැක්වූ කසුන් රාජිතටයි. මේ අනුව තරගාවලියේ මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහන පෙරමුණ ගෙන නිමා කළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට තරගාවලියේ අවසන්පූර්ව වටයෙන් ඉවත්වීමට සිවිය. ඔවුන් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන්ද ජැෆ්නා කිංග්ස් හමුවේ පරාජයට පත්විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ශ්‍රී ලංකාව පාකිස්තානයේ දී වයිට්වොෂ් වෙයි

    November 17, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,359 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    කල්පිටියෙන් මත්ද්‍රව්‍ය සොයා ගත් සිද්ධියට සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

    December 7, 20250113 Views

    කල්පිටිය ප්‍රදේශයෙන් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 78ක තොගයක් සොයා ගැනීමේ සිද්ධියට සැකකරුවන් සිව්…

    දෙහිවල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් අයෙකු මරුට

    December 7, 2025

    ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – 23ක් මරුට

    December 7, 2025

    ප්‍රධාන ජලාශ රැසක් තවදුරටත් වාන් දමයි

    December 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.