Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»අත ළඟ තිබුණත් ශ්‍රී ලංකාව නොදුටු ඩොලර් තොගය
    Business

    අත ළඟ තිබුණත් ශ්‍රී ලංකාව නොදුටු ඩොලර් තොගය

    By LFNDecember 15, 2022No Comments1 Min Read149 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් නොමැතිවීමේ ගැටලුව හේතුවෙන් ලොව අනෙක් රටවල් අතර ශ්‍රී ලංකාව දැඩි පසුබෑමකට ලක්ව ඇති බව ආර්ථීක ස්ථායීකරණය සඳහා වූ ජාතික සභාවේදී අනාවරණය වී තිබේ.

    මෙම ක්ෂේත්‍රය දියුණුවට ලක් කිරීමෙන් අමෙරිකානු ඩොලර් බිලියන 5ක මුදලක් රටට ඉපැයිය හැකි බවද එහිදී අනාවරණය වුනි.

    තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ ගැටලු සහ ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.

    මේ සඳහා විද්වතුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා පෞද්ගලික සමාගම් ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් එක්ව තිබේ.

    වත්මන් ආර්ථික අර්බුදයත් සමග තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්ද සහ අත්දැකීම් සහිත වෘත්තිකයින් රට හැර යාම ප්‍රධානතම ගැටලුවක් බව මෙහිදී අවධාරණය කෙරුණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්ථික ස්ථායීකරණය සඳහා වූ වැඩසටහන් හඳුනාගැනීම වෙනුවෙන් වූ ජාතික සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා.

    “දැනට ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය නිවැරදිව දියුණු කරගත්තොත් පන් ලක්ෂයකට පමණ රැකියා අවස්ථා ලබාදෙන්න පුළුවන් තත්ත්වයක් තියෙන තැනක්. ඩොලර් මිලියන 5ක් පමණ ලබාගන්න පුළුවන් තැනක්. දැනට මේක ඩොලර් මිලියන 1ත් 1.5ත් අතර ආදායමක් උපයන, ඇත්තටම ගත්තොත් තේ, පොල්, රබර් තුනටම වඩා හොඳ ආදායමක් ගෙනදෙන ක්ෂේත්‍රයක් නමුත් පළවෙනි කාරණය මේ සම්බන්ධයෙන් නිශ්චිත ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම නිසා අපේ පිරිස් දැනටමත් රට හැරයාමේ තර්ජනයක් මත බොහොමයක් දේශීය සමාගම් අධෛර්යට පත්වෙලා ඉන්නවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ශීඝ්‍රයෙන් ඉහළට

    May 28, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026

    මුදල් ප්‍රතිපත්තිය ඉහළට

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.