රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා පත්‍ර ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයාට ජනවාරි මස 17 වනදා දක්වා කල් ලබාදී තිබේ.
නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම නඩුව කැඳවීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කළේය.
මෙම පැමිණිලි කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර සනත් නිශාන්ත මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.