Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රට ගොඩ ගන්න තාරුණයේ සහභාගීත්වය ඉතා වැදගත් -ජනපති
    Featured

    රට ගොඩ ගන්න තාරුණයේ සහභාගීත්වය ඉතා වැදගත් -ජනපති

    By LFNDecember 12, 2022No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වත්මන් ගැටලුවලට විසඳුම් සොයමින් රට යළි ගොඩනැගීමේදී තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ රාජකීය විද්‍යාලයේ ඊයේ (11) පැවති උත්සවයකට එක්වෙමිනි.

    දිස්ත්‍රික් 306 C-2 ලියෝ සමාජය සඳහා දීපව්‍යාප්තව සාමාජිකයින් 6,500 ක් බඳවාගැනීම සහ ලියෝ දිනය වෙනුවෙන් සංවිධාන කළ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේදී ඊයේ පෙරවරුවේ පැවැත්වුණි.

    මෙහිදී අදහස් දැක්වූ ජනපති,

    “ඔබේ ප්‍රදර්ශනයේ සියලුම අංගයන් මා නැරඹුවා. ඒ අතුරින් ඉතා සිත්ගන්නා දෙයක් මට හමුවුණා. මෙය ආනන්ද විද්‍යාලයේ කුටියෙන් මට හමුවුණේ. ඔවුන් මට පැවසුවේ මෙය ලිවීමට මෙන්ම වගා කිරීම සඳහාත් යොදාගත හැකි බවයි. මම පළමුව සිතා බැලුවා මෙය ලිවීමට හැකියාවක් පවතීද යන්න සොයා බලන්න. ඔව් ඉන් ලියන්න පුළුවන්. එය වැඩකරනවා. මම පළමුව සුබ පැතිය යුතුයි ඔබගේ නිර්මාණය සඳහා. දෙවනුව අප පරිසර හිතකාමී දේවල් ප්‍රචලිත කරන නිසා මම මගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාට පැවසුවා ජනාධිපති කාර්යාලය සඳහා මෙම නිෂ්පාදනයෙන් තොගයක් මිලදී ගන්නා ලෙසට. අපි මේ රටේ තාරුණ්‍යයට අනාගතයක් සලසාදිය යුතුයි. ඒ වගේම අප නිදහස ලබාදිය යුතුයි ඉදිරියට ගොස් අපි සිදුකළ යුත්තේ කුමක්ද කියා පවසන්න. මේ රටේ දේශපාලනය වෙනස් විය යුතුයි. ජපානය ළඟට දෙවැනියට සාර්ථක රටක් ලෙස ගමන් ආරම්භ කළ අපේ රට දැන් ඉන්නේ ඇෆ්ගනිස්තානයට උඩින්. බොහෝමයක් තරුණයින් ඡන්දය ලබාදී රටින් පිටව යනවා. නමුත් මම සිතනවා මගේ දැක්ම අනුව මේ රට නැවත හැරවිය හැකි බව. දේශගුණික විපර්යාස පිටුදැකීම සඳහා වැඩපිළිවෙළක් අප ලබන වසරේ දියත් කරනවා. මම ඒ සඳහා වන කාර්යාලයක් දැනටමත් පිහිටුවා අවසන්. අප තීරණය කර තිබෙනවා විවෘතව අදහස් පළකිරීමට වගේම අර්ථාන්විත ක්‍රියාවන් දියත් කිරීමට.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.