Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විශ්වවිද්‍යාල සිසුන් හිටපු උපකුලපතිට පහරදෙයි ?
    Featured

    විශ්වවිද්‍යාල සිසුන් හිටපු උපකුලපතිට පහරදෙයි ?

    By LFNDecember 11, 2022No Comments1 Min Read363 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පහරදීමකින් එහි හිටපු උපකුලපති භූවිද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සහ ඔහුගේ පුත්‍රයා තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

    පොලීසිය පැවසුවේ ඊයේ (10) රාත්‍රී මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේදී ඔහුගේ පුත්‍රයාගේ මෝටර් රථය, නවතා තිබූ යතුරුපැදියක ගැටී ඇති බව පවසා විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනෙකු සමග බහින් බස් වීමක් සිදුව ඇති බවය.

    අනතුරුව ඇති වූ ආරවුල දුරදිග යාමෙන් පසු විශ්වවිද්‍යාල සිසුන් 300ක පමණ පිරිසක් අතුල සේනාරත්න මහතා රැඳී සිටි විශ්වවිද්‍යාල නිල නිවස ද වටලා පහර දී අලාභහානි සිදුකර ඇති බව පොලීසීය සඳහන් කළේය.

    පසුව පේරාදෙණිය පොලීසිය එම ස්ථානයට පැමිණ ගැටුම සමතයට පත්කර පිරිස විසුරුවා හැර තිබේ.

    පහරකෑමෙන් තුවාල ලැබූ අතුල සේනාරත්න මහතා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ පුත්‍රයා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසුවේය.

    පහරදීමෙන් අතුල සේනාරත්න මහතාගේ බිරිඳ සහ නිවසේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බව වාර්තා වේ.

    පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.