Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අදත් අහස වලාකුළුවලින් බරවෙයි – මැන්ඩවුස් ගැනත් දැනුම්දීමක්
    Featured

    අදත් අහස වලාකුළුවලින් බරවෙයි – මැන්ඩවුස් ගැනත් දැනුම්දීමක්

    By LFNDecember 9, 2022No Comments2 Mins Read336 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ අහස වලාකුළුවලින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මේ අතර නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වී ඇති මැන්ඩවුස් සුළි කුණාටුව ඊයේ දිනයේ රාත්‍රී 11.30 වනවිට අක්ෂාංශ 10.6N සහ දේශාංශ 82.3E ආසන්නයේ ස්ථානගතව පැවතුණු බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

    මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන්කර දෙසැම්බර් 09 වනදා රාත්‍රියේ නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මේ අතර උතුරු පළාතේ නිරන්තරයෙන් වැසි ඇතිවන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ එහිදී ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවය.

    එසේම සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    මේ අතර බස්නාහිර සහ වයඹ පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය .

    උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව, සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

    මේ අතර රජයේ සහ රජයේ ආධාර ලබන සියලුම පාසල් සඳහා අද විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

    අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ පවතින රටේ පවතින කාලගුණික තත්ත්වය පිළිබඳ අවධානය යොමුකරමින් මෙම පියවර ගත් බවය.

    මේ පිළිබඳ අධ්‍යාපන බලධාරීන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සහ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් විමසීමක් සිදුකර ඇති අතර එහිදී ලැබුණු තොරතුරු මත පදනම්ව පාසල් සඳහා අද විශේෂ නිවාඩුවක් ලබාදීමට පියවර ගෙන තිබේ.

    එමෙන්ම දිවයින පුරා පිහිටි කතෝලික පාසල් සඳහා ද අද විශේෂ නිවාඩුවක් ලබාදීමට පියවර ගත් බව කතෝලික සභාව සඳහන් කළේය.

    මේ අතර මේ දිනවල පවතින ශිත කාලගුණ තත්වය හේතුවෙන් කුඩා දරුවන්ට වෛරස් උණ ඇතුළු විවිධ රෝගී තත්ත්වයන් පහසුවෙන් බෝවීමේ අවදානමක් පවතින බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.