Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වැලන්ටයින් දවසෙත් කෝල් කරලා දැරිය ගෙන්වාගෙන අතවර කරලා – දැරියක දූෂණය කළ 51 හැවිරිදි සැකකරු මොනරාගල දී දැලේ

    February 19, 2026

    රුපියල් මිලියන 556ක අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ තොගයක් පොලීසියට

    February 19, 2026

    ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර විශේෂ හමුවක් – භෝජන සංග්‍රහයකටත් එක්වෙයි

    February 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇමති බන්දුලගේ note එකෙන් පොලිස් කොස්තාපල් කිලිනොච්චියට මාරු
    Featured

    ඇමති බන්දුලගේ note එකෙන් පොලිස් කොස්තාපල් කිලිනොච්චියට මාරු

    By LFNDecember 8, 2022No Comments1 Min Read335 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ස්වාධීන පොලිස් කොමිසමේ කටයුතුවලට දේශපාලන අධිකාරිය මැදිහත්වීම හේතුවෙන් අවංකව සේවය කරන පොලිස් නිලධාරීන් වෙනත් ප්‍රදේශවලට මාරු කිරීමට කටයුුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව මීගොඩ ප්‍රදේශවාසීන් ප්‍රශ්න කර සිටී.

    මීගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව ප්‍රජා පොලිස් ඒකකයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකුගේ ඉල්ලීම මත ස්ථාන මාරුකිරීම පිළිබඳ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රදේශවාසීන් මේ පිළිබඳව ප්‍රශ්න කර සිටියේය.

    මීගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව ප්‍රජා පොලිස් ඒකකයේ සේවය කළ පොලිස් කොස්තාපල් සුරංග දිනාල් පෙරේරා “ප්‍රාදේශීය සිවිල් ආරක්ෂක කමිටුවේ රාජකාරී කටයුතුවලදී අපක්ෂපාතීව කටයුතු නොකරන බැවින්” ඔහුව වෙනත් පොලිස් ස්ථානයට මාරුකරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රි කමල් චන්දන මහතා විසින් එහි ආසන සංවිධායක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබුණි.

    ඒ අනුව එම ලිපියට අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා විසින් සටහනක් තබමින් මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලා ඇත්තේ අදාළ පොලිස් නිලධාරීයාගේ ස්ථානමාරුව පිළිබඳ සලකාබලන ලෙසය.

    එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට සුරංග දිනාල් පෙරේරා නමැති පොලිස් කොස්තාපල්වරයා පොලිස්පතිගේ නියෝග මත මානව සම්පත් කළමනාකරණ සහ ජාත්‍යන්තර සබඳතා දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති සිසිර කුමාර මහතාගේ අත්සනින් යුතුව කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත මරුකර යවා තිබේ.

    මෙම පොලිස් නිලධාරියා ස්ථානමාරු කිරීම සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ක්‍රියාකලාපය දැඩිලෙස විවේචනයට ලක් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වැලන්ටයින් දවසෙත් කෝල් කරලා දැරිය ගෙන්වාගෙන අතවර කරලා – දැරියක දූෂණය කළ 51 හැවිරිදි සැකකරු මොනරාගල දී දැලේ

    February 19, 2026

    රුපියල් මිලියන 556ක අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ තොගයක් පොලීසියට

    February 19, 2026

    ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර විශේෂ හමුවක් – භෝජන සංග්‍රහයකටත් එක්වෙයි

    February 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,422 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    වැලන්ටයින් දවසෙත් කෝල් කරලා දැරිය ගෙන්වාගෙන අතවර කරලා – දැරියක දූෂණය කළ 51 හැවිරිදි සැකකරු මොනරාගල දී දැලේ

    February 19, 20260121 Views

    වැලන්ටයින් දවසෙත් කෝල් කරලා දැරිය ගෙන්වාගෙන අතවර කරලා 2025 වර්ෂයේ අවුරුදු 16යි මාස 06ක් වයසැති…

    රුපියල් මිලියන 556ක අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ තොගයක් පොලීසියට

    February 19, 2026

    ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර විශේෂ හමුවක් – භෝජන සංග්‍රහයකටත් එක්වෙයි

    February 19, 2026

    පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

    February 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.