Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඇමසන් cloud බිඳවැටීමෙන් ලොව පුරා අන්තර්ජාල සේවා රැසක් අක්‍රීය වෙයි

    October 20, 2025

    උඩරට දුම්රිය මාර්ගයේ තවත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි

    October 20, 2025

    උඩරට දුම්රිය මාර්ගයේ පීලිගත කිරීම් කටයුතු තවදුරටත්

    October 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපතිගෙන් පාර්ලිමේන්තුවේ දී සැර ප්‍රකාශයක්
    Featured

    ජනපතිගෙන් පාර්ලිමේන්තුවේ දී සැර ප්‍රකාශයක්

    By LFNDecember 8, 2022No Comments3 Mins Read382 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදුලි ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් අද (08) ජනාධිපතිවරයාගෙන් විශේෂ හෙළිදරව්වක් සිදුකළේය.

    පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා එහිදී පවසා සිටියේ, 2013 වසරේ සිට මේ දක්වා රු බිලියන 300ක අලාභයක් විදුලිබල මණ්ඩලය ලබා ඇති බවය.

    “අපි අගෝස්තු මාසයේ වැඩි කළා. ඒක මදි. දැන් බිලියන 151 අලාභයයක් ලැබෙන්න තියෙනවා. දැනට අපේ සම්පූර්ණයෙන්ම අලාභය 2013 සිට බිලියන 300ක්. මේ කාලයේ දී බිලියන 300ක් හොයන්න තියෙනවා. එන අවුරුද්දේ නියඟයක් තිබුණොත් අපිට අවශ්‍යයි වැඩිපුර රුපියල් බිලියන 420ක්. සාමාන්‍යයෙන් වර්ෂාව ලැබුණොත් බිලියන 352ක්. වර්ෂාව ලැබිලා ගංවතුර තිබුණොත් රු බිලියන 295ක්. අපි මේවා කොහොමද හොයා ගන්නේ. ආණ්ඩුවට ආදායමක් නෑ. අන්න ඒකයි ප්‍රශ්නේ. මුදල් මුද්‍රණය කරන්නද ? එතකොට රුපියල බාල්දු වෙනවා. දෙවනුව මොකද්ද කරන්නේ එහෙම නම් VAT වැඩි කරමු. ඒකත් වැඩි කරලා වැඩි කරලා ඒකෙත් ප්‍රශ්නයක් ඇති වෙනවා. තුන් වෙනුව තියෙන්නේ ගාස්තුව වැඩි කරන්න. මම දන්නවා ඒකට තියෙන ප්‍රශ්න. අපිට පුළුවන් විදුලිබල කප්පාදුවක් කරන්න. මම ඒකට කැමති වුණේ නෑ. උසස් පෙළ විභාගේ තියෙන්නේ ජනවාරි – පෙබරවාරි අපි ‍කොහොම හරි ඒක නවත්තන්න ඕනේ. මොකක් හරි අයකරලත් විදුලි කපන්න එපා කිව්වා. අපි මේ ගැන කතා කරා. කවුරුත් කැමති නෑ මේවා වැඩි කරන්න අපි දේශපාලනයේ ඉන්නේ. ජනතාවට තියෙන බරත් අපි දන්නවා. නමුත් මොකද්ද අපිට තියෙන විකල්පය. ආර්ථිකය අමාරුවෙන් අල්ලගෙන ගිහින් චීනය එක්කත් කතා කරලා, ඊළඟ පියවරට යන්න පුළුවන්. මේ ඔක්කෝම අතහරිනවා ද? අපි ඇත්ත වශයෙන්ම අලාභය පෙන්වලා අපිට ආදායම පෙන්වන්න බැරි නම් අපිට පිටින් ආධාර ලැබෙන්නේ නෑ. අපි කතා කළා. අපි හුඟක් අකමැත්තෙන් වුණත් මේක කරන්න ඕනේ කියලා හිතුවා. අපිට රටක් ගැන හිතලා වැඩ කරන්න වෙනවා. ඒවා ජනප්‍රිය නොනවන තීන්දු ගන්න වෙනවා. ඒවා නිසා අනාගතය හොඳ වෙනවා. අපි හැමදාම ජනප්‍රිය නොවන තීරණ ගත්තේ නැති නිසයි මෙතැන ඉන්නේ. අපි 2013න් පස්සේ අපේ විදුලිබිල වැඩි කළේ නෑ. ඒකට හැමකෙනෙක්ම වගකියන්න ඕනේ. අපි ඒ තීරණ ගත්තේ නැති නිසයි මෙතැන ඉන්නේ. අනෙක් රටවල් අමාරු තීරණ ගත්තා. අපි පැනලා ගියා. මම අහනවා අපි මොකද්ද කරන්නේ කියලා.

    මේ අතර මහජන උපයෝගීතා කොමිසම් සභාවේ සභාපතිවරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වීය.

    “මේකේ බලය තියෙන්නේ ඇමතිට හා කැබිනට් මණ්ඩලයට. මමයි ඔය පනත හැදුවේ. මම දන්නවා ඕකේ තියෙන බලතල. මම තමා PUCSL පනත හැදුවේ. අනික ඒක තියෙන්නේ මගේ අමාත්‍යාංශය යටතේ. මම නොදන්නවයැ. මම දන්නේ නෑ ඇයි ජනතාව නොමඟ යවන්නේ කියලා. සභාපතිව මුණගැහෙන්න තියෙනවා. මට දැන් ලැබිලා තියෙනවා එතුමා ගැනත් කරපු ප්‍රකාශය ගැනත් පැමිණිලි කිහිපයක්. මෙතුමා කියනවා විදුලිබලය වැඩි කරන්න දෙන්නේ නෑ කියලා. එතකොට කොහොමද ආර්ථිකය ගෙනියන්නේ. එයාට ඇති බලයක් නෑ. එතුමා තමා ට්‍රිලියම් සමාගමේ සභාපති. ඒ සමාගම තමා වැඩියෙන්ම විදුලිය ගන්නේ. එතුමාට සමාගම් කිහිපයක් තියෙනවා. විදුලිබලය වැඩිවුණාම එතුමාගේ වියදම් වැඩිවෙනවා. එතුමාට කරන්න තිබුණේ මට මේක බලපානවා, මම ට්‍රිලියම් සමාගමේ සභාපති, මම මේකට එන්නේ නෑ කියලා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ලලිත් ඩුබායිහිදී අත්අඩංගුවට

    October 14, 2025

    නිශාන්ත උළුගේතැන්නට ඇප

    October 14, 2025

    ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප

    October 14, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,377 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,323 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,557 Views
    Don't Miss

    ඇමසන් cloud බිඳවැටීමෙන් ලොව පුරා අන්තර්ජාල සේවා රැසක් අක්‍රීය වෙයි

    October 20, 202503 Views

    ඇමසන් වෙබ් සේවාවල හදිසි බිඳවැටීමක් හේතුවෙන් ලොව විශාලතම වෙබ් අඩවි සහ යෙදවුම් බොහොමයක් අක්‍රිය වී…

    උඩරට දුම්රිය මාර්ගයේ තවත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි

    October 20, 2025

    උඩරට දුම්රිය මාර්ගයේ පීලිගත කිරීම් කටයුතු තවදුරටත්

    October 20, 2025

    ඉස්සන් ගොවිපොළක ජල ටැංකියකට වැටීමෙන් තරුණයෙකු මරුට

    October 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.