Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපතිගෙන් පාර්ලිමේන්තුවේ දී සැර ප්‍රකාශයක්
    Featured

    ජනපතිගෙන් පාර්ලිමේන්තුවේ දී සැර ප්‍රකාශයක්

    By LFNDecember 8, 2022No Comments3 Mins Read386 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදුලි ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් අද (08) ජනාධිපතිවරයාගෙන් විශේෂ හෙළිදරව්වක් සිදුකළේය.

    පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා එහිදී පවසා සිටියේ, 2013 වසරේ සිට මේ දක්වා රු බිලියන 300ක අලාභයක් විදුලිබල මණ්ඩලය ලබා ඇති බවය.

    “අපි අගෝස්තු මාසයේ වැඩි කළා. ඒක මදි. දැන් බිලියන 151 අලාභයයක් ලැබෙන්න තියෙනවා. දැනට අපේ සම්පූර්ණයෙන්ම අලාභය 2013 සිට බිලියන 300ක්. මේ කාලයේ දී බිලියන 300ක් හොයන්න තියෙනවා. එන අවුරුද්දේ නියඟයක් තිබුණොත් අපිට අවශ්‍යයි වැඩිපුර රුපියල් බිලියන 420ක්. සාමාන්‍යයෙන් වර්ෂාව ලැබුණොත් බිලියන 352ක්. වර්ෂාව ලැබිලා ගංවතුර තිබුණොත් රු බිලියන 295ක්. අපි මේවා කොහොමද හොයා ගන්නේ. ආණ්ඩුවට ආදායමක් නෑ. අන්න ඒකයි ප්‍රශ්නේ. මුදල් මුද්‍රණය කරන්නද ? එතකොට රුපියල බාල්දු වෙනවා. දෙවනුව මොකද්ද කරන්නේ එහෙම නම් VAT වැඩි කරමු. ඒකත් වැඩි කරලා වැඩි කරලා ඒකෙත් ප්‍රශ්නයක් ඇති වෙනවා. තුන් වෙනුව තියෙන්නේ ගාස්තුව වැඩි කරන්න. මම දන්නවා ඒකට තියෙන ප්‍රශ්න. අපිට පුළුවන් විදුලිබල කප්පාදුවක් කරන්න. මම ඒකට කැමති වුණේ නෑ. උසස් පෙළ විභාගේ තියෙන්නේ ජනවාරි – පෙබරවාරි අපි ‍කොහොම හරි ඒක නවත්තන්න ඕනේ. මොකක් හරි අයකරලත් විදුලි කපන්න එපා කිව්වා. අපි මේ ගැන කතා කරා. කවුරුත් කැමති නෑ මේවා වැඩි කරන්න අපි දේශපාලනයේ ඉන්නේ. ජනතාවට තියෙන බරත් අපි දන්නවා. නමුත් මොකද්ද අපිට තියෙන විකල්පය. ආර්ථිකය අමාරුවෙන් අල්ලගෙන ගිහින් චීනය එක්කත් කතා කරලා, ඊළඟ පියවරට යන්න පුළුවන්. මේ ඔක්කෝම අතහරිනවා ද? අපි ඇත්ත වශයෙන්ම අලාභය පෙන්වලා අපිට ආදායම පෙන්වන්න බැරි නම් අපිට පිටින් ආධාර ලැබෙන්නේ නෑ. අපි කතා කළා. අපි හුඟක් අකමැත්තෙන් වුණත් මේක කරන්න ඕනේ කියලා හිතුවා. අපිට රටක් ගැන හිතලා වැඩ කරන්න වෙනවා. ඒවා ජනප්‍රිය නොනවන තීන්දු ගන්න වෙනවා. ඒවා නිසා අනාගතය හොඳ වෙනවා. අපි හැමදාම ජනප්‍රිය නොවන තීරණ ගත්තේ නැති නිසයි මෙතැන ඉන්නේ. අපි 2013න් පස්සේ අපේ විදුලිබිල වැඩි කළේ නෑ. ඒකට හැමකෙනෙක්ම වගකියන්න ඕනේ. අපි ඒ තීරණ ගත්තේ නැති නිසයි මෙතැන ඉන්නේ. අනෙක් රටවල් අමාරු තීරණ ගත්තා. අපි පැනලා ගියා. මම අහනවා අපි මොකද්ද කරන්නේ කියලා.

    මේ අතර මහජන උපයෝගීතා කොමිසම් සභාවේ සභාපතිවරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වීය.

    “මේකේ බලය තියෙන්නේ ඇමතිට හා කැබිනට් මණ්ඩලයට. මමයි ඔය පනත හැදුවේ. මම දන්නවා ඕකේ තියෙන බලතල. මම තමා PUCSL පනත හැදුවේ. අනික ඒක තියෙන්නේ මගේ අමාත්‍යාංශය යටතේ. මම නොදන්නවයැ. මම දන්නේ නෑ ඇයි ජනතාව නොමඟ යවන්නේ කියලා. සභාපතිව මුණගැහෙන්න තියෙනවා. මට දැන් ලැබිලා තියෙනවා එතුමා ගැනත් කරපු ප්‍රකාශය ගැනත් පැමිණිලි කිහිපයක්. මෙතුමා කියනවා විදුලිබලය වැඩි කරන්න දෙන්නේ නෑ කියලා. එතකොට කොහොමද ආර්ථිකය ගෙනියන්නේ. එයාට ඇති බලයක් නෑ. එතුමා තමා ට්‍රිලියම් සමාගමේ සභාපති. ඒ සමාගම තමා වැඩියෙන්ම විදුලිය ගන්නේ. එතුමාට සමාගම් කිහිපයක් තියෙනවා. විදුලිබලය වැඩිවුණාම එතුමාගේ වියදම් වැඩිවෙනවා. එතුමාට කරන්න තිබුණේ මට මේක බලපානවා, මම ට්‍රිලියම් සමාගමේ සභාපති, මම මේකට එන්නේ නෑ කියලා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.