Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    භාවිතයෙන් ඉවත් කළ යුද්ධ හමුදා වාහන 76ක් නවීකරණය කර නැවත සේවයට

    October 24, 2025

    රේගුවේ රඳවාගෙන සිටින BYD වාහන සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස නියෝගයක්

    October 24, 2025

    තායිලන්තයෙන් තෑගි කළ ඇත්තු දෙන්නා නැවත ගෙන්වා ගැනීමට අවධානය

    October 24, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජපුර රෝහලේ අක්‍රමිකතා ගැන විගණකාධිපති හෙළිකරයි
    Featured

    ජපුර රෝහලේ අක්‍රමිකතා ගැන විගණකාධිපති හෙළිකරයි

    By LFNDecember 7, 2022No Comments2 Mins Read212 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙහි පරිපාලනය විසින් සිදුකර ඇති අක්‍රමිකතා රැසක් විගණකාධිපති වාර්තාවෙන් අනාවරණයවීම පිළිබඳව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අවධානය යොමුවී තිබේ.

    කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පාලනාධිකාරියෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කර සිටියේය.

    රෝහල් භූමියට අයත් ඉඩම් වෙනත් පාර්ශ්ව විසින් අත්පත් කරගැනීම මෙන්ම හඳුනාගැනීමට සිදු කළ මැනුම් කටයුත්තේ ද අක්‍රමිකතාවක් සිදුවී ඇති බව එහිදී අනාවරණය වුණි.

    මේ සම්බන්ධයෙන් රංජිත් බණ්ඩාර මහතා සහ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා විමසා සිටි අතර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා ඊට ප්‍රතිචාර දැක්වීය.

    කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා,

    “සොෆ්ට්වෙයාර් ඩිවලොප්මන්ට් එකකට විශාල මුදලක් අත්තිකාරම් දීලා තිබුණා.. කෝ ඒක. ඒ වගේම අතිරික්ත තොග කල්ඉකුත්වෙච්ච ඒවා සම්බන්ධයෙන් විගණකාධිපති නිර්දේශ ඉදිරිපත් කරලා තිබෙනවා. කෝ ඒවා.. සභාපතිතුමා දැන් කියන්න එපා.. මම හිටපු නැති කාලේ ඒවා කියලා. අපි අහන්නේ මේ පෙන්වා දුන් කරුණු සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග මොනවාද?..ඔය රෝහලේ ඉඩම් වටෙන්ම අල්ලගෙන..ඔබතුමා දන්නේ නැහැ. ඔබතුමාලා කරේ, මැනලා මේ ටික තමයි ඉඩම් තියෙන්නේ කියලා කිව්වා. එතකොට බලහත්කාරයෙන් අල්ලගත් ඒවා.”

    විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා,

    “සර්වේයර් ජනරාල් මේක මැනලා පැහැදිලිවම කියලා තිබුණා මෙච්චර ප්‍රමාණයක් මෙන්න මේ මේ පුද්ගලයෝ තමයි අල්ලගෙන ඉන්නේ කියලා. නමුත් එක්කම දීලා තිබුණා.

    ඔබතුමන්ලා කළේ, ඒක පැත්තකින් තියලා පුද්ගලික සර්වේයර් කෙනෙක් දාලා මැන්නා. ඒක තමයි පිළිගත්තේ. රජයේ සර්වේයර් කියන එක පිළිගත්තේ නැහැ.”

    රෝහල් අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා,

    “අපි දැනුවත් වූ වහාම නීතිපති උපදෙස් ලබාගත්තා. දැන් වැඩකටයුතු කරගෙන යනවා. පර්චස් 165ක් අපිට නැතිවෙලා තිබෙනවා.”

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා,

    ” මිනිස්සු කියනවා.. මේ ඉඩම් අල්ලගෙන හොස්ටල් දාලා ලු. හොස්පිටල් එකටම දෙනවලු කුලියට. ජයවර්ධනපුර රෝහලේ ඉඩමක් අල්ලගන්න එක සාමාන්‍ය දෙයක් ද?. මහා දැවැන්ත වංචාවක්.”

    විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා,

    “මට පේන්නේ මේ ආයතනය මේකට අනුබල දුන්නා කියන එක. නැත්තම් පුද්ගලික සර්වේයර් ගේ එක නගර සභාවේ රෙජිස්ටර් කරන්නත් සර්වේයර් ජනරාල්ගේ එක රෙජිස්ටර් නොකරන්නත් හේතුව මොකක්ද?.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    භාවිතයෙන් ඉවත් කළ යුද්ධ හමුදා වාහන 76ක් නවීකරණය කර නැවත සේවයට

    October 24, 2025

    රේගුවේ රඳවාගෙන සිටින BYD වාහන සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස නියෝගයක්

    October 24, 2025

    අලුත් වෙන පෙරපාසල් විෂයමාලාව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවැරදි කිරීමක්

    October 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,378 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,325 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,558 Views
    Don't Miss

    භාවිතයෙන් ඉවත් කළ යුද්ධ හමුදා වාහන 76ක් නවීකරණය කර නැවත සේවයට

    October 24, 202504 Views

    යුද්ධ හමුදාව විසින් දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්කර තිබූ වාහන 76ක් යුද්ධ හමුදාධිපති ලුතිනන්…

    රේගුවේ රඳවාගෙන සිටින BYD වාහන සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස නියෝගයක්

    October 24, 2025

    තායිලන්තයෙන් තෑගි කළ ඇත්තු දෙන්නා නැවත ගෙන්වා ගැනීමට අවධානය

    October 24, 2025

    ඉන්දියාවේ බස් රථයක් ගිනිගෙන 25කට වැඩි පිරිසක් මරුට

    October 24, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.