Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජපුර රෝහලේ අක්‍රමිකතා ගැන විගණකාධිපති හෙළිකරයි
    Featured

    ජපුර රෝහලේ අක්‍රමිකතා ගැන විගණකාධිපති හෙළිකරයි

    By LFNDecember 7, 2022No Comments2 Mins Read212 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙහි පරිපාලනය විසින් සිදුකර ඇති අක්‍රමිකතා රැසක් විගණකාධිපති වාර්තාවෙන් අනාවරණයවීම පිළිබඳව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අවධානය යොමුවී තිබේ.

    කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පාලනාධිකාරියෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කර සිටියේය.

    රෝහල් භූමියට අයත් ඉඩම් වෙනත් පාර්ශ්ව විසින් අත්පත් කරගැනීම මෙන්ම හඳුනාගැනීමට සිදු කළ මැනුම් කටයුත්තේ ද අක්‍රමිකතාවක් සිදුවී ඇති බව එහිදී අනාවරණය වුණි.

    මේ සම්බන්ධයෙන් රංජිත් බණ්ඩාර මහතා සහ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා විමසා සිටි අතර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා ඊට ප්‍රතිචාර දැක්වීය.

    කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා,

    “සොෆ්ට්වෙයාර් ඩිවලොප්මන්ට් එකකට විශාල මුදලක් අත්තිකාරම් දීලා තිබුණා.. කෝ ඒක. ඒ වගේම අතිරික්ත තොග කල්ඉකුත්වෙච්ච ඒවා සම්බන්ධයෙන් විගණකාධිපති නිර්දේශ ඉදිරිපත් කරලා තිබෙනවා. කෝ ඒවා.. සභාපතිතුමා දැන් කියන්න එපා.. මම හිටපු නැති කාලේ ඒවා කියලා. අපි අහන්නේ මේ පෙන්වා දුන් කරුණු සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග මොනවාද?..ඔය රෝහලේ ඉඩම් වටෙන්ම අල්ලගෙන..ඔබතුමා දන්නේ නැහැ. ඔබතුමාලා කරේ, මැනලා මේ ටික තමයි ඉඩම් තියෙන්නේ කියලා කිව්වා. එතකොට බලහත්කාරයෙන් අල්ලගත් ඒවා.”

    විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා,

    “සර්වේයර් ජනරාල් මේක මැනලා පැහැදිලිවම කියලා තිබුණා මෙච්චර ප්‍රමාණයක් මෙන්න මේ මේ පුද්ගලයෝ තමයි අල්ලගෙන ඉන්නේ කියලා. නමුත් එක්කම දීලා තිබුණා.

    ඔබතුමන්ලා කළේ, ඒක පැත්තකින් තියලා පුද්ගලික සර්වේයර් කෙනෙක් දාලා මැන්නා. ඒක තමයි පිළිගත්තේ. රජයේ සර්වේයර් කියන එක පිළිගත්තේ නැහැ.”

    රෝහල් අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා,

    “අපි දැනුවත් වූ වහාම නීතිපති උපදෙස් ලබාගත්තා. දැන් වැඩකටයුතු කරගෙන යනවා. පර්චස් 165ක් අපිට නැතිවෙලා තිබෙනවා.”

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා,

    ” මිනිස්සු කියනවා.. මේ ඉඩම් අල්ලගෙන හොස්ටල් දාලා ලු. හොස්පිටල් එකටම දෙනවලු කුලියට. ජයවර්ධනපුර රෝහලේ ඉඩමක් අල්ලගන්න එක සාමාන්‍ය දෙයක් ද?. මහා දැවැන්ත වංචාවක්.”

    විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා,

    “මට පේන්නේ මේ ආයතනය මේකට අනුබල දුන්නා කියන එක. නැත්තම් පුද්ගලික සර්වේයර් ගේ එක නගර සභාවේ රෙජිස්ටර් කරන්නත් සර්වේයර් ජනරාල්ගේ එක රෙජිස්ටර් නොකරන්නත් හේතුව මොකක්ද?.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202605 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.