Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඇමසන් cloud බිඳවැටීමෙන් ලොව පුරා අන්තර්ජාල සේවා රැසක් අක්‍රීය වෙයි

    October 20, 2025

    උඩරට දුම්රිය මාර්ගයේ තවත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි

    October 20, 2025

    උඩරට දුම්රිය මාර්ගයේ පීලිගත කිරීම් කටයුතු තවදුරටත්

    October 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලි බිල වැඩි නොකළ හොත් රටම අඳුරේ
    Featured

    විදුලි බිල වැඩි නොකළ හොත් රටම අඳුරේ

    By LFNDecember 6, 2022No Comments1 Min Read421 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදුලිය බිල ජනවාරියේ අනිවාර්යෙන්ම වැඩි කළ යුතු බවත් එසේ වැඩි නොකරන්නේ නම් අඳුරු යුගයකට යෑමට සිදුවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

    විදුලිය ගාස්තු සංශෝධනය නතර කළ හැක්කේ අනිවාර්යෙන්ම පැය හයක අටක විදුලි කප්පාදුවකට යෑමෙන් පමණක් බව පැවසූ අමාත්‍යවරයා විදුලිය බිල ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ සිට සංශෝධනය කළ යුතු බවද සඳහන් කළේය.

    විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 56.90ක් වැය වන බවට උපකල්පනය කර ඇති බවත් විදුලිය බල මණ්ඩලය ඉල්ලූ සංශෝධනවලට මහජන උපයෝගීතා කොමිසම පසුගිය කාලයේදී අනුමැතිය ලබා නොදුන් බවත් ඔහු පැවසුවේය.

    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විදුලිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

    කංචන විජේසේකර මහතා මෙසේද සඳහන් කළේය.

    විදුලිය ගාස්තු සංශෝධනය කරන්නේ පසුගිය පාඩු පියවන්න නොවෙයි. රුපියල් කෝටි 42,300ක් විදුලිබල මණ්ඩලයට ලැබෙන්න ඕන. ඉන්ධන ටික ගන්න දැවි තෙල් ටික ගන්න ඒ මුදල ලැබෙන්නේ නැත්තම් මණ්ඩලය පවත්වාගෙන යන්න බැහැ. ඒකයි විදුලිය ගාස්තු සංශෝධනය කරන්නෙ. අද කාටත් අමාරු බව පිළිගන්නවා.

    පෞද්ගලික බලාගාර වලට රුපියල් කෝටි හත්දහසක් ගෙවන්න තියෙනවා. ඒ වගේම පෞද්ගලික සැපයුම්කරුවන්ට කෝටි හාරදහසක් ගෙවන්න තියෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ලලිත් ඩුබායිහිදී අත්අඩංගුවට

    October 14, 2025

    නිශාන්ත උළුගේතැන්නට ඇප

    October 14, 2025

    ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප

    October 14, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,377 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,323 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,557 Views
    Don't Miss

    ඇමසන් cloud බිඳවැටීමෙන් ලොව පුරා අන්තර්ජාල සේවා රැසක් අක්‍රීය වෙයි

    October 20, 202503 Views

    ඇමසන් වෙබ් සේවාවල හදිසි බිඳවැටීමක් හේතුවෙන් ලොව විශාලතම වෙබ් අඩවි සහ යෙදවුම් බොහොමයක් අක්‍රිය වී…

    උඩරට දුම්රිය මාර්ගයේ තවත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි

    October 20, 2025

    උඩරට දුම්රිය මාර්ගයේ පීලිගත කිරීම් කටයුතු තවදුරටත්

    October 20, 2025

    ඉස්සන් ගොවිපොළක ජල ටැංකියකට වැටීමෙන් තරුණයෙකු මරුට

    October 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.