Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තාම රටේ ආර්ථීකය තියෙන්නේ කොළඹ -ජනපති
    Featured

    තාම රටේ ආර්ථීකය තියෙන්නේ කොළඹ -ජනපති

    By LFNDecember 4, 2022No Comments2 Mins Read210 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2023 වසරේදී නව ආර්ථිකයක් නිර්මාණය කිරීමට කටයුතු කරන බවත් ඒ හරහා ප්‍රාදේශීය වශයෙන් ආර්ථිකය ශක්තිමත් කිරීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    “2048 වේදිකාව” නැමති තරුණ සංවිධානය අයවැය පිළිබඳ ගැටලු සාකච්ඡා කිරීමට ජනාධිපති නිල නිවසේදී සංවිධාන කර තිබු විශේෂ වැඩසටහනකට ඊයේ (03) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    එහිදී තරුණ තරුණියන් විමසු ප්‍රශ්න සඳහා ජනාධිපතිවරයා පිලිතුරු දුන් අතර පහත දැක්වෙන්නේ අදාළ සංවාදයේ කොටසකි,

    ජනාධිපති – “මම බලන්නේ එළඹෙන අවුරුදු 25 තුළදී මීට වඩා හොඳ ආර්ථිකයක් ශක්තිමත් ආර්ථිකයක් ඇති කළ යුතුයි. ඉදිරියට යන්න පුළුවන් ආර්ථිකයක් හදාගත යුතුයි. මේ අයවැයෙන් තමා එක පටන් ගන්නේ. මම අගෝස්තු මාසේ ගෙනාව අයවැයෙන් මේ රටේ කඩා වැටුණු ආර්ථිකය ස්ථාවරභාවය ඇති කළා. 2023 සිට අලුත් ආර්ථිකයක් හදන්න වැඩ ආරම්භ කරන්න. මේ රටේ තිබුණ ආර්ථික කඩා වැටීම එක සැරේ වුණ එකක් නෙමේ. අවුරුදු 2කට පෙර දැන සිටියා. තාම රටේ ආර්ථීකය තියෙන්නේ කොළඹ. ඕකනේ ඇත්ත. ආර්ථීකය හදන්න ඕනේ ප්‍රාදේශීයව. එකට තමා දැන් මේ උත්සහ කරන්නේ.”

    ප්‍රශ්නය – ඔබතුමා සඳහන් කරලා තිබෙනවා වාර්තමාන තරුණ පරපුර ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න කැමති. Upgrade වෙන ජීවන රටාවත් එක්ක ඔවුන් යොමු කරන්න ඕන කියලා. අපි සරලව ඊළඟට එන අයි ෆෝන් එකට යන්න කැමති Update වෙන්න අපි. හැබැයි මේ තියෙන වාර්තමාන තත්ත්වයත් එක්ක ඒ ජීවන රටාව ප්‍රායෝගිකව අපිට අත්පත් කරගන්න අපහසුතාවයක් වෙලා තිබෙනවා.

    ජනාධිපති – “දැන විශාල ප්‍රශ්නයක් රුපියල 370,380 තියෙනකොට ඩොලර් එක හා සම්බන්ධව. සමහර අය කොහොමහරි මුදල් හොයාගෙන ඒ වැඩකටයුත්ත කළා. අලුතින්ම තියෙන ඇපල් එක මොකක්ද ?”

    පිළිතුර – ඇපල් 14 Pro

    ජනාධිපති – “මේ අවුරුදු 4 ඇපල් කීයක් ඇවිත් තියෙනවා ද?. මම අගමැති කාලේ ඇපල් 8ද 9ද තිබුණේ. එගොල්ලෝ බලන්නෙත් කොහොමහරි අලෙවිය වැඩිකර ගන්න. එකටම Huawei එකත් අලුතින් ගේනවා. මෙතන තියෙන්නේ ජංගම දුරකථනයක් අරගෙන ක්‍රියා කරන්න. තමන් වාහනයක් ගත්තොත් හැමවෙලෙම බෙන්ස් කාර් එකක් ගන්න බලන්නේ නෑනේ. තියෙන ජංගමයකින් වැඩකටයුතු කරගෙන යන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.