Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහින්ද – මෛත්‍රි තරගෙට සල්ලි වැය කරලා ?
    Featured

    මහින්ද – මෛත්‍රි තරගෙට සල්ලි වැය කරලා ?

    By LFNDecember 3, 2022No Comments2 Mins Read416 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් ජනාධිපති ධුරයේ කටයුතු කළ 2010 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ තම පුද්ගලික කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සඳහා රුපියල් කෝටි 148කට අධික මුදලක් වැය කර ඇතැයි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ නියෝග මත ජනාධිපති ලේකම් කාර්යාලය ලබා දුන් තොරතුරුවලින් හෙළි වෙයි.

    ඔවුන් පොදුවේ තම පුද්ගලික කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සඳහා වැයකළ මුදලින් සියයට 57 ක ප්‍රමාණයක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැය කර ඇති අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සියයට 43 ක ප්‍රමාණයක් වැය කර ඇත.

    මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කළ 2010 සිට 2014 වසර දක්වා කාලය තුළ 2578 ක පුද්ගලික කාර්ය මණ්ඩලයක් පවත්වා ගෙන ගොස් ඇති අතර එම කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 630 කට වඩා (රුපියල් මිලියන 638,107,941.84) වැඩි මුදලක් වැයකර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය ලබා දුන් තොරතුරුවලින් හෙළි වී තිබේ.

    එසේම මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ කටයුතු කළ 2015 සිට 2019 වසර දක්වා කාලය තුළ 1317 ක පුද්ගලික කාර්ය මණ්ඩලයක් පවත්වා ගෙන ගොස් ඇති අතර එම කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 850 කට වඩා වැඩි මුදලක් (රුපියල් මිලියන 850,326,958.14ක්)වැය කර ඇත.

    ඒ අනුව මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් ජනාධිපති ධුරයේ කටයුතු කළ 2010 සිට 2019 වසර දක්වා කාලය තුළ තම පුද්ගලික කාර්ය මණ්ඩලය පවත්වා ගෙන යෑම සඳහා රුපියල් 1488,434,900 ක මහජන මුදල් ප්‍රමාණයක් වැය කර තිබෙන අතර එම කාලය තුළ ඔවුන් ඔවුන් පවත්වාගෙන ගොස් ඇති කාර්ය මණ්ඩලයේ එකතුව 3895 කි.

    තමන් මහජන මුදල් අවභාවිත නොකරන බවට අවධාරණය කරමින් එවකට ජනාධිපති ධුරයට පත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා, මහින්ද රාජපක්ෂ මහතාද අභිභවමින් තම පුද්ගලික කාර්ය මණ්ඩලය නඩත්තු කිරීමට අධික මහජන මුදලක් වැය කර ඇති බව තොරතුරු වලින් හෙළිවී තිබේ.

    විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ලයනල් ගුරුගේ මහතා විසින් මෙම තොරතුරු 2019 වසරේදී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා ඇති අතර එම අවස්ථාවේ ජනාධිපති ලේකම් කාර්යාලය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.ඉකුත් නොවැම්බර් මස 14 වැනිදා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ නියෝග මත මෙම තොරතුරු නිදහස් කිරීමට කටයුතු කර තිබේ.

    බලයට පැමිණෙන රාජ්‍ය නායකයන් සිදුකරන අනවශ්‍ය රාජ්‍ය වියදම් වල ඵලවිපාක ක්ෂණිකව නොදැනුනත් එය රටේ ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල කරන බව ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් පෙනී ගොස් ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    දින හතරට ජල රකුසා 20ක් ඩැහැ ගනී

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,387 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026014 Views

    අදානි සමූහයේ නිර්මාතෘ සහ සභාපති ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ. ඒ අනුව…

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.