Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දැවැන්ත අර්බුදයක් ගැන අනතුරු ඇඟවීමක්
    Featured

    දැවැන්ත අර්බුදයක් ගැන අනතුරු ඇඟවීමක්

    By LFNDecember 1, 2022No Comments2 Mins Read260 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලබන වසරේ විදුලි අර්බුදයට මුහුණදීම සඳහා මේ මොහොතේ සිට සැලසුම් සකස් කිරීමට බලධාරීන් පියවර නොගන්නේනම් එළැඹෙන වසරේ මාර්තු මාසයේ විශාල විදුලි අර්බුදයකට මුහුණදීමට සිදුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි.

    අද (01) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

    “ජනවාරි මස 21 මාධ්‍ය හමුවක් තියලා රටට ම කිව්වා දැන් අපි අඩු පැය ගණනක් විදුලිය කැපුවොත් මාර්තු මාසයේ අග බරපතළ විදුලි අර්බුදයකට මුහුණදෙනවා කියලා. අවාසනාවට මාර්තු අග වනවිට මගේ අනාවැකිය සැබෑ කරමින් දවසකට පැය 14ක විදුලි කප්පාදුවක් පටන් ගත්තා. ඒක දරා ගන්න බැරුව ජනතාව පාරට බැස්සා. අවසානයේ දී ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවට මේ අර්බුදය නිසා ගෙදර යන්න සිද්ධවුණා. එදා අපි කිව්ව දේ ආණ්ඩුව ඇහුවා නම් රටට අද මේ තත්ත්වය උදාවෙන්නේ නෑ. ඔන්න දැන් ලබන මාසයේ ඉඳලා නැවතත් තෙත් කලාපයේ වියළි කාලය පටන් ගන්නවා. නමුත් අද තත්ත්වය එදාටත් වඩා භයානකයි. සාමාන්‍යයෙන් අපේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් සියයට 35%ක් පමණ මෙගා වොට් 810ක් හදන්නේ නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන්. අද විදුලිබල මණ්ඩලයම කියනවා ඔවුන් සතු ගල්අඟුරු තොගය මාස දෙකකට වත් ප්‍රමාණවත් නෑ කියලා. අනෙක් පැත්තෙන් දැන් යුරෝපයේ සීත ඍතුව ආරම්භ වෙලා තියෙනවා. උණුසුම් කිරීම සඳහා වැඩි වැඩියෙන් ඉන්ධන භාවිත කරන නිසා ලෝක වෙළෙඳපොළේ දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි හා මාර්තුවල ඉන්ධන මිල බරපතළ ලෙස ඉහළ යනවා. එතකොට ඒ ඉහළ ගිය ඉන්ධන මිල එක්ක ඉන්ධන මිල දී ගන්න ඩොලර් ප්‍රමාණයත් වෙන්නේ නෑ. ඒ කියන්නේ ලබන වසරේ මාර්තු වනවිට මේ වසරටත් වඩා භයානක විදුලි අර්බුදයක් ඇති වීමේ අවධානමක් තියෙනවා. වර්තමාන ආණ්ඩුවේ නායකයන්ට කියන්නේ උද්දච්චව කටයුත්තු කරන්නේ නැතුව විෂය ගැන දන්න අයගේ උපදෙස්වලට ඇහුන්කම් දීලා දැන් ඉඳලාම වැඩපිළිවෙලක් හදන්න.”

    ප්‍රශ්නය – ලබන වසරේ විදුලි කප්පාදුව කොතරම් සිදුවේ යැයි ඔබතුමා සිතනවා ද?

    “නිසි සැලසුමක් සහිතව වැඩ නොකළොත් ලබන වසරේ මාර්තු වන විට මේ වසරේ වගේම පැය 12ක 14ක විදුලි කප්පාදුවකට යෑමේ අවදානමක් තියනවා.”

    ප්‍රශ්නය – විදුලිබිල වැඩිකිරීම සම්බන්ධයෙන් ඔබතුමා මොකද හිතන්නේ ?

    “ඇත්තටම විදුලිබිල වැඩි කරන්න සිද්ධවෙලා තියෙන්නේ ආණ්ඩුවට විදුලි ජනනය සම්බන්ධයෙන් සැලසුමක් නොමැති නිසා. ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළ යද්දී වැඩි වැඩියෙන් තෙල් මත රැඳෙමින් විදුලිය නිෂ්පාදනය කිරීමේදී විදුලිබිල වැඩි වෙනවා. අද තෙල්වලට ගෙවන ගාණෙන් 50%ක් සූර්ය පැනල භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ලබාදුන්නා නම්, ඒ වගේම තමන් සල්ලි හොයාගෙන සුර්ය පැනල සවි කරපු අයගෙන් තෙල්වල මිලෙන් සියයට 50 %ක මිලටවත් විදුලි ඒකකයක් මිලට ගත්තානම් ඒක ආණ්ඩුවටත් වාසී, ජනතාවටත් වාසී. වසර ගණනාවක් මේවා අපි කට කැඩෙනකම් කියනවා. නමුත් අවාසනාවකට සිද්ධ කරන්නේ නැහැ. මොකද මෙතන තියනවා මාෆියාවක්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.