Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අස්වැන්න නෙළන ගොවීන්ට සුබ පණිවුඩයක් – වී මිල මෙන්න

    July 2, 2025

    යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

    July 2, 2025

    ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද

    July 2, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දැවැන්ත අර්බුදයක් ගැන අනතුරු ඇඟවීමක්
    Featured

    දැවැන්ත අර්බුදයක් ගැන අනතුරු ඇඟවීමක්

    By LFNDecember 1, 2022No Comments2 Mins Read257 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලබන වසරේ විදුලි අර්බුදයට මුහුණදීම සඳහා මේ මොහොතේ සිට සැලසුම් සකස් කිරීමට බලධාරීන් පියවර නොගන්නේනම් එළැඹෙන වසරේ මාර්තු මාසයේ විශාල විදුලි අර්බුදයකට මුහුණදීමට සිදුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි.

    අද (01) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

    “ජනවාරි මස 21 මාධ්‍ය හමුවක් තියලා රටට ම කිව්වා දැන් අපි අඩු පැය ගණනක් විදුලිය කැපුවොත් මාර්තු මාසයේ අග බරපතළ විදුලි අර්බුදයකට මුහුණදෙනවා කියලා. අවාසනාවට මාර්තු අග වනවිට මගේ අනාවැකිය සැබෑ කරමින් දවසකට පැය 14ක විදුලි කප්පාදුවක් පටන් ගත්තා. ඒක දරා ගන්න බැරුව ජනතාව පාරට බැස්සා. අවසානයේ දී ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවට මේ අර්බුදය නිසා ගෙදර යන්න සිද්ධවුණා. එදා අපි කිව්ව දේ ආණ්ඩුව ඇහුවා නම් රටට අද මේ තත්ත්වය උදාවෙන්නේ නෑ. ඔන්න දැන් ලබන මාසයේ ඉඳලා නැවතත් තෙත් කලාපයේ වියළි කාලය පටන් ගන්නවා. නමුත් අද තත්ත්වය එදාටත් වඩා භයානකයි. සාමාන්‍යයෙන් අපේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් සියයට 35%ක් පමණ මෙගා වොට් 810ක් හදන්නේ නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන්. අද විදුලිබල මණ්ඩලයම කියනවා ඔවුන් සතු ගල්අඟුරු තොගය මාස දෙකකට වත් ප්‍රමාණවත් නෑ කියලා. අනෙක් පැත්තෙන් දැන් යුරෝපයේ සීත ඍතුව ආරම්භ වෙලා තියෙනවා. උණුසුම් කිරීම සඳහා වැඩි වැඩියෙන් ඉන්ධන භාවිත කරන නිසා ලෝක වෙළෙඳපොළේ දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි හා මාර්තුවල ඉන්ධන මිල බරපතළ ලෙස ඉහළ යනවා. එතකොට ඒ ඉහළ ගිය ඉන්ධන මිල එක්ක ඉන්ධන මිල දී ගන්න ඩොලර් ප්‍රමාණයත් වෙන්නේ නෑ. ඒ කියන්නේ ලබන වසරේ මාර්තු වනවිට මේ වසරටත් වඩා භයානක විදුලි අර්බුදයක් ඇති වීමේ අවධානමක් තියෙනවා. වර්තමාන ආණ්ඩුවේ නායකයන්ට කියන්නේ උද්දච්චව කටයුත්තු කරන්නේ නැතුව විෂය ගැන දන්න අයගේ උපදෙස්වලට ඇහුන්කම් දීලා දැන් ඉඳලාම වැඩපිළිවෙලක් හදන්න.”

    ප්‍රශ්නය – ලබන වසරේ විදුලි කප්පාදුව කොතරම් සිදුවේ යැයි ඔබතුමා සිතනවා ද?

    “නිසි සැලසුමක් සහිතව වැඩ නොකළොත් ලබන වසරේ මාර්තු වන විට මේ වසරේ වගේම පැය 12ක 14ක විදුලි කප්පාදුවකට යෑමේ අවදානමක් තියනවා.”

    ප්‍රශ්නය – විදුලිබිල වැඩිකිරීම සම්බන්ධයෙන් ඔබතුමා මොකද හිතන්නේ ?

    “ඇත්තටම විදුලිබිල වැඩි කරන්න සිද්ධවෙලා තියෙන්නේ ආණ්ඩුවට විදුලි ජනනය සම්බන්ධයෙන් සැලසුමක් නොමැති නිසා. ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළ යද්දී වැඩි වැඩියෙන් තෙල් මත රැඳෙමින් විදුලිය නිෂ්පාදනය කිරීමේදී විදුලිබිල වැඩි වෙනවා. අද තෙල්වලට ගෙවන ගාණෙන් 50%ක් සූර්ය පැනල භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ලබාදුන්නා නම්, ඒ වගේම තමන් සල්ලි හොයාගෙන සුර්ය පැනල සවි කරපු අයගෙන් තෙල්වල මිලෙන් සියයට 50 %ක මිලටවත් විදුලි ඒකකයක් මිලට ගත්තානම් ඒක ආණ්ඩුවටත් වාසී, ජනතාවටත් වාසී. වසර ගණනාවක් මේවා අපි කට කැඩෙනකම් කියනවා. නමුත් අවාසනාවකට සිද්ධ කරන්නේ නැහැ. මොකද මෙතන තියනවා මාෆියාවක්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අස්වැන්න නෙළන ගොවීන්ට සුබ පණිවුඩයක් – වී මිල මෙන්න

    July 2, 2025

    යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

    July 2, 2025

    කහවත්තේ තරුණයෙකු ඝාතනය ගැන තවත් තොරතුරු

    July 2, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,303 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,935 Views
    Don't Miss

    අස්වැන්න නෙළන ගොවීන්ට සුබ පණිවුඩයක් – වී මිල මෙන්න

    July 2, 20250113 Views

    යල කන්නයේ අස්වැන්න නෙළීම මේ වනවිට ආරම්භ කර ඇති අතර ඒ අනුව හෙට (03) සිට…

    යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

    July 2, 2025

    ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද

    July 2, 2025

    කහවත්තේ තරුණයෙකු ඝාතනය ගැන තවත් තොරතුරු

    July 2, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.