Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රීලංකන් අක්‍රමිකතා සොයන ජනපති කමිටුව මහජන පැමිණිලි කැඳවයි

    August 21, 2025

    ඩයනා ගමගේට වරෙන්තු

    August 21, 2025

    හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 3ක්

    August 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සුදුමැස්සා පාලනයට හමුදාව හෙලිකොප්ටර් යොදවන්න
    Featured

    සුදුමැස්සා පාලනයට හමුදාව හෙලිකොප්ටර් යොදවන්න

    By LFNNovember 30, 2022No Comments2 Mins Read222 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොල් වගාව තුළ සුදු මැස්සා තදින්ම පැතිර යන හෙයින් හමුදාව සහ හෙලිකොප්ටර් යොදවා කඩිනමින් පාලනය කිරීමට කටයුතු කරන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (30) ඉල්ලීමක් කළේය.

    “මේක සංග්‍රාමයක් විදිහට සලකන්න. නැතිනම් පොල්වගාව නැති වේවි” යැයිද ඔහු සඳහන් කළේය.

    අනුර ප්‍රියදර්ශන යාපා මහතා:

    පොල් වගාවේ සුදු මැස්සාගේ බලපෑම තදින්ම සිදුවෙනවා තවමත් ඒ සඳහා විසඳුමක් ලැබිලා නැහැ . මේ සඳහා ක්‍රමවේදයක් නිර්මාණය කරන්න. මේක සීඝ්‍රයෙන් පැතිරෙනවා. විශාල ප්‍රදේශයකට ස්ප්‍රේ කරන්න වෙන නිසා හමුදාව හරි දාලා කරන්න. මේක සංග්‍රාමයක් විදිහට සලකන්න. නැතිනම් පොල් වගාව නැති වෙනවා.

    වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා:

    ඒකට දුමායනය කිරීමක් හෝ ස්ප්‍රේ කිරීමක් කරන්න අවශ්‍යයි. අමාරු වැඩක්. පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතනය සමග මැෂින් දෙසීයක් දැනටමත් සපයා තියෙනවා. රැප්ටාරා කියන කෘමි නාශකය භාවිතා කරන්න පුළුවන්. කොහොඹ තෙල් සබන් මිශ්‍රණය පාවිච්චි කරන්නත් පුළුවන්. අපිට පුළුවන් ඒක නැති කරන්න උදව් කරන්න.

    රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා:

    ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහත්තයා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සිටියදී ඔය වගේ රෝගයක් ආවා. ඒ කාලේ යම්කිසි තෙල් මිශ්‍රණයක් හෙලිකොප්ටර්වලින් ගැහුවා. ඒ වගේ වැඩපිළිවෙලකට යන්න වේවි.

    වැවිලි කර්මාන්ත ඇමති:

    සුදුමැස්සා ඉන්නේ පොල් අත්තේ යට පැත්තේ. උඩින් ස්ප්‍රේ කරන්න බැහැ.

    රමේෂ් පතිරණ මහතා:

    ඒ ගැන අවධානය යොමු කරනවා

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රීලංකන් අක්‍රමිකතා සොයන ජනපති කමිටුව මහජන පැමිණිලි කැඳවයි

    August 21, 2025

    ඩයනා ගමගේට වරෙන්තු

    August 21, 2025

    හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 3ක්

    August 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,345 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,272 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    ශ්‍රීලංකන් අක්‍රමිකතා සොයන ජනපති කමිටුව මහජන පැමිණිලි කැඳවයි

    August 21, 20250110 Views

    ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමෙහි සහ ශ්‍රීලංකන් ගුවන් සමාගමෙහි පසුගිය කාලයේදි…

    ඩයනා ගමගේට වරෙන්තු

    August 21, 2025

    හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 3ක්

    August 21, 2025

    කාදිනල් හිමියන් සහ කතෝලික රදගුරු සම්මේලනය ජනපති හමුවෙයි

    August 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.