Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මිනිස් පරිභෝජනයට නුසුදුසු මස් කිලෝ 12,000කට මුද්‍රා තැබේ

    December 8, 2025

    ජලාශවල ජල මට්ටම් ක්‍රමයෙන් පහළට

    December 8, 2025

    ”ආපදා හේතුවෙන් මානසික පීඩනයට ලක්ව ඇත්නම් ‘1926’ අමතන්න”

    December 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»සාමකාමී විරෝධතාකරුවන්ට ඇමෙරිකාවේ සහාය
    International

    සාමකාමී විරෝධතාකරුවන්ට ඇමෙරිකාවේ සහාය

    By LFNNovember 30, 2022No Comments2 Mins Read158 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොවිඩ් 19’ වයිරසය අඩපණ කිරීමට පැනැවූ සීමා සහ සෞඛ්‍ය නීතිරීතිවලට විරෝධය පළ කරමින්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ රජයට එරෙහිව පැවැත්වෙන විරෝධතා දිනෙන් දින උත්සන්න වෙයි.

    චීනය පුරා පැවැත්වෙන මෙම විරෝධතා මර්දනය කිරීමට චීන රජය පොලිසිය යොදවා ඇතැයි ද පැවැසෙයි. ඇමෙරිකාව පවසා ඇත්තේ සාමකාමී අයුරින් පවත්වන ඕනෑම විරෝධතාවකට තමන්ගේ සහාය හිමිවන බවය. විරෝධතාකරුවන් මර්දනයට චීන රජය දැඩි ක්‍රියා මාර්ග අනුගමනය කිරීම ඇමෙරිකාවේ විරෝධයට හේතුවක් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත.

    ෂැංග්හායි නුවර විරෝධතා වාර්තා කිරීමට ගොස් සිටි බිබීසී පුවත් සේවයේ මාධ්‍යවේදිනියක චීන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි. බීබීසී පුවත් සේවය පමණක් නොව, බ්‍රිතාන්‍ය රජය ද මේ සම්බන්ධයෙන් චීනයට අප්‍රසාදය පළ කර තිබේ.

    දෛනිකව චීනයෙන් ‘කොවිඩ් 19’ ආසාදිතයන් 40,000 බැගින් වාර්තා වෙයි. ‘කොවිඩ් 19’ වයිරය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. ඒ, 2019 වසර අවසානයේය. 2020 වසරේ මුල් මාස කීපයේ චීනය දරුණු ලෙස වයිරසයෙන් බැට කෑවේය. ඉන්පසු ‘කොවිඩ් 19’ ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත් විය.ආරම්භයේ පටන් චීන සෞඛ්‍ය අංශ නිර්දේශ අනුව, චීන රජය දැඩි නීති පනවමින් වයිරස ව්‍යාප්තිය පාලනය කරයි. ආසාදිතයකු හමුවුණු සැණින්, පළාත් සහ නගර මුළුමනින්ම ලොක්ඩවුන් කර සියලු ආසාදිතයන් හඳුනා ගැනීම සහ ඔවුන් වෙන් කිරීම සිදු කරයි.

    දින ගණනක් තිස්සේ සිදුවන ලොක්ඩවුන් කිරීම් චීන වැසියන්ගේ දෛනික කටයුතු අවුල් කිරීමට හේතුවක් වී ඇති අතර විරෝධතා පැවැත්වෙන්නේ ඒ නිසාය. මේ වනවිට ලෝකයේ සෙසු රටවල් ‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළත් චීනය පමණක් තවමත් දලදඩු සෞඛ්‍ය නිතී ක්‍රියාත්මක කිරීම චීන වැසියන්ගේ අප්‍රසාදයට හේතුවක් වී ඇත.

    ‘කොවිඩ්’ වයිරසය මර්දනය කිරීමට චීනය ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග කීපයක් නිපදවා ඇති නමුත් ඒ කිසිදු එන්නතක් සාර්ථක නැතැයි බටහිර රටවල් පවසයි. ‘කොවිඩ්’ වයිරසය මර්දනය කිරීමට සාර්ථක වී ඇත්තේ ‘එම්ආර්එන්ඒ’ තාක්ෂණයෙන් නිපදවන එන්නත් වර්ග පමණි.

    ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ යනු ‘එම්ආර්එන්ඒ’ එන්නත්ය. චීනයේ ‘සිනොවැක්’ එන්නතට වඩා සියයට 90 ක ආරක්ෂාවක් ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ එන්නත්වලින් ලැබෙන බව වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – 23ක් මරුට

    December 7, 2025

    ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනයේ 5ක් මරුට

    December 5, 2025

    ඉම්රාන් ඛාන් ඝාතනය කරලා ?

    November 27, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    මිනිස් පරිභෝජනයට නුසුදුසු මස් කිලෝ 12,000කට මුද්‍රා තැබේ

    December 8, 20250118 Views

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ සත්ත්ව ගොවිපොළක, ගංවතුර හා විදුලිය ඇණහිටීම නිසා මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වූ මස්…

    ජලාශවල ජල මට්ටම් ක්‍රමයෙන් පහළට

    December 8, 2025

    ”ආපදා හේතුවෙන් මානසික පීඩනයට ලක්ව ඇත්නම් ‘1926’ අමතන්න”

    December 8, 2025

    දියේ ගිලී තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    December 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.