විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගේ සහ ලාංකික සම්භවයක් සහිත විදේශ පුරවැසියන්ගේ උදව් රටට ලබා ගැනීම සඳහා සුවිශේෂී කාර්යාලයක් ලංකාවේ පිහිටුවන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපති කාර්යාලය සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවද බාලසූරිය මහතා සඳහන් කළේය.
ලක්ෂ 50ක් පමණ ලාංකිකයන් විදෙස් රට වල ජීවත් වෙන අතර ලංකාව ඔවුන්ගෙන් හරි ප්‍රයෝජනයක් ගන්නවදැයි සිතා බැලිය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.