මුහුණු පොත හරහා ගුරුවරියන්ට කියන අසභ්‍ය දේවල් ගැන තමා කම්පා වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙවැනි දේවල් මෙතනට ආවේ සමහරුන් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇද ගත්තු නිසා යැයි පැවසූ අමාත්‍යවරයා තමාට පුළුවන් නම් ඒ අපහාස සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන බවද ප්‍රකාශ කළේය.
ගුරුවර ගුරුවරියන් වෙනුවෙන් නිශ්චිත ආචාර ධර්ම පද්ධතියක් ඇති බවත් ඇඳුම ගැන එහි පැහැදිලිව සඳහන් වන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා කීවේය.
සාරිය අඳින්න අවශ්‍යයි කියලා එහි නොකියන බවද ඔහු සඳහන් කළේය.