විදුලිය පිළිබඳ පසුවිපරමේදී මහජන උපයෝගිතා කොමිසම සිය වගකීම නිසියාකාරව ඉටු නොකර කර ඇරි බවත් බොහෝ අය කොමිෂන් සභා අවශ්‍යයි පවසන මොහොතක මෙවැනි කොමිෂන් සභා රටට නොතිබුණා නම් හොඳ යැයි තමාට සිතෙන්නේ මේ නිසා බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.
මේ කොමිසමට පත් වෙන අයට විෂය ගැන අවබෝධයක් නැතිනම් අවුරුදු පහක් පත්වෙලා ඔවුන් කරන්නේ කුමක් දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.
විජේසේකර මහතා මෙසේ පැවසුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.