Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මත ගැටුම පුපුරයි
    Featured

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මත ගැටුම පුපුරයි

    By LFNNovember 25, 2022No Comments3 Mins Read320 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තමන් ආණ්ඩුවට සහාය පළකළ ද කිසිදා පක්ෂය අත්හැර නොයන බව ආණ්ඩුවට සහාය පළකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පවසයි.

    ඊයේ (24) කොළඹදී කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම නියෝජිතයින් මේ බව සඳහන් කළා.

    ආණ්ඩුවට සහාය පළකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජන කරන මන්ත්‍රිවරුන් 08 දෙනෙකු කොළඹදී එම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීය.

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා – “මේ පිරිස නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් තියෙනවද? පක්ෂයට රිංගපු අවස්ථාවාදීන් පක්ෂය පාවා දුන්නා. පක්ෂ මාරු කළ අය අද අපිට චෝදනා කරනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ගැන. මුල්ම අදහස නිදහස් පක්ෂයෙන්. ඇමතිකම් ගත්ත නිසා සාමාජිකත්වය තහනම් කළාලු. තවම දැනුම්දීලා නැහැ ඒ ගැන. ගහලා එළෙව්වත් අපි පක්ෂය දාලා යන්නේ නැහැ”

    රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර – “හිටං හුටං කිව්වේ දයාසිරි. එහෙම කියපු අය ලේකම් කරලා පක්ෂය විනාශ කළා. පක්ෂයේ සභාපති ඇමතිකම් ගැන ඇහුවේ දයාසිරිලා, ශාන්ලා සාකච්ඡාවට ගියේ. මහවැලි ඇමතිකම බලාපොරොත්තු වුණා. ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති යටතේ තියාගත්තා. මහවැලියේ වැලි කපන්නද දන්නේ නැහැ. තවත් කෙනෙක් ක්‍රීඩා අමාත්‍යංශය ඉල්ලුවා. නොලැබුණු නිසා දැන් හිතේ අමාරුවෙන් ඉන්නේ. මේ අයගේ පැටිකිරියේ ඉතුරු ටික හෙට කියනවා.”

    දුමින්ද දිසානායක – “දින 52 ආණ්ඩුවේ අපි කවුරුත් දන්නේ නැතිව.. මහින්ද මහත්තයා අගමැති කළා. එදා මහින්ද මහත්තයා හොඳයි. අපිටත් පක්ෂය ඇතුළේ තිබෙන අර්බුදය තමා අවුල.”

    ප්‍රශ්න – “ඔබතුමා වගකීමෙන් කියනවද, ඔබතුමා ආණ්ඩුවට එකතුවෙන්න හදන්නේ ඇමති ධුරයක් ගන්න නොවෙයි කියලා ?”

    “වගකීමක් භාර දුන්නොත් මම ඒක ඉටු කරනවා. 225ටම වගකීම් භාරදෙන්න”

    ප්‍රශ්න – “ඔබතුමන්ලාගේ ඒකායන බලාපොරොත්තුව චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය එක්ක කටයුතු කිරීමද ?”

    “පැහැදිලිව නැහැ. අවශ්‍ය හරි දේ සිදු කිරීම මිස නායකයින් පසුපස යාම නොවෙයි.”

    රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, “පළමු 11 දෙනාගේ කණ්ඩායමනේ මේ ඉන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ”

    ප්‍රශ්න – “දැන් මේ ටීම් එක දාලා ගස්සන්න පුළුවන්ද ?”

    “පුළුවන්.. පුළුවන් මොනවද කියන්නේ, හොඳ බැට්ස්මන්ලා ඉන්නවා, බෝලර්ස්ලා ඉන්නවා.”

    රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, “ඔය දෙන්නට පුළුවන්නම් කියන්නකෝ කුරුණෑගල එක ප්‍රාදේශීය සභාවක් දිනලා පෙන්වන්න කියලා, ටැංකිවල ඉන්නවා ටැංකි සුද්ධකරන මාළුවෙක්. ටැංකි සුදා කියලා කියන්නේ, ඒ වගේම තමයි ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ සුදා සුද්ධ කරනවා. ACCOUNT එකත් එක්කම. ඒ ඔක්කොම සුද්ධ කරලා ටැංකි සුදා පක්ෂයත් සුද්ධ කරලා ඉවර කරන්න තමයි දැන් හදන්නේ. නයා මැරුණම අහිකුණ්ඨකයාට සෙනඟ එන්නේ නෑනේ, නයා නටවනකොටනේ සෙනඟ එන්නේ, මෙතන නයි ටික ඉන්නවා අහිකුණ්ඨකයෝ එතන ඉන්නවා.”

    චෝදනා සම්බන්ධයෙන් එම පක්ෂයේ සභාපති සහ මහලේකම් ප්‍රතිචාර දැක්විය.

    දයාසිරි ජයසේකර – “ජ්‍යෙෂ්ඨ කියලා පක්ෂය තීන්දුවක් ගත්තම තමන්ට අවශ්‍ය විදිහට කටයුතු කරනවානම් පක්ෂයක් අවශ්‍ය නෑනේ. අපි ඉන්න තැන කකුල් දෙක කෙළින් තියාගෙන ඉන්නේ. මම පක්ෂේ දාලා ගියේ චන්ද්‍රිකා මැතිනියගේ කෙනෙහිලිකම් නිසා. එහේ ඉඳන් මෙහේ කකුල් තියාගෙන හිටියේ නැහැ.
    අපේ අය නමින් ශ්‍රී ලංකා, ඉන්නේ රනිල් එක්ක. පක්ෂ කඩලා විනාශ කරපු නායිකාවන්. අපිට චෝදනා කරනවා 7,8 පාරක් පැනපු කෙනෙක් කියලා.”

    ප්‍රශ්න – “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජනාධිපතිතුමිය කියනවා එතුමිය දන්නෙත් නෑ කියලා ඉවත්කරනකන් ?”

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා,

    “බණ්ඩාරනායක මැතිතුමාගේ දියණිය නිසා අපි විනය ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. අපිව දාලා ගිය අය එතුමියට නායකත්වය ගන්න කිව්වම ඒ සාකච්ඡාවේ කරුණු අපිට හෙළිවුණා. ඒ නිසා තීන්දුවක් ගත්තා.”

    ප්‍රශ්න – “පක්ෂය ගොඩනගන්න එකතුවෙන්න කියනවා, එතකොට කවුද පක්ෂය ගොඩනගන්නේ නැත්තේ ?”

    “ඒ ගිය අය තමයි.”

    ප්‍රශ්න – “පොහොට්ටුවට වෙන්දේසි කරන්න යනවා කියනවා ?”

    “නින්දෙන් ඇහැරුණාම පේන දේවල්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.