Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»දිවයිනම ආවරනය වන පරිදි මත්ද්‍රව්‍ය නාශක අංශ
    Local News

    දිවයිනම ආවරනය වන පරිදි මත්ද්‍රව්‍ය නාශක අංශ

    By LFNNovember 23, 2022No Comments2 Mins Read148 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලංකාවේ දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින 26000කට අධික පිරිසකගෙන් 80% ක් මත්ද්‍රව්‍ය වැරදි හේතුවෙන් බන්ධනාගාරගත වූවන් බවත් සෙසු 20% බොහෝ විට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමට හේතුකොට ගෙන කිසියම් අපරාදයකට යොමු වුවන් බව ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවැසීය.

    මෙම තත්වය වෙනස් කිරීම සඳහා බන්ධනාගාර අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වලක්වාලීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු බව සඳහන් කරමින් ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

    අයිස් මත්ද්‍රව්‍ය දැන් පාසල් වලට පවා පැතිරිලා යනවා. මේවාට අදාල නීති පද්ධතිය අපි පසුගිය සතියෙ වෙනස් කලා. ඒ අනුව ග්‍රෑම් 05කට වඩා ලඟතබා ගත්තොත් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබා දිය හැකියි. අපේ ගැහැණු දරුවන් පවා මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. අයිස් භාවිතා කලාම තමන්ගේ ආයුකාලය අඩුවෙන බව පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. යුද්ධයෙන් වුණු හානියට වඩා වැඩි හානියක් මේ මත්ද්‍රව්‍ය වලින් සිදු වෙනවා. මේ තත්වය වෙනස් කරන්න ජනමාධ්‍යයටත් විශේෂ කාර්යය භාරයක් තිබෙනවා.

    “පොලීසිය අල්ලන හෙරොයින් අයිස් වගේ මත්ද්‍රව්‍ය කිලෝ ගණන් නඩු භාණ්ඩ වශයෙන් තැන්පත් කෙරෙනවා. කාලයකට පසු උසාවියට ඉදිරිපත් කරන කොට ඒවා පැනඩොල් කුඩු හරි පාන්පිටි හරි වෙනවා. ඒ කියන්නේ එම අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය යලි සමාජ ගත වෙනවා කියන එක. මේ සඳහා රජයේ නිලධාරීන් වගේම පොලීසියත් එකතු වෙලා මේ වැරදි කරලා තියෙනවා. සමහර අය සම්බන්ධයෙන් නීතිමය පියවර අරගෙනත් තියෙනවා.

    මේ තත්වය වෙනස් කිරීම සඳහා විශාල වශයෙන් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය වලින් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය සුලු ග්රූම් ප්‍රමාණයක් තියාගෙන ඉතිරිය උසාවි නියෝගයක් අනුව විනාශ කිරීමට අවශ්‍ය නීතිමය අවකාශය නව නීති මගින් ඇති වෙනවා. මෙම ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ලෙස ජනාධිපති ලේකම්වරයාව පත්කර තිබෙනවා. නව නීතිය අනුව පළාත් නවයම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නාශක අංශ පිහිටුවන්න පියවර ගන්නවා”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.