Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

    August 20, 2025

    රාජිතගේ දේපළ තහනමට අල්ලස් කොමිසම සැරසෙයි

    August 20, 2025

    යාපනයේ ළිඳකින් පතරොම් 1,393ක් සොයා ගනී

    August 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ඩේවිඩ් වෝනර් හා ට්‍රැවිස් හීඩ් ලෝක වාර්තාවක් සමකරති
    Sport

    ඩේවිඩ් වෝනර් හා ට්‍රැවිස් හීඩ් ලෝක වාර්තාවක් සමකරති

    By LFNNovember 23, 2022No Comments1 Min Read143 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්දින ලකුණු දහසේ සීමාවට වේගයෙන්ම ලඟාවූ ලකුණු සබඳතාවේ වාර්තාව සමකිරීමට ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් හා ට්‍රැවිස් හීඩ් සමත්විය.

    ඒ එංගලන්තය සමගින් පැවති තෙවැනි හා අවසන් එක්දින තරගයේදීය. මෙහිදී වෝනර් හා හීඩ් පළමු කඩුල්ලට ලකුනු 269 ක දැවැන්ත සබඳතාවක් පැවැත්වූහ.

    ඒ සමගින් ඔවුන් දෙදෙනා එක්දින ලකුණු දහසේ සබඳතාවට පැමිණියේ ඉනිම් 13 ක් පමණක් වැය කරමිනි.

    මීට පෙර ඉනිම් 13 කදී ලකුනු දහසේ සබඳතාවට පැමිණ තිබුනේ නවසීලන්තයේ රොජර් තෝස් හා නේදන් ඇස්ලේ යන යුගලය පමණි.

    ඊට අමතරව අඩුම ඉනිම් ගණනකින් මෙම සීමාවට පැමිණි අනෙකුත් පිතිකරුවන් ලෙස එංගලන්තයේ ජේසන් රෝයි හා ජෝ රූට් (ඉනිම් 14), ඉන්දියාවේ එම්.එස්. දෝනි හා ගෞතම් ගම්භීර් (ඉනිම් 14) මෙන්ම රෝහිත් ෂර්මා හා ලෝකේෂ් රාහුල් (ඉනිම් 14) ඉදිරියෙන් පසුවූහ.

    මෙය වෝනර් – හීඩ් යුවලගේ එක්දින පිටියේදී ලකුනු 250 සීමාව ඉක්මවූ දෙවැනි සබඳතාව විය. මීට පෙර 2017 වර්ෂයේදී ඇඩිලේඩ් හිදී පකිස්ථානයට එරෙහිව ඔවුන් දෙදෙනා ලකුනු 284 ක සබඳතාවක් පවත්වා ඇත. එක්දින පිටියේ මොවුන් දෙදෙනාට පෙර එම දස්කම දක්වා ඇත්තේ ඉන්දීය කණ්ඩායමේ සචින් තෙන්ඩුල්කාර් හා සෞරව් ගංගුලි යන යුගලය පමණි. ඔවුන් දෙදෙනා 1998 වර්ෂයේ කොළඹදී ශ්‍රී ලංකාවට එරෙහිවද (252), 2001 වර්ෂයේදී පාල් හිදී කෙන්යාවට එරෙහිවද (258) මෙවැනි දස්කමක් දක්වා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ලොව වයස්ගතම මැරතන් ධාවකයා දිවියට සමුදෙයි

    July 15, 2025

    ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයි

    July 13, 2025

    ජුනි මාසයේ ක්‍රීඩකයින්ගේ නම් අතරට පැතුම් නිස්සංකත්

    July 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,345 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,272 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

    August 20, 20250140 Views

    හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (20) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.…

    රාජිතගේ දේපළ තහනමට අල්ලස් කොමිසම සැරසෙයි

    August 20, 2025

    යාපනයේ ළිඳකින් පතරොම් 1,393ක් සොයා ගනී

    August 20, 2025

    ජනපති තැපෑල ගැන කතා කරයි

    August 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.