Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ඩේවිඩ් වෝනර් හා ට්‍රැවිස් හීඩ් ලෝක වාර්තාවක් සමකරති
    Sport

    ඩේවිඩ් වෝනර් හා ට්‍රැවිස් හීඩ් ලෝක වාර්තාවක් සමකරති

    By LFNNovember 23, 2022No Comments1 Min Read146 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්දින ලකුණු දහසේ සීමාවට වේගයෙන්ම ලඟාවූ ලකුණු සබඳතාවේ වාර්තාව සමකිරීමට ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් හා ට්‍රැවිස් හීඩ් සමත්විය.

    ඒ එංගලන්තය සමගින් පැවති තෙවැනි හා අවසන් එක්දින තරගයේදීය. මෙහිදී වෝනර් හා හීඩ් පළමු කඩුල්ලට ලකුනු 269 ක දැවැන්ත සබඳතාවක් පැවැත්වූහ.

    ඒ සමගින් ඔවුන් දෙදෙනා එක්දින ලකුණු දහසේ සබඳතාවට පැමිණියේ ඉනිම් 13 ක් පමණක් වැය කරමිනි.

    මීට පෙර ඉනිම් 13 කදී ලකුනු දහසේ සබඳතාවට පැමිණ තිබුනේ නවසීලන්තයේ රොජර් තෝස් හා නේදන් ඇස්ලේ යන යුගලය පමණි.

    ඊට අමතරව අඩුම ඉනිම් ගණනකින් මෙම සීමාවට පැමිණි අනෙකුත් පිතිකරුවන් ලෙස එංගලන්තයේ ජේසන් රෝයි හා ජෝ රූට් (ඉනිම් 14), ඉන්දියාවේ එම්.එස්. දෝනි හා ගෞතම් ගම්භීර් (ඉනිම් 14) මෙන්ම රෝහිත් ෂර්මා හා ලෝකේෂ් රාහුල් (ඉනිම් 14) ඉදිරියෙන් පසුවූහ.

    මෙය වෝනර් – හීඩ් යුවලගේ එක්දින පිටියේදී ලකුනු 250 සීමාව ඉක්මවූ දෙවැනි සබඳතාව විය. මීට පෙර 2017 වර්ෂයේදී ඇඩිලේඩ් හිදී පකිස්ථානයට එරෙහිව ඔවුන් දෙදෙනා ලකුනු 284 ක සබඳතාවක් පවත්වා ඇත. එක්දින පිටියේ මොවුන් දෙදෙනාට පෙර එම දස්කම දක්වා ඇත්තේ ඉන්දීය කණ්ඩායමේ සචින් තෙන්ඩුල්කාර් හා සෞරව් ගංගුලි යන යුගලය පමණි. ඔවුන් දෙදෙනා 1998 වර්ෂයේ කොළඹදී ශ්‍රී ලංකාවට එරෙහිවද (252), 2001 වර්ෂයේදී පාල් හිදී කෙන්යාවට එරෙහිවද (258) මෙවැනි දස්කමක් දක්වා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.